අහස, තරු, ග්‍රහලෝක අතර තිබෙන දේවල් මොනවාද? මේක
අපිට හැමදාම ගැටළුවක් වුනා. ඒත් පුංචි කාලේ තරු රටා, වල්ගා තරු, හඳ අපි බොහෝම
ආසාවෙන් බලපු දේවල්. අපි බොහෝම ආසාවෙන් හිටියා ඒවා බලන්න. ඒ විතරක් නෙවේ නිවි නිවි
පත්තුවෙන තරු, ඇවිදින තරු බලන්න අපි මෙනෙ තරම් ආස කලාද? මේ දේවල් මොනවාද කියල
කියලා දෙන්න පහ වසරේ ශිෂ්‍යත්වය විශය නිර්දේශයේ අහස ගැන පාඩමක් ඇතුලත් කරලා
තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේ විශය කරුනු ඉගැන්වීම සඳහා අපි වැඩසටහනක් යෝජනා
කරලා ක්‍රියාවට නංවන්න කටයුතු කලා. ඒ “අපූරු අහස
වැඩසටහන” මගින්. ඒකෙදී අපි දරුවන්ව හැමදාම කොටුවෙලා ඉන්න
පුංචි පන්ති කාමර වලින් අරන් එලිමහනක තමයි වැඩසටහන කරන්න කටයුතු සකස් කලේ. සතුට
විනෝදය එක්ක ගෙවුන ඒ වැඩසටහන නම් ඇත්තෙන්ම අපූරු වැඩසටහනක්.
2013 පූනි මාසෙ 27 වැනිදා සවස 3.30ට අපි අම්පාර
පාදාගොඩ විද්‍යාලයයට එක්රැස් වුනේ මේ අපූරු වැඩසටහන කරගෙන යන්න හිතාගෙන. ඒ අම්පාර වැව්සිරිගම විද්‍යාලයයේ ගුරුවරයෙකු වන
ඩී. එම්. සෙනෙවිරත්න මහත්මාගේ මෙහෙයවීම යටතේ වැව්සිරිගම, පාදාගොඩ හා දේවාලහිඳ යන
පාසල් වල 5 ශ්‍රේණියේ ලමුන් එක්රැස් කරගනිමින්. මේ සඳහා විශේෂ ආරාධනාවකින් තාරකා
විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ගෙන්වා ගැනීමට හැකිවීම අප ලද විශාල භාග්‍යයක්
වුනා. එතුමා වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීමත්, අපට දුරේක්‍ෂ හා තාක්‍ෂණික සහාය
ලබා දුන්න ආධුනික තාරකා විද්‍යාඥ අම්පාර පොලීසියේ කොස්තාපල් අනුර බන්ඩාර මහත්මාගේ
දැනහැඳුනුම් කම යන කරුණු නිසාවෙන් අප සමඟ බොහෝම කැමැත්තෙන් එකතු වුනා. මෙහිදී අනුර
බණ්ඩාර මහත්මා කල සේවය ඉතා අගය කල යුතු වෙනවා.
මේ වැඩසටහන අතරතුර තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා
මහත්මයා දුරකථනය මගින් සම්බන්ධව කුඩා දරුවන්හට වටිනා ඔවදන් පෙලක් දෙන්නට තරම්
කාරුණික වුනා. එතුමාගේ වැඩ රාජකාරි අතර මෙවන් කැපකිරීමක් දරුවන් වෙනුවෙන් කිරීම
ඉතා අගය කොට සැලකිය යුතුය. මේ වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස වුන එක නම් අප දුට සත්‍යයක්.
ඒ සිසුන්ගේ තිබුනාවූ උනන්දුව නිසාවෙන්. කුඩා ලමුනගේ මනසේ රඟදෙන්නාවූ ගැටළු ඉතා
යුහුසුළුව ඉදිරිපත් කිරීම අපට දකින්නට ලැබුනා. ඒ අප කුඩා කල සිතූ දේවල් වාගේමයැයි
සිතෙද්දී අපිත් මඳකට කුඩාවියට යන්නට වුනා. මේ මගේ මනසේ රැව්දුන් අප සිසුන් ඇසූ ප්‍රශ්ණ
වලින් කීපයක්.
* පෘථිවිය බිම වැටෙන්නේ නැත්තේ ඇයි?
* හඳේ වලවල් හැදෙන්නේ කොහොමද?
* සෙනසුරුගේ වලල්ලේ තියෙන්නේ මොනවාද?
* ග්‍රහලෝක විවිධ පාට ඇයි?
* වල්ගා තරු කියන්නේ මොනවාද? හැදෙන්නේ කොහොමද?
* චන්ද්‍රිකා වල පාලනය තියෙන්නේ කොහොමද?
* සූර්යයාට එලිය එන්නේ කොහොමද?
තවත් මේ වගේම ගැටළු රාශියක් කුඩා ලමුන්ගෙන්
ඇසෙද්දී අපට ඒ දේවල් වලට උත්තර දෙනවා එක්කම කාල වේලාව එක්කත් තරඟ කරන්නට සිදුවුනා.
ඒ විතරක්ම නෙවෙයි ලමුන්ගේ කුසලතා කැටිකරගනිමින් වැඩසටහන ඉදිරියට ගෙනයද්දී වෘශ්චික
තරු රටාව, සිකුරු ග්‍රහයා, සඳේ ආවාට වැනි දෑ අප දුරේක්‍ෂ මගින් නරඹන්නට හැකිවුනා.
නමුත් රාත්‍රී 10.30 පමණ වෙද්දී අධික වලාකුළු ස්වභාවයක් අහසේ තිබූ නිසා අඳුරු
අහසක් දක්නට ලැබුනත් වැඩසටහන හා සම්බන්ධ වුන 90% කට අධික පිරිසක් ඒ වෙද්දිත් අහස
නිරීක්‍ෂණය කර අවසන් වී තිබීම අපගේ සතුටට හේතුවුනා.
අධ්‍යාපනය පන්ති කාමර වලට සීමා නොකර එලිමහනේ ප්‍රායෝගික
ලෙස ක්‍රියාත්මක කරවීම ඉතා සාර්ථක ක්‍රමයක් බැව් පෙන්වාදීමට මෙම අපූරු අහස වැඩසටහන
කදිම උදාහරනයක් වුනා. සඳ, තරු හා අහස අතර තනිවුන අප නිකන්ම නිකන් උඩ බලන් ඉන්නේ
නැතිව රාත්‍රී අහස අධ්‍යයනය කිරීමත් ඉතා ආකර්ශණීය මාතෘකාවක් බව මටනම් හොඳින්ම
තේරුම් ගිය කරුණක් වුනා. පරිඝනක ක්‍රියා කරවීම හා තොරතුරු එක්රැස් කර ලබාදීම සඳහා
මාව මේ වැඩසටහන වෙත සම්බන්ධ කරගැනීම සම්බන්ධව මමත් අනුර බණ්ඩාර මහත්මයාට මේ
වෙලාවෙදී ස්තූතිවන්ත වෙන්න ඕන. කොහොම වුනත් අප විශ්ව විද්‍යාලයේත් මෙවන් තාරකා
නිරීක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමේ අදහස පෙර දැරිව අප එතැනින් පිටවුනා.
කොහොම වුනත් අවසානයේ අපි විශේෂයෙන් තාරකා විද්‍යාඥ
දයාසිරි පෙරේරා මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ විතරක්ම නෙවෙයි දුරේක්‍ෂ හා උපකරණ
සපයපු අනුර බණ්ඩාර මහත්මාටත් අපි විශේෂ ස්තූතියක් වෙන්න ඕන මේ සියල්ල සම්බන්ධ කරල
දුන්නාට. ඒ විතරක් නෙවෙයි ගුරු උපදේශක ඩී. එම් සිරිනන්ද මහත්මා, ඩී. එම්
සෙනෙවිරත්න ගුරු මහත්මා, කුලසිරි මනතුංග මහත්මා, එන් අයි සමරනායක මහත්මා, අදාල
පාසල්වල විදුහල්පතිවරුන්, දුරදක්න හැසිරවීමේ සහයක විදිහට ආව චමින්ද කේ ගනේගෙදර හා
දර්ශන තරංග සොයුරන්ටත් මේ වෙලාවේදීම ස්තූතිවන්ත වෙන්න ඕන.
අපේ කැමරා වල සටහන් වූ දර්ශන කීපයක්.....
අපේ කැමරා වල සටහන් වූ දර්ශන කීපයක්.....
Atthatama hoda adahasak..podi aya ahapu prashna kiywn kota ape hitheth prashna pela gahenw(ahasa gana) ayyage athdakim beda gannwat thanx.. :-)
ReplyDeleteබොහෝම ස්තූතියි මල්ලියා.....
DeleteThis comment has been removed by the author.
Delete