නුඹ ගැනම සිතමින්ම......!

කවි කරුවෙකු නම් නොවෙයි
කියන්නට කවි නුඹට...
එහෙත් ගෙතුවා පදවැලක්....
නුඹේ තතු කියන්නට....
මතකයිද ඒ දවස
හමුවුනා අප දෙදෙන
වදන් නොමැතිව වුවද
දොඩමළු වුනා අප
කෙලෙස අමතක වෙයිද
ලංව සිටි ඒ දවස
මා දෙතොල නුඹෙ දෙතොල
ලං වෙන්න වෙර දරපු

දමිල උත්සව - නවරාත්‍රී පූජා උත්සවය

මේ උත්සවය එනමින් හැඳින්වෙන්නේ රාත්‍රී නවයක් පුරා පවතින උත්සවයක් නිසාවෙන්. එය ප්‍රධාන වශයෙන් දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් දින තුනක්ද ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද සරස්වතී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද පැවැත්වෙනවා. හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් (ඔක්තෝම්බර් - සැප්තැම්බර්) කාලයේ තමා මේක පැවැත්වෙන්නේ. මේ කාලයන් තීරණය වෙලා තියෙන්නේ සඳු අනුව වන අතර ඒ පිළිබඳ දින වකවානු තිරුක්කානිත පංජාංගම් හා වාක්කිත පංජාංගම් නැමැති පොත්වල සඳහන් කරල කියෙන බවයි කියන්නේ.
මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා. තමා අවුරුද්දේ කරනුනට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දේ සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරනවා.

ලංකා ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද?

මේ මාතෘකාව තමයි අද ලංකාවේ විවිධ තැන්වලින් විවිධ මත පලකරන මාතෘකාව වෙලා තියෙන්නේ. මෙතැන ප්‍රධන වශයෙන් මත දෙකක් පවතිනවා. එකක් අපේ ඉතිහාසය ගැන කියවෙන මහාවංශය, ථූපවංශය වගේ කෘති වල සඳහන් වෙන විජය කුවේණි කතා වස්තූන් මුල්කරගත් ඉතිහාසය. අනෙක තමයි රමායණය සමඟ බැඳුනු ශ්‍රී රාවණ පුවත. (මම රාමායණය ගැන සඳහන් කලේ අපි කවුරුත් එය ගැන දන්න නිසාවෙන්. නමුත් රාමායණය සත්‍ය කතාව වසන් කල පුවතක් විතරයි.) තවත් ගැටළුවක් තමයි දැන් මේ රාවණ පුවත කියන්නේ මුදල් උපයන මාර්ගයක්. ඉතිහාසය සොයන්නන් එය පිළිබඳ ලැබෙන දෙයින් අල්පයක් සොයන්න කාලය වැය කරල ඉතිරිය පුරෝකථන මගින් සකසනවා. ඉන් පස්සේ ඒක විකුණන් කනවා. දැන් රාවණ පුවත කියන්නේ ප්‍රසිද්ධියේ අලෙවිවෙන වෙලඳ භාණ්ඩයක් පමණයි. ඒ නිසා මේ පිළිබඳ ජනතාවගේ ඇති උනන්දුවත්, ඉතිහාස ගවේශණයට ඇල්මක් තීබූවන්ට එය සිදු නොකර ගොදුර දුටු හයිනාවන් මෙන් වෙලෙන්දන් පෙන්වන දේවල් වලම නැවතී සීටීමටත් සිදුවෙලා තියෙනවා.


 













මගේ ගමන් බිමන් විසි එක්වන කොටස - ඓතිහාසික කදුරුගොඩ විහාරය

මේ තියෙන්නේ තවත් අම්පාර ප්‍රදේශයේ තියෙන අප්‍රකට විහාරයක් වුනත් ඒක අපේ හෙළ ඉතිහාසය කියාපාන තැනක්. කලින් ලිපි වල සඳහන් වුන විදිහටම මේකත් සිටියාවූ ප්‍රාදේශිය රජු වන සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක්. මෙහි අතීතය ගැන විශාල විස්තරයක් නැතත් එහි ඇති ස්ථාන වල සුවිශේෂත්වය නම් කතා කල යුතුමයි. අප කලින් දැනගත් පබ්බත ගිරයේ අනෙක් පැන්ත වන මෙය නාමල් ඔය (කුඩා කණ්ඩිය වැව) ආසන්නයේ ඇති විහාරයක්. අම්පාර ඉඟිනියාගල මාර්ගයේ පැමිණ බිබිල මාර්ගයට පිවිස ටික දුරක් ආ පසු මෙම ස්ථානයට ලඟා වෙන්න පුළුවන්. කදුරුගොඩ නමින් ලංකාවේ විවිධ තැන්වල විහාර පිලිබඳ අහන්න පුළුවන්. මේ එකක් ගැන විතරයි.

අපි ගැන බලන්නේ කවුද?

මේක නම් අද කතාවෙන වැදගත්ම මාතෘකාවක්. ඒ අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය. මුලින්ම කියන්න ඕන මේ දොගොල්ල කඹ ඇදල ඉවර වෙද්දී විනාශ වෙන්නේ අපේ ජීවිත විතරයි. ආචාර්යවරු අරගලය ඉවර වුනාම නොගත්ත ඒවත් එක්ක පඩි ගනීවි. ඇමතිවරු ටික කිසිවක් නොවුන ගානට වැඩේ ෂේප් කරල ඊලග ඡන්දෙට ලෑස්ති වේවි. ඒත් අපි? ශිෂ්‍යයෝ? එයාලට මොකද වෙන්නේ?
 










දැනට මාස තුනකට ආසන්න මේ අරගලය නිසා විශාල පිරිසක් ගෙවල්වලට වෙලා කාලය කා දමනවා. මතක තියා ගන්න මේ අපේ හොඳම මොළටික. අපේ රටට දෙයක් කරන්න තියෙන මොල ටික. ඒවා නිකන් අපතේ යනවා. අපිට වෙන දෙයක් ඉගෙන ගන්නවත් රැකියාවක් සඳහා යන්නවත් බැරි තත්ත්වයක තියල ඔයාල මේ කරන දේ වලින් කී දෙනෙක්ගේ ජීවිත අඳුරු වෙනවද කියල හිතල බලන්න.