ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්........!

 ලිපිය දාන්න ටිකක් විතර පරක්කු වුනා. ඒකට හේතුව 12 වෙනිදා මම හදිසි අනතුරකට ලක්වෙච්චි එක. බයිසිකලයෙන් යද්දි බල්ලෙක් හැපුණා. ඒකෙදි වෙච්චි තුවාල නිසා තාමත් අපහසුයි. ඒත් මොනදේ වෙන්නත් ලිපිය දාන්න හිතුවා. කොහොම වුනත් මෙන්න කතාව.

ආදරවන්තයින්ගේ දිනය කියන්නේ මොකක්ද කියල කිව්වොත් ඒ වැලෙන්ටයින් කියන ආදරවන්තයින් වෙනුවෙන් ගොඩක් දේ කල පුද්ගලයෙක්ගේ මරණය වුන දිනය සනිටුහන් කල දිනය. ඒත් අද ගොඩක් දෙනා ඒ දිනය සතුටුදායක දිනයක් විදිහට සලකනවා. මොනදේ වුනත් එදා තමා ආදරවන්තයින් වෙනුවෙන් ලෝකයේ සියළු දෙනා සහයෝගය දක්වන දවසක්. මොනා වුනත් ආදරවන්තයින්/ ආදරවන්තියන් කීපදෙනෙක් ඉන්න පුද්ගලයන්ට නම් සමරන්න ටිකක් අමාරුයි. මොකද වියදම වැඩියිනේ. :)

මට පෙබරවාරි 14 වෙනිදා අහන්න ලැබුණු කතාවක් තමා පොලිස් සේවයේ යෙදෙන්නෙක් එකවර දෙදෙනෙකුට පෙම් කර එය දෙදෙනාටම හෙලි වෙච්ච වෙලාවේ සියදිවි හානිකරගැනීමට තැත් කල අවස්ථාවක්. ඒත් මේ ගැන අහන අය හිතන්නේ සිරා ලව් එකක් කරල ඒකට කෙලවෙලා තමා මෙහෙම වෙලා තියෙන්නේ කියල. ඒත් ඒකට දෙකක් කරන්න පුළුවන් ඒ දෙක මැනේජ් කරගන්න තමා බැරි කියල. මේ වාගේ දේවල් ගොඩක් මේ කාලයේ සිද්ධ වෙලා තියෙනවා.

ඇත්තටම ආදරය කියන දේට හරියටම නිර්වචන නම් නැහැ. ඒත් ඒ දේ ජීවිතයේ දැනෙන හොඳම හැඟීමක් කියන එකනම් විශ්වාසයි. දැන් නම් ආදරය කියන වචනයේ තේරුම තේරුම් ගන්න බැරිතරම්ම විනාස වෙලා කියල නම් කවුරුත් දන්නවා. දැන් කරන දේ ඇත්තෙන්ම කරන්නේ රාගය හා කාමය මුල් කරගත් දෙයක්. තවත් දෙයක් තමා මේ විදිහට හැසිරෙන්න ගොඩක්ම උත්සාහ කරන්නේ කාන්තා පාර්ශවය වීම තවත් කණගාටුදායක තත්ත්වයක්. ආදරය ගැන මම දන්න දේ නම් අල්පයි කියල මම පිලිගන්න ඕන. ඒ නිසා ඒ ගැන වැඩි තොරතුරක් කියන එක නම් මට යෝග්‍ය වෙන්නේ නැහැ. ඒත් ඒ ගැන මම දරන ආකල්පය ගැන විතරක් මම කියන්නම්. ජීවිතයේ කවදාවත් රාගය, කාමය කියන දේ ආදරය කියල වටහා ගන්නේ නැතිව ඒ දෙක යම්තාක් දුරකට ආදරයේදී අවශ්‍ය වුනත් ඒ දේ සම්පූර්ණයෙන් ආදරය කියන එක නම් හිතන්න එපා.

අපි මොනාද ආදරය වෙනුවෙන් කරන්නේ කියන දේ ගොඩාක් වැදගත්. ඒ වාගේම ආදරය වෙනුවෙන් අපි කරන්නා වූ කැපකිරීම මත තමා ආදරය ගැන අනිත් අය තේරුම් ගැනීම් සිද්ධ වෙන්නේ. තවත් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමා ජීවත් වෙන්න ආදරය අත්‍යවශ්‍යමද කියන එක. ඇත්තෙන්ම නැහැ ඒත් ජීවිතයේදී දෙයක් කරන්න නැත්තම් ඉදිරියට යන්න බලාපොරොත්තු හා අරමුණු ඕන කරනවා. ඒ අරමුණු ඇතිවෙන්න නම් ආදරය කියන දේත් ඕන වෙනවා. ආදරය කරන්න, ජීවත් වෙන්න, සිනාවෙන්න (Love, Live, Laugh) කිය මේ දේවල් තුනෙන් පළවෙනි කරුණ සම්පූර්ණ වෙද්දී ඉතිරි දේවල් සම්පූර්ණ වීම ඉබේම සිද්ධ වෙනවා.

මොනදේ වුනත් මේ දේවල් ගැන ඔයාල දරන අදහසත් කොමෙන්ටුවක් හැටියට දාන්න.

මම හිතන විදිහට මරණයට යන්න නම්.....


මිනිසෙක් සතු ශරීරයන්,
භෞතික ශරීරය
සූක්‍ෂම ශරීරය
භාවාත්මක ශරීරය
මනෝමය ශරීරය
කාරක ශරීරය

මරණයෙන් පස්සේ මේ කියන භෞතික ශරීරය විතරයි මැරෙන්නේ. අනිත් ශරීරයන් එතකදු ජීවත් වෙනවා. මේ ජීවත් වෙන අනිත් ශරීර වලට තමා අපි භූතාත්ම කියල හඳුන්වන්නේ.

මේ කියන භෞතික ශරීරය තමා අපි මේ දකින්නේ මේ ශරීරයට මනෝමය ශරීරය සම්බන්ධ වෙන්නේ රිදී රජ්ජුව හෙවත් silver chord නමින් හැඳින්වෙන සූක්‍ෂම දෙයක් මගින්. මේ දෙය මනෝමයයයි වාගේම එයට විශාල දුරකට ඇදීමේ හැකියාවක් තියෙනවා. මේ රිදී රජ්ජුවේ වෙන්වීම සමග තමා භෞතිකව අපි දකින මරණය සිද්ධ වෙන්නේ එතැනදී අපේ මනෝමය ශරීරය සචේතනිකව භෞතික හා සුක්‍ෂම ශරීර වලින් වෙන්වෙනවා.

සූක්‍ෂම ශරීරය කියන දේ අපිට පෙනෙන්නේ ශරීරය වටා තියෙන රැස් මාලාවක් විදිහට. මේ සුක්‍ෂම ශරීරය ශක්තිය භාවනාව මගින් සිත දියුණු කරද්දී වැඩිවෙනවා. බුදුන් වහන්සේගේ හිසවටා පමණක් පෙන්වලා තියෙන මේ දේ ශරීරය වටාම තියෙනවා. මට ඔබට විතරක් නොවෙයි ශාක වලටත් එක එහෙමමයි කියල දැන් පරීක්‍ෂණ වලින් ඔප්පු කරමින් සිටිනවා.

මනෝමය ශරීරය හෙවත් මනෝකාය සහ එහි පැවැත්ම ගැන කියද්දී ඒකට තියෙනවා එහි චිත්ත ස්වභාවය, හැඟීම් ආදිය මත පදනම් වුනු වෙනමම ජීවයක්. එය අදියර සතකින් යුක්ත වෙනවා. මේවා එකම අවකාශයේ ස්වභාවය හා ධාතුව හෙවත් සෑදුනු ද්‍රව්‍ය වගේ දේවල් වලින් තමා වෙනස් වෙන්නේ. ගොඩක්දෙනා මරණයෙන් පස්සේ යන්නේ මේ කියන පස්වෙනි හෝ හයවෙනි මට්ටම් වලට. නමුත් ගොඩාක්ම කෘර, නපුරු පුද්ගලයන්ට හිමිවෙන්නේ සත්වන හෙවත් අවසන් මට්ටම. මේක ගොඩක් වෙලාවට අපි නිතර කියන නරකාදියේ මට්ටම. අපි ගොඩක් දෙනා මැරුණාම යන්නේ මේ කියන සය වෙනි මට්ටමට. ඒකට හේතු වෙන්නේ අපේ මරණය සිදුවූ විගස අපේ සූක්‍ෂම ශරීරය  තේරුම් ගන්නේ නැහැ ජීවය අවසන් කියල. එවිට අපේ යාළු මිත්‍රාදීන් පෙනෙද්දී හා ඔවුන් කරන්නා වූ දෑ දකිද්දී අත්හැර යාමට ඇතිවන්නා වූ අවසන් සිතිවිලි නිසාවෙන් ඔවුන් නිරායාසයෙන්ම සයවන මට්ටමට ගමන් කරනවා. සිත දියුණු කර මේ දේ තේරුම් ගත්තාවූ පුද්ගලයන්ට ඊට ඉහලින් ඇති මට්ටම් වලට යාමට හැකියාව තියෙනවා.

මේ සූක්‍ෂම ශරීරයට කිසිවක් කල නොහැකිය. කල හැකි එකම දෙයයි. ඒ තැන තැන පියාසරමින් නවාතැනක් සෙවීම විතරයි. මෙම මනෝමය ජීවිතය යම් කෙටි කාලයක් සඳහා මුළුමනින්ම ආකර්ශනීයයි. නැවත ඉපදීමකදී මේ සුක්‍ෂම ශරීරය, මනෝකාය හා භෞතික ශරීර සියල්ල එකම මට්ටමක වර්ධනය අවශ්‍ය වෙනවා. මේ සියල්ල සාර්ථකව තිබුනොත් තමා සාර්ථක නැවත ඉපදීමක් වෙන්නේ. ඒ වාගේම මේ ක්‍රියාවලිය නැවත නැවත සිදුවෙනවා.

මරණය, මේකෙදි මොකක්ද වෙන්නේ. මෙතැනදී වෙන්නේ රිදී රජ්ජුව කියන එක බිඳෙන එක. එතැනදී අවසාන මොහොතේ දකින දේ හා ඇහෙන දේ කියන එක තමා මනෝමය ජීවිතයේ හැසිරීම තීරණය කරන්නේ. ඒ කියන්නේ අපි මරණය සිද්ධ වෙන වේලාවේදී (රිදී රජ්ජුව බිඳෙන මොහොතේදී) අපි ඒ පුද්ගලයා පිලිබඳ පෙන්වන්නා වූ ආකල්පය මත ඔහුගේ ඊලඟ නැවතුම තීරණය වෙනවා. මරණයෙන් පසු සූක්‍ෂම ශරීරයේ ඊලඟ නැවතුම තීරණය වෙනවා. අපි අවසන් මොහොතේදී මරණය පිලිබඳ කණගාටුවක් පෙන්වීමේදී ඒ පිටව යන ශරීරය පිටවීම පිලිබඳ කුහුලක් ඇති කරගන්නවා. එවිට යන්න හිටපු තැන වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතැනදී තමා එය ආත්මයක් විදිහට සැරිසරන්න පටන් ගන්නේ.

මේ මාතෘකාව කතා කරල ඉවර කරන්න පුළුවන් එකක් නම් නොවෙයි. ඒත් දන්න අය අදහස් දක්වන්න පුළුවන් නම් වටිනවා මේ ගැන. මට මීට වඩා ලියන්න නම් විදිහක් නැහැ ඒකට හේතුව මම දන්න දේවල් වල ඉතිරිය ගැන මම තාම කරුණු සොයල නැහැ. ඒත් ආයෙත් පුළුවන් වෙලාවක් ආවොත් මේකේ තවත් කොටසක් විදිහට හරි දාන්න උත්සාහ කරන්නම්.කොහොම වුනත් මරණයක් සිද්ධ වුනහම හඬා වැලපෙන එකට වඩා කරන්න දේවල් නම් ගොඩක් තියෙන එක මතක තියාගන්න. තමන් කරන දේ ගැන අවබෝධයක් ඇතිව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

හපොයි! මෙහෙමත් විභාග ලිවිල්ලක්

මේ ලිපියෙන් දැනුවත් වෙන්න ඕන අයනම් ගොඩයි. ඒ අතරින් අධ්‍යාපන ක්‍ෂ්ත්‍රයේ අය ඉන්නේ ගොඩක් ඉහලින්. මුලින්ම කියන්න ඕන මම මේ ලිපිය ලියන්නේ කාටවත් බණින්න හිතාගෙන නම් නෙවෙයි දැනුවත් කිරීම සඳහාම විතරයි. මම හිතන දෙයක් ගැනයි මේකෙන් කියන්නේ. ඔයාලත් හිතෙන දේ කොමෙන්ටුවක් විදිහට දානවානම් මම බොහෝම කැමතියි.

අපේ රට සාක්‍ෂරතාවයෙන් ඉහල රටක් කියල වාගේම අපේ හිෂ්‍යයන්ගේ විභාග සමත් වීම සුලබ දෙයක්ද වෙලා තියෙනවා.ඒ ගැන අපි ආඩම්බරයෙන් තමා කතා කරන්නේ. නමුත් අපිට වඩා සාක්‍ෂරතාව වගේ දේවල් අතින් පහලින් ඉන්න රටවල් ලෝකයේ දියුණු රටවල් විදිහට නම් දරාගෙන ඉන්නවා. මොකක්ද මේකට හේතුව? මේ දේට හේතුව අපේ රටේ ස්වභාවික සම්පත් නොතිබීම කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ වාගේම අපේ රටේ ඉන්න අය වාගේම එන්න ඉන්න අයත් ණය කාරයන් වෙලා තියෙන්නේ මේ දේවල් වල ප්‍රතිඵල විදිහට කියල කොයි කවුරුත් දන්නා දෙයක් කියලය් මම හිතන්නේ.

ඇත්තෙන්ම මේ දේ වෙන්න හේතුව කියල මම හිතන්නේ අපේ රටේ තියෙන විභාග ක්‍රමයයි ඉගැන්වීමේ රටාවයි. මේ ලිපිය කියවන්න කලින් මම දාපු කලින් ලිපියක් වෙන ගුරුවරුන්ටයි මේ කතාව කියන ලිපිය බලන්න පුළුවන් නම් වටිනවා.

මේ විභාග ක්‍රමයෙන් ශිෂයයෙක් විභාගය පාස්වෙන්නේ කටපාඩම් කරල එහෙම නැත්තම් අපේ භාෂාවෙන් කියනවා නම් ගිරව දාල. දාන්නෙත් එසේ මෙසේ ගිරව් නෙවෙයි මැකෝ ගිරව්. ඒත් මේකෙන් වෙන්නේ විභාග පාස් කරල රටේ සාක්‍ෂරතාව ඉහල දාන එක විතරයි. ඒ වාගේම තවත් පිරිසක් කරන්නේ පොඩි කොල කෑල්ලක බොහෝම පුංචියට තියෙන් ඔක්කෝම ලියාගෙන ඇවිත් විභාග ශාලාවේ තියාගෙන බල බල උත්තර ලියන එක. ඒ කියන්නේ bit එකක් අදින එක. මේක කරන්න ගිහින් මාට්ටු වෙලා තියෙන අය ගොඩාක් හිටියත් විභාග තහනම් කරල තිබුනත් තවමත් ගොඩක් දෙනා මේ දේ කරනවා. මට නම් ගිරවා දාන්න බැරි වුනත් මෙතෙක් bit ඇදලා නම් නැහැ. දන්න හැටියකට ලියල එන එක තමා මෙතෙක් කොලේ.

මෙහෙම bit ඇදල ගිරව දාල පාස් වෙන එව්වන්ට ඊලඟට මොකද වෙන්නේ කියල හිතල බලන්න. ඒකා රටේ වැදගත් කියල කියන රැකියාවකට ගියදාට වෙන දේ හිතා ගන්නත් බැහැ. ඒක නම් දන්නේ දෙයියොයි ඒකායි විතරමයි කියල තමා මම නමි හිතන්නේ. මොනා වුනත් අවසානයේ වෙන්නේ වැඩක් කරගන්න බැරි උපාධි හා සහතික පොරවගත්තු පිරිසක් ඉහල තැන් වලට ගිහින් රට තවත් අගාධයට යවන එක. සමහර විභාග වංචා වලට නිලධාරීන් පව උදව් කරන්නේ මුදලට හා බලයට යටවීමේ ප්‍රතිඵල විදිහට.

මොනා වුනත් මේ දේ දිගින් දිගටම කියන එක නම් වැඩක් වෙන්නේ නැති වෙයි. මොනා වුනත් අපේ රටේ ඉන්න මොලකාරයෝ ටිකට වෙන්නේ පාරේ හිඟාකන්න තමා. දැන් නම් ලංකාවේ පෞද්ගලික ආයතන තියෙනවා හැකියාවන් සලකල රැකියාවක් දෙන. මම දන්න අය ඉන්නවා ඒ වාගේ තැන් වල වැඩ කරන. සමහරක් අයට උපාධියක් තියා උප්පැන්න සහතිකේ ඇරුනාම ඇති සහතිකයකුත් නැහැ. තියෙන එකම දේ talent එක හෙවත් හැකියාව.

මොනා වුනත් මේ ක්‍රමය වෙනස් කරල නිවැරදි ප්‍රාෙයා්ගික අධ්‍යාපන ක්‍රමයක් එක්ක වංචාව නැති විභාග ක්‍රමයක් තිබුණානම් කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද මේ රටට කියල හිතල බලන්න. මේ දේවල් ගැන ඔයාලට තියෙන අදහසත් කොමෙන්ටුවක් විදිහට දාන්න පුළුවන් නම් බොහෝම වටිනවා.

මගේ ගමන් බිමන් නමවන කොටස - රිච්මන්ඩ් කාසල්

මෙන්න බලන්න යන්න වටින තවත් තැනක්. මේක තියෙන්නේ කළුතර, පලාතොට යන ප්‍රදේශයේ. ඒ තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්‍ෂක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්‍ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගාඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සාම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සාම්ප්‍රදාය පෙන්වමින්. 99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයේ ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.

ඔහු ගම් 12ක් භාරව සිට ඇති අතර 40 දෙනෙකුගෙන් සැකසුන ඔහුගේම කුලී හේවා ආරක්‍ෂකයන් පිරිසක් සිටි බැවයි කියවෙන්නේ. විවාහ වී ඇත්තේ නුවර ප්‍රදේශයෙන් වන අතර එහි සිට මනමාලිය කළුතර පිහිටි මන්දිරයට කැඳවාගෙන පැමිණ ඇත්තේ විශේෂ දුම්රියකිනි. එහි සිට මන්දිරයට එන තෙක් තොරණ් 7ක් සදා තිබූ බැව් කියවෙනවා. සාදා ඇති කේක් එක අඩි 18 උස බැව්ද සඳහන්. මන්දිරය 1980 වන විට ගරා වැටී ඇති අතර 2011 වන විට එය සාර්ථකව පිලිසකර කොට ඇත. ලංකාවේ සිටි සුදු අශ්වයින් සතරක් බැඳි අශ්ව කරත්තයක් හිමිව ඇති දෙවැන්නා ලෙස මෙහු සලකෙන අතර බ්‍රිතාන්‍ය ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් 2500ක් තෑගි කිරීම වෙනුවෙන් මුදලි තුමාගේ බිදිඳට මහා රාජිණිය එවූ ලියයමනක්ද දැනට මෙම මන්දිරයේ සුරක්‍ෂිකව පවතිනවා.

විවාහයේ දරුවන් නොසිටි නිසා විවාහය පිලිබඳ කලකිරී පසුකාලීනව බිරිඳ දෙමාපියන් වෙත යවා මාසිකව බිරිඳට දීමනාවක් ලැබෙන පරිදි දේපල සියල්ල රජයට පවරා ඇත්තේ අවසන් කැමැත්ත ලෙස අනාථ දරුවන්ට පිහිට වීම සඳහා දේපල බෙදන ලෙසටයි. දැනටත් මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් අනාථ දරැවන් හා වෙනත් දරුවන් සඳහා නොමිලයේ පන්ති පැවැත්වෙනවා. මන්දිරය ඉදිරිපස ඇති මිදුල පුරා ලමයින්ගේ ප්‍රතිමා සකස්කර ඇත්තේ මන්දිරය දෙස බලා සිටින ආකාරයටයි.

මට මේක ලියද්දී අමතක වුන දේවලුත් ඇති. දන්න අය ඉන්නවා නම් ඒ දේවල් කොමෙන්ටු හැටියට දාන්න. ඔයාලත් දවසක ගිහිල්ලාම බලන්නකෝ.



ගමන් බිමන් වල අටවැනි කොටසට.....

කැරපොත්තා


  • කැරපොත්තාට විනාඩි 40ක කාලයක් හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව ඇත.
  • තම හිස නැතිව කැරපොත්තාට දින 4ක කාලයක් ජීවත් විය හැක.
  • න්‍යෂ්ටික යුද්ධයකදී මුළු ලොවම පොලවට සමතලා වුවද ජීවත් විය හැකි එකම සත්ත්වයා කැරපොත්තාය.
  • කැරපොත්තාට ඇත්තේ සුදු පැහැති රුධිරයයි.
  • ඕස්ට්‍රේලියාවෙන් හමුවන මැක්ක්‍රොපැනෙස්තියා රයිනෝසර්ස් නැමති ලොව විශාලතම කරපොතු වර්ගය ග්‍රෑම් 50ක පමණ බරින් යුක්තය.
  • කැරපොත්තාගේ දත් ඇත්තේ උගේ කුසේය.
  • තමන්ගේ ගමන් දිසාව තත්පරයකදී 25 වතාවක් මාරැකිරීමේ හැකියාව කැරපොත්තාට ඇත.
  • කැරපොත්තාගේ කකුලක් කැඩී වෙන් වුවහොත් තවත් කකුලක් වැඩේ.