සෝමතිලක ජයමහ නම් සංගීතවේදියා අතින් ලියැවෙන මෙම ගීතය සඳහා තනුව යොදන්නේද ගායනා කරනනේද ඔහු විසින්මය. මේ ගීතය පසුපස ඇති කතාන්දරය වරක සෝමතිලක ජයමහ ශූරීන් විසින් පවසා ඇත.
ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය. 1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.