කාලෙකට පස්සේ ආයෙමත් අපූරු ගීතයක් ගැන ලියන්න හිතුවා. ඒ ප්‍රසන්න බංඩාර පද රචනා කල එච්. එම්. ජයවර්ධනයන් ගේ තනුව හා සංගීතයෙන් හැඩ කල සෝමතිලක ජයමහ විසින් ගායනා කරන "එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා" ගීතයයි. දැන් දැන් ගුවන් විදුලියේවත් ඇහෙන්නේ නැති තරමේ ගීතයක් වුනත් අපුූර්ව ගීතයක් ලෙද වින්දනය ලබන්න පුළුවන් ගීතයක්. විරහ වේදනාවෙන් පෙලෙන්නා වූ පෙම්වතෙකුගේ සිතිවිලි තමන්ගෙන් වෙන්ව ගිය පම්වතියට වෛර බඳින්නේ නැතිව විඳ දරා ගන්න දරන උත්සාහයක් ගීතයක් අයුරින් නිර්මාණය වී ඇත.
ගීතය ආරම්භ වන සංගීතය ගැන නොකියා ගීතය ගැන කතා කිරීම පලක් නැති බවයි මගේ වැටහීම. එයට හේතු වන්නේ මෙම ගීතය හරි හැටියට දැනෙන්න නම් ආරම්භක සංගීතයට සවන් දිය යුතුම වන්නේය. ගොම්මන් සන්ද්‍යාවක තනියම හිඳ ගෙන මේ සංගීතයට සවන් දුන්නේ නම් හෝ කලබලකාරී ඝෝෂාවෙන් මිදී සවන් දෙන්නේ නම් ඔබ මෙය මැනෙවින් වටහා ගනු ඇත. එය දුක් දොම්නස් මතක් කර දී ගීතය තුලට ප්‍රේක්‍ෂකයා ඇදගෙන යන්නේය.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
පළමුකොටම ගීතය විසින් අප ඔහුගේ (පරාජිත පෙම්වතාගේ) අතීතයට රුගෙන යනවා. එදා මල් පිපී තිබුන ගහක් යට අත් අල්ලගෙන කුඩයක් යටට වෙලා තුරුලු වෙලා ඉද්දී වැටුනු පොද වැස්ස තාමත් වැටෙනවා. නමුත් ඒ ගහ ගාව ඔයාගේ ඉඩ දැන් හිස් වෙලා. ඔබ මගේ ලඟ නැති අඩුව එතැන ඉද්දී මට දැනෙනවා. නමුත් මම මට අයති නැති ඔයාට තවමත් ආදරය කරමින් ඒ තැනට වෙලා ඉන්නවා. තාමත් මගේ හින් ඔයාට ආදරය කරනවා. තමන් හැරගිය පෙම්වතියගේ මතකය් ඇති තැන් වලට යමින් ඇගේ මතකන් සමඟ ජීවත් වෙන පෙම්වතෙකු වුනත් ඇය සම්පූර්ණ වශයෙන් අහිමි වුන බව ඔහු දන්නවා. "මට අහිමි මගෙ කවිය මම තවම ලියනවා".
දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මම දුක්වුන හැටි, මගේ දුක කොයා තරම්ද කියන එක හොඳින්ම දන්නේ ඔබ. ඒ දුක් වෙලා ඉන්න කාලෙදි මගේ හිත හදපු හැටි මට මතක් වෙනවා. ඒ දවස් වල මගේ හිත හදන්න ඔබ කියපු වචන අද මගේ හිත හදන්න නැත්තේ ඇයි කියල මම විටින් විට සොයනවා. නමුත් නුඹ තමයි මේ දුකට හේතුව කියල මතක් වෙද්දී ඒ දුක තුල ඇති නුඹ නිසා ඒ දුක කමක් නැහැ කියල හිතෙනවා. ඒ තුල මම තාමත් ඔබට ආදරය කරමින් ඉන්නවා.
අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා එසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අව පසක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
ඇය නොමැති අනාගතය වාලුකා කාන්තාරයක් වගේ කිසිදු ජීවයක් හෝ ජීවය පිළිබඳව අදහසක් නැහැ. වතුර ටිකක් වත් නැතිව කාන්තාරයකක ගමන් කරන්නේ කොහොමද? කොහොම මොනව කරන්න ද කියල හිතා ගන්න බැරිවයි මම ඉන්නේ. මගේ ජීවිතේ සුභ පැත්තට මාත් එක්ක නැතිව නුඹ වෙන කෙනෙකුගේ වෙලා ඈත් වෙලා ගිහින්. ආයේ නොඑන්න ගිය නුඹ නැතත් තාම මම මගේ හිතින් ඔබට ආදරය කරමින් ඉන්නවා.
විරහව තුල වෛරය වෙනුවට තනියම තම වේදනාව විඳින්න උත්සාහ කරන ප්‍රේමවන්තයෙක්. ඔහුගේ ජීවිතය තුල කිසිඳු බලාපොරොත්තුවක් නැතත් ඔහු හැරගිය පෙම්වතියට වෛර කරනවා වෙනුවට තමන්ගේ වේදනාවන් තමන් තුලම සඟවා ගනිමින් ජීවත් වෙනවා. අද බහුතරයක් පෙම්වතුන් කරන සහ කරගන්නා වූ විනාශයන්ට හොඳ පාඩමක් උදාහරණයක් දෙන්න පුවවන් විදිහේ ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. මනා රසවින්දනයක් ඇති මෙවන් ගීත අද අහන්න නොලැබෙන්නේ ඇයි කියන එක නම් මම තාම දන්නේ නැහැ. නමුත් මේ ගීතය, සංගීතය හා හඬ තුලින් මවන්නනා වූ රසය නව ගීත අතර තියෙනවාද කියන එක තීරණය කිරෟම ඔබ සතුයි.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
අනාගත වාලුකා කතර මැද තිනිවෙලා
කෙසේ පා එසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අව පසක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
එදා වාගේ අදත්.....
පද රදනය : ප්‍රසන්න බංඩාර
තනුව හා සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : සෝමතිලක ජයමහ

This comment has been removed by a blog administrator.
ReplyDelete