මේ උත්සවය එනමින් හැඳින්වෙන්නේ රාත්‍රී නවයක් පුරා පවතින උත්සවයක් නිසාවෙන්. එය ප්‍රධාන වශයෙන් දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් දින තුනක්ද ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද සරස්වතී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද පැවැත්වෙනවා. හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් (ඔක්තෝම්බර් - සැප්තැම්බර්) කාලයේ තමා මේක පැවැත්වෙන්නේ. මේ කාලයන් තීරණය වෙලා තියෙන්නේ සඳු අනුව වන අතර ඒ පිළිබඳ දින වකවානු තිරුක්කානිත පංජාංගම් හා වාක්කිත පංජාංගම් නැමැති පොත්වල සඳහන් කරල කියෙන බවයි කියන්නේ.
මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා. තමා අවුරුද්දේ කරනුනට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දේ සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරනවා.
