- කැරපොත්තාට විනාඩි 40ක කාලයක් හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව ඇත.
- තම හිස නැතිව කැරපොත්තාට දින 4ක කාලයක් ජීවත් විය හැක.
- න්‍යෂ්ටික යුද්ධයකදී මුළු ලොවම පොලවට සමතලා වුවද ජීවත් විය හැකි එකම සත්ත්වයා කැරපොත්තාය.
- කැරපොත්තාට ඇත්තේ සුදු පැහැති රුධිරයයි.
- ඕස්ට්‍රේලියාවෙන් හමුවන මැක්ක්‍රොපැනෙස්තියා රයිනෝසර්ස් නැමති ලොව විශාලතම කරපොතු වර්ගය ග්‍රෑම් 50ක පමණ බරින් යුක්තය.
- කැරපොත්තාගේ දත් ඇත්තේ උගේ කුසේය.
- තමන්ගේ ගමන් දිසාව තත්පරයකදී 25 වතාවක් මාරැකිරීමේ හැකියාව කැරපොත්තාට ඇත.
- කැරපොත්තාගේ කකුලක් කැඩී වෙන් වුවහොත් තවත් කකුලක් වැඩේ.
කැරපොත්තා
නඩුත් හාමුදුවන්ගේ.... බඩුත් හාමුදුවන්ගේ....!
මේ දවස්වල ටිකක් පාඩම් වැඩ වල හිරවෙලා නිසා ලිපියක් ලියන්න වෙලාවක් තිබුණේම නැහැ. ඒත් මේ වෙන දේවල් ලියන්න නම් වෙන නිසා තමා ආයෙත් බ්ලොග පැත්තේ ආවේ. මේ 2012 ජනවාරි 11 වෙනිදා දවසක් මම පෞද්ගලික කාරණාවක් සඳහා කළුතර යන අතරවාරයේදී සිද්ධ වුන වැඩක්.
අපි ගියේ කාර් එකක. යද්දී අපි උදෑසන 10.00ට විතර කළුතර බෝධිය අසලදී රථවාහන පොලිස් නිලධාරීන් 10ත් 15ත් අතර කණ්ඩායමක් පසුකරමින් ආවා. ටික වේලාවකදී මේ පිරිස අප පසුකර යාමට ආසන්න වුනා. නමුත් ඔවුන් අපව ඉස්සර කලේ නම් සංඥා නොකර වැරදි පැත්තෙන්. ඒ වාගේම එතැන ඉහල නිලධාරීන් පවා සිටියදීත් මේ දේ සිද්ධ වුන එක තමා වඩාත් කණගාටුවට කාරණාව. ඒ දෙකක් අප ඉස්සර කලේ අපේ වාහනයේ ගෑවී නොගෑවී වගේ. යාන්තම් තමා අපි වාහනය බේරාගත්තේ. ඒත් ආපහු හැරිලාවත් බලන්නේ නැතිව ඔවුන් ගියේ නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුවන්ගේ කියන කියමන අපේ තොලඟට ගෙන එමින්.
මෙන්න මම දැක්ක මෝටර බයිසිකල් දෙකක අංක, wp MS 4187, wp MS 4220. අනිත්වායේ ලියාගන්න තරම් වේලාවක් මට තිබුනේ නැත්තේ අවාසනාවට.
කණිෂ්ඨයන්ගේ (ජුන්නන්ගේ) අදහස්...
විශ්ව විද්‍යාලයේ විතරක් නෙවෙයි හැම තැනම අපේ කණිෂ්ඨයෝ මොනාද කියන්නේ කියන එක දැන ගන්න එක ගොඩාක් වැදගත්. අනික තමා අපි ආශ්‍රය කරන්නේ මොනවාගේ අයද කියල හඳුන ගන්නත් ඒක වැදගත් වෙනවා. මෙන්න අපේ ජුන්නෝ කීපදෙනෙක්ගේ අදහස් ටිකක්.
මම ඇයට ආදරය කරයි.
ඇය ඔහුට ආදරය කරයි.
මම ඔහුට වෛර කරයි.
දෙවැනි එක..!
මම අම්පාරේ,
ඔබ කොළඹ,
සවස 6-7 අතර,
අප දෙදෙනා එක් තැනක,
පින් සිදුවන්නට අපේ දුරකථන වලට
මෙන්න තව එකක්...!
අහෝ! කරුමයකි නිව්ටන් ඔබ,
කුමට වැටුනිද ඇපල් ඔළුවට,
ඉන් සැදුනා වූ පිස්සුවට,
උපදින සෑම දරුවෙකුම
වගකියයි පෝලිමට....
අහෝ! කරුමයකි ආකිමිඩිස් ඔබ,
ඔබගේ ලැජ්ජාව නැතිවුන පලියට,
වතුර බේසමෙන් ඉතිරුන පලියට,
අදත් මඩ ගොඩේ එරී සිටිමි
බැරිව ගොඩ එන්නට,
නවක වදය......
මේ නිසඳැස ලියන්නේ මේ දින වල නවකවදයට හසුවුන ශිෂ්‍යාවක්.. ඇයගේ අවසරය සහිතව මම මේක දාන්නේ ඔයාලටත් නවකවදය වෙන අතරතුර උපාධි අපේක්‍ෂකයෙකුගේ හැඟිම් තේරුම් ගන්න. ඒ වාගේම මම ඒ ශිෂ්‍යාවට ස්තූතිවන්ත වෙනවා මට මේක ලබා දුන්නාට...
විටෙක දරුණු වූද.....
විටෙක රුදුරු වූද....
සොම්නස් නවමු අත්දැකීමකට,
සැඩ වර්ෂාවට හසුවූ හා පැටවුන් මෙන් හැකිලෙන
විලාසය....
දැනේද කිසිදිනෙක එහි නියම අරුත
පහස විඳීමට එලියට බැසීමට....
දැනේ! දැනේ! නිසැකයෙන්ම ඔබට එය
හිමි වූ දෙය අහිමි වූ, එක් දිනයක!
විඳිනට තිබූ "හුස්ම පොදක ලබැඳියාව"
වෙන්වීගිය නිමේශයක
සදහටම...... සදාකාලිකවම.....
රිදවා සිහිවේවි හදේ ගැඹුරුම තැනට
එය සියුම් සුළං රැල්ලක් බව....
සිහිල් පිනි දහරින් ඔබ නහවා, සතපා ගිය බව
ජීවනාලියේ අත්විඳි මිහිරිතම....
යොවුන් ආශ්වාදයේ පෙලගැස්මක්
නවක වදය!!!
වියළී ගිය ජීවිතයට ජීවය ලබාදුන්
සදා අමරණීය සොඳුරුතම හැඟීම වග....
නැවත නොඒමට තනිකර දමා ගොස්
තිබෙන විලාසය....
නෙත් කොනෙහි කඳුලක් නවතා
තිබීමත් සමඟම......!!!
විටෙක දරුණු වූද.....
විටෙක රුදුරු වූද....
සොම්නස් නවමු අත්දැකීමකට,
සැඩ වර්ෂාවට හසුවූ හා පැටවුන් මෙන් හැකිලෙන
විලාසය....
දැනේද කිසිදිනෙක එහි නියම අරුත
පහස විඳීමට එලියට බැසීමට....
දැනේ! දැනේ! නිසැකයෙන්ම ඔබට එය
හිමි වූ දෙය අහිමි වූ, එක් දිනයක!
විඳිනට තිබූ "හුස්ම පොදක ලබැඳියාව"
වෙන්වීගිය නිමේශයක
සදහටම...... සදාකාලිකවම.....
රිදවා සිහිවේවි හදේ ගැඹුරුම තැනට
එය සියුම් සුළං රැල්ලක් බව....
සිහිල් පිනි දහරින් ඔබ නහවා, සතපා ගිය බව
ජීවනාලියේ අත්විඳි මිහිරිතම....
යොවුන් ආශ්වාදයේ පෙලගැස්මක්
නවක වදය!!!
වියළී ගිය ජීවිතයට ජීවය ලබාදුන්
සදා අමරණීය සොඳුරුතම හැඟීම වග....
නැවත නොඒමට තනිකර දමා ගොස්
තිබෙන විලාසය....
නෙත් කොනෙහි කඳුලක් නවතා
තිබීමත් සමඟම......!!!
ගුරුවරුන්ටයි මේ කතාව......
මේ කියන්න යන කතාව ටිකක් කණගාටුදායකයි. ඒත් කියන්නම ඕන දෙයක් කියල හිතුන නිසයි ලියන්නේ. මේක කියන්න මටත් අත්දැකීම් තියෙනවා පාසල් ශිෂ්‍යයෙක් විදිහටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහටත් විතරක් නෙවෙයි අවුරුදු දෙකක ගුරුවරයෙක් විදිහටත්.
![]() |
![]() |
දයාබර ගුරුවරුනි! ඔයාල දන්නවාද සාර්ථක ගුරුවරයෙක් කියන්නේ කාටද කියල. ගුරුවරයෙක් සාර්ථක වෙන්න නම් ඒ ගුරුවරයාට සාර්ථකව උගන්වන්න වාගේම ශිෂ්‍යයෙක් සාර්ථකව ඉගෙන ගන්න පොළඹවන්නත් හැකියාවක් තියෙන්න ඕන. ඒක ගහල බැනල කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඒකට තමන්ට ශිෂ්‍යයා ගෞරව නොකෙරුවා කියා ශිෂ්‍යයාට බැන වැදීම වෙනුවට ශිෂ්‍යයාටත් ඔහුට හිමි ගෞරවය ලබා දෙන්න. මේ දේ කිව්වාම හුඟක් දෙනා මට බැන කොමෙන්ටු දාවි. ඒත් ඊට කලින් මේ ලිපියේ ඉතිරියත් කියවල හොඳින් හිතල බලන්න. මම කියන්නේ ගුරුවරයා ඔහුට හිමි ගෞරවය ශිෂ්‍යයාට දෙන්න කියන එක නොවෙයි. සෑම ශිෂ්‍යයෙකුටම තමන්ට හිමි ගෞරවයක් තියෙනවා. ඒ ඒ පුද්ගලයා අපේක්‍ෂිත ගෞරවය හඳුනාගෙන ඒ ඒ අයට ඒ හැටියට සලකන්න පුළුවන් නම් සාර්ථක ඉගැන්වීමක් කරන්න පුළුවන්.
ඔයාලට පුළුවන් නම් කියවන්න Totto Chanගේ The Little Girl in the Window කියන පොත. ඒකෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් මම කියන ගෝලයාගේ ගෞරවය ගැන. ඒත් ඔයාල කියයි ඒ දේවල් හොඳයි ජපානෙට අපිට හරියන්නේ නැහැ කියල. ඒක මම පිලි ගන්නවා. ඒත් අපි දැනගන්න ඕන ඒක අපිට හරියන්න. ඒක තමා මම කියන සාර්ථක ඉගැන්වීම. එයාල ටිකක් කල්පනා කරන්න ඔයාල ඉගෙන ගත් කාලේ ගැන. ඒ කාලේ ඔයාලා ගුරුවරු ගැන හිතුවේ කොහොමද කියල. තාමත් එහෙමම තමා. ඒත් සංවර්ධනය හා වෙනත් හේතූන් මත ලමයින්ගේ අදහස් වලට යම් යම් දේ එකතු වෙනවා වාගේම ඒ දේවල් ගොඩක් අසාධාරණ නොගැල පෙන ආකාර වලට වෙනස් වෙන්න පුළුවන්. මේක තමා ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ට පහරදීම් වැනි දේ වර්ථා වෙන්න හේතුව වෙන්නේ.
මේ කියන දේ ගැන ගැඹුරින් ලියන්න ආසයි. ඒත් මගේ තියෙන කාල වේලාවේ මඳ කම නිසා හා මේ ලිපියේ දිග වැඩිවීම නිසා කියවන අයට එපා වෙන එක නවත්වන්නත් මට මේ දේ මෙතැනින් නවත්වන්න සිද්ධ වෙනවා. ඔයාලත් දාන්න කොමෙන්ටුවක් මේ ගැන ඔයාල දරන අදහස මොකක්ද කියල. එතකොට අනිත් අයට දැනගන්න පුළුවන් මේ දේවල් ගැන හැමෝටම දැනෙන්නේ කොහොමද කියල.
Subscribe to:
Posts (Atom)

