වැරදුනු වාසිටිය


දහසක් පැතුම් කැටිකරගෙන ආවතැන
දහසක් දෙනා හමුවන මේ සොඳුරු තැන
දහසක් වෙර දරා දිනුවා සියළු දෙය
දිනුමට දෙයක් නැතිවේවිද මෙතැන මට

සතුටු සිතින් ජීවත්වන සියළු තැන
පළමු දිනේ අපහසු වූවා නේද?
අනාගතේ හොඳ වේවා පතාගෙන
භාරගනිමු මේ ලැබෙනා සියළු දුක

දුවගෙන ඇවිත් කියනව භයවෙන වචන
නපුරු වගේ පෙනෙනව මේ සියළු දෙන
එහෙම මවල පෙන්වල දෙන ඔබ සැවොම
කවුරුත් එකවගේ නැතිබව දන්නවද?

වචන කියල පෙනෙනා මේ සියළු දෙය
ඔවදන් බවක් හැඟෙනව හිතුවොත් අපම
ලස්සන වෙන්න නම් අපගේ හෙට දවස
භාරගනිමු මේ ඔවදන් හිස් මුදුන

2600 වන සම්බුද්ධ ජයන්තියට අග්නියෙන්.......!

සිද්ධාර්ඨ කුමාරයා බුදුවෙලා බුද්ධ වර්ෂ 2600ක් ගෙවී යද්දී ලියන්න හිතුනා අපි වෙසක් පොහොය වෙනුවෙන් අපි මොකද කරන්නේ කියල. වෙසක් පොහොය දිනයට බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම කියන තෙමඟුල සිහිකිරීමකුයි කෙරෙන්නේ. මේ 2600 වන සම්බුද්ධ ජයන්තිය මම සමරන්නේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉඳල. මගේ බ්ලොග් අඩෙවිය මුල ඉඳල කියවන අය දන්නවා මේ විශ්ව විද්‍යාලයය අවට තත්ත්වය වාගේම ක්‍රියාකාරකම් සිද්ධවෙන ආකාරය.

නොදන්නා අයට කියන්නම් මේ පිඨයේ ඉන්න තුන්වන සිංහල ශීෂ්‍ය කණ්ඩායම තමා අපි. ඒ කියන්නේ 2009/2010 batch එක. වෙසක් පොහොය වෙනුවෙන් මුලින්ම වෙසක් උත්සවයක් සංවිධානය වෙලා තියෙන්නේ අපේ senior batch එකෙන්. ඒ සිංහල ලමයි 12 දෙනෙක් වෙසක් කූඩු 50ක් පමණ නිරිමාණය කිරීමක් හා පහන් පත්තු කර පීඨය ආලෝකමත් කිරීමෙන්. මෙවර පළමු වසර සිංහල සිසුන් 30ක් හා දෙවන වසර සිසුන් 12ක් ගෙන් සමන්විත 42ක කණ්ඩාවමක් වෙසක් කූඩු 100ක් පමණ හා පහන් මගින් පීඨය ආලෝකමත් කිරීමකුයි සිදු කරන්නේ. ඒ කූඩු අතරට පරිවාර කූඩු ඇති කූඩු 4ක් හා කැරකෙන කූඩුවකුත් (අඩි 12ක් පමණ උස) ඇතුලත් වෙලා තිබෙනවා.

ඒ වාගම තමා මේ වෙසක් උත්සවයට සමගාමීව ලේ දන්දීමේ පින්කමකුත් 2011 මැයි මාසෙ 29 වන ඉරිදා දිනයේදී ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. මේ කණ්ඩායම් දෙක විශාල දෙයක්, ගොඩක් කැප කීරීම් කරමින් තමා මේ දේ කරන්නේ. කුඩා කන්ඩායමකට වෙසක් පොහොය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පළාතකට වෙසක් හඳුන්වා දෙන එක හුඟක් අමාරු වැඩක්.

මෙන්න මෙතෙක් කළ වැඩ. මේ ලිපිය සකස් කරද්දීත් කැරකෙන කූඩුවේ වැඩ අවසන් කරල නැහැ. වැඩ අවසානයේදී සියල්ලේ ඡායාරූප දන්න උත්සාහ කරන්නම්. දැනට මෙන්න,






මෙන්න නයෙක්......

මේක වුනේ මම දැන් ඉන්න විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලින් එකක් අසල.  දැනට මේක වෙලා දවස් තුනයි ඒ කියන්නේ 2011 මැයි 04 වෙනිදා. අපිට දීලා තියෙන නේවාසිකාගාර පුංචි පුංචි ගෙවල් පුංචි වත්තකුත් එක්ක. එකක පස් දෙනෙක් වගේ තමා ඉන්නේ.

මේ දවස් වල රෑට අපි වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් පහන් කූඩු හදනවා. මේ කරන අතරේ රෑ අපේ ජේෂ්ඨ අයියා කෙනෙක් ඇවිත් කිව්වා "අන්න අපේ හොස්ටල් එකේ නයෙක්" කියල. ඒත් අපි කිව්වා වෙන්න බෑ ගැඞියෙක් වෙන්න ඇති කියල. පස්සේ කෝකටත් අපි දෙන්නෙක් ගිහින් බැලුවා. බලපි නම් මේකා ඇත්තම නයෙක්. එතකොට අපේ 7දෙනෙක් වගේ එතනට එකතුවුනා. මේන්න මේකා රිංග ගත්තා ගඩොල් ගොඩක් අස්සට. කස්ටිය වට වෙලා දැන් අපා මේකාට මොකක්ද කරන්නේ කියල කතා වුනා.

වැඩි දෙනාගේ අදහස වුනේ මේකා මරා දාන්න. මොනා වුනත් නයානේ.............. තව කීප දෙනෙක් කිව්වා නයි මරන්නේ නෑ යන්න දෙන්න කියල. මේ අතරේ නේවාසිකාගාර ආරක්‍ෂකයාත් ආවා. ඒකා මුස්ලිම්. සිංහල වචනයක්වක් බෑ. අපේ Tamil දන්න එකෙක් මේකාට Tamil වලින් ටෝක් එකක් දැම්මා. නයාගේ තරම ටිකක් වැඩි කරල. මොනා වුනත් මෑන්ස් අම්බානට පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක බයවුනා. මේ අස්සේ අපේ batch එකේ නේවාසිකාගාර වල ඉන්න මුස්ලිම් සහෝදරයෝ ටිකයි දෙමළ සහෝදරයයි ආවා. එයාලගේ අදහසත් මේකා මරන්න. දැන් ඉතින් මරන අදහස ඉස්සර වුනා.

මරන එකට අකමැති වුන අය ගියා යන්න. කොහොම හරි මේකාට දෙක තුනක් දීල මරා දැම්මා. "පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා" කියල කතාවක් තියෙනවානේ.





නයා මරල ඔලුව කුඩු වෙන්නම දීල. යන්න හදද්දී මුස්ලිම් සහෝදරයෙක් කිව්වා ඔහොම හරියන්නේ නෑ නයාගේ ඔලුවට ගලක් තියන්න නැත්තම් නැගිටල යනවා කියල. අපි කිව්ව ඒහෙම වෙන්නේ කොහොමද ඌට නැගිටින්න වත් ඔලුවක් නැහැනේ කියල. ඒ කියල හැරෙදිදී අපිට නම් උත්තරේ හම්බුනා. මෙන්න මේකා දඟලලා නැගිටිනවා. ඒ පාර නයා පුච්චනකන් ලීයකින් ඇනලයි තියා ගත්තේ. කොහොම වුනත් අන්තිමට අවසන් වුනේ නයෙක් මැරුවෙත් තව නයි එනවා. එහෙම නොවෙන්න නම් මරපු නයාව පුච්චලා දාන්න කියන විස්වාසය ජය අරන්. හැබැයි දවස් දෙකක් යනකන් ආරක්‍ෂකයා නම් කිව්වේ මරපු නයාගේ ගෑනු සතා ඇවිත් අපි ඔක්කොගෙන්ම පලි ගනී කියලයි.


කාල නියාමක






හැමදාම මම යන
හැම තැනම.....
මගේ අතේ එල්ලිලා
මාත් එක්කම යන....
මට ඕන වෙන
හැමවෙලේම
මට උදව් කරන.....
කිසිම වැඩකදී මට
පරක්කුවෙන්න නොදී
මතක් කරන
ඔයා .....
මගේම ඔරලෝසුව.....

තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමේ සාර්ථක ක්‍රමය........ අනාගතය ගැන සලකා....!

මම මේ කතාකරන්න හදන්නේ කව්රුත් කතා කරන්නන ඕන කියන ඒත් කවදාවත් කතා නොකරන මාතෘකාවක්. ඒ තමා අපිට උගන්වන දේ හා අපි ඉගෙන ගන්න දේ. මම ඉතින් computer කියන මාතෘකාව ගැනනේ වැඩිපුර දන්නේ ඒ නිසා ඒ ගැනම උදාහරණයට ගන්නම්.

හොඳයි, දැන් කෙලින්ම කතාවට බහිමු. කවුරුත් දන්නවනේ දැන් පාසල් වලට විශයයක් විදිහට තොරතුරු තාක්‍ෂණය උගන්වනවා කියල. ඒ පාඩමේ මුලින්ම උගන්වන්නේ මොනවද? ඒ තමා පිළිවෙලින් Keyboard, Mouse, Monitor, CPU, Speakers කියන්නේ මොනවාද ඒවායින් කරන්නේ මොකද කියන එක සමහර වෙලාවට Printer හා Scanner කියන ඒවත් උගන්වනවා. ඒවත් උගන්වන්නේ උදාහරණ විදිහට Keyboard නම් ඒක input device එකක් ඒකෙන් දත්ත ටයිප් කරල ඇතුලත් කරනවා. ඒක තමා Keyboard හෙවත් යතුරු පුවරුව ගැන ඉගැන්වීම. මේ විදිහට high speed කෑලි ටික ගැන කියල ඊට පස්සේ කෙලින්ම කිව්ව OS හෙවත් operating system එක කියන්නේ මොකක්ද ඒකෙන් කරන්නේ මොකක්ද විනාඩි 20න් පාඩම ඉවරයි.

මේ ටික ඉවර වෙද්දිම පටන් ගන්නේ MS Paint ඒකට ගන්නේ උපරිමය පැයක් හෝ දෙකක් විතරයි. ඊට පස්සේ කෙලින්ම Ms Word, MS Excel, MS PowerPoint එතනින් මූලික ටික  මාස තුනෙන් ඉවරයි. ඉන් පස්සේ විභාගයක් තිබ්බා පාඨමාලාව ඉවරයි. සහතිකය දුන්නා. මේක තමා ගොඩක් වෙලාවට කරන්නේ. මේ ටික ඇතිද ළමයෙකුට? මම නම් හිතන්නේ වැඩිත් එක්ක. ඒත් ඒකෙ පටන් ගැන්ම තමා හරි නැත්තේ. ආරම්භ කල යුත්තේ ඔතනින් නෙමේ. කෝ ටයිප් කරන ක්‍රම හඳුන්වාදීම, පරිඝණක භාවිතයේ මූලික කරුණු. කොහොමද පරිඝණකය ආරක්‍ෂා වෙන විදිහට ඒවා භාවිතා කරන්නේ. කෝ සම්පත් භාවිතයේ විධිමත් ක්‍රමවේදය ඉගැන්වීම.

මම කාලයක් වැඩ කලා ගුරුවරයෙක් විදිහට. ඒ කාලයේදී මම අත්හදා බැලුවා මම මේ කියන කාරණාව ගැන. ඒකෙන් මට ගොඩක් සාර්ථක ප්‍රථිඵල හම්බවුනා. 4 ශ්‍රේණියේ ඉන්න ලමයෙක් 11 ශ්‍රේණියේ ඉන්න ළමයෙකුට වඩා සාර්ථක විදිහට PowerPoint හා Photo shop වල වැඩ කරන තත්ත්වයට ගන්න මට පුළුවන් වුනා. ඒ වාගේම තමා අපි කියා දෙන්න ඕන කරන්නේ කොහොමද අපි උගන්නන දේ ඉගෙන ගෙන විභාගේ පාස් වෙන්නේ කියල නෙමේ, අපි උගන්නන දේ ඉගෙන ගන්න ගමන් අපි උගන්වන්නේ නැති ටික ඉගෙන ගන්නේ කොහොමද කියන එකයි. මේ දේ විශ්ව විද්‍යාල වල නම් තියෙනවා. දේශකයා දේශණය දෙනවා අපි ඒ ගැන විස්තර තියෙන අනිකුත් සම්පත් පාවිච්චි කරල හොයාගෙන ඉගෙන ගන්න ඕන. මේ දේ හරියට පාසල් වලටත් ටිකක් භාවිත කරනවානම් අපිට සාර්ථක ප්‍රථිඵල ගන්න පුළුවන් කියල මම හිතනවා.

පරිඝණක ගැන මම උගන්වන්න පටන් ගන්නේ පරිඝණකයේ අපිට පෙනෙන කොටස් ටික හා ඒවා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන එකෙන්. සාමාන්‍යයෙන් මම මේ මූලික පාඩම් හඳුන්වන්නේ "How to Use Computer" කියලයි. ඇත්තම කිව්වොත් කීයෙන් කීදෙනාද දන්නේ යතුරු පුවරුව භාවිත කරන නිවැරදි ක්‍රමය හා කීයෙන් කීදෙනාද නිවැරදි විදිහට ඒක භාවිත කරන්නේ. මේ කියන මමවත් ඒක නිවැරදි විදිහට භාවිත කරන්නේ නැහැ...!

දැන් ඔයාල හිතයි මම මටවත් කරන්න බැරි දේවල් ගැන පුරාජේරු ගහ ගහ කියවනවා කියල. මට ඒ දේ වෙන්න හේතුව මමත් අක්‍රමවත් විදිහට පරිඝනක භාවිතය ඉගෙන ගත් කෙනෙක් වීම. මම ඉගෙන ගත් කාලෙ මට උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ ඕක භාවිත කරන්නේ මෙහෙමයි කියන්න. ඒ නිසා මම මට හිතුනු විදිහට මට ලේසි විදිහට ඒවා භාවිත කලා ඒකේ ඇති භායානක පැත්ත තේරුම් යන කොට මම ඒ ක්‍රම වෙනස් කරන්න පරක්කු වැඩියි. ඒ දේ අපේ ඉගෙන ගන්න අයටගොඩකට වෙනවා මේ ඉගැන්වීමේ ක්‍රමවේදය නිසා. තවත් දෙයක් තමා මේ ඉගැන්විම තියෙන විදිහට උදේ පාන්දරම කාල පරිච්චේදයේ අය පරිඝණකය on කරන්නත් අවසාන කාල පරිච්චේදයේ අය පරිඝණකය off කරන ආකාරයත් ඉගෙන ගන්නවා අනිත් අය කවදාවත් ඒ දේවල් විධිමත් විදිහට කරන්න පාසලෙන් නම් ඉගෙන ගන්නේ නැහැ. මේ දේවල් පාසල් පරිඝණක වල දෝෂ ඇතිවිමටත් බලපානවා. ඒ තමා ළමුන් සම්පත් භාවිතයේ විදිමත් ක්‍රමය නොදැන සිටිම. මේ හේතු නිසා ඔවුන් අතින් පරිඝණක වලට හානි ඇතිවෙනවා වාගේම ඒවා භාවිතයට ඔවුන් බයවෙනවා. මම හැමදාමත් මගෙන් ඉගෙන ගත් අයට කියන දේ තමා විධිමත්ව පාවිච්චි කරල කොහොම හරි කඩන්න. එකකොට ඔයා ඉගෙන ගනීවි අළුත් දේවල් ගොඩක්. මේ දේ හැමදාම හැමතැනටම වලංගුයි.

මම මේ කිව්වේ ටිකක් විතරයි කියන්න නම් බොහෝම දේවල් තියෙනවා ඒත් දැනට මෙකැනින් නවත්තනවා. ඔයාල මේකට දාන කොමෙන්ට් මට සෑහෙන වටීවි. ඒ වාගේම අනිත් අයටත්. මේ කෙ දෙවනි කොටසක් අනාගතයේදී දෙන්න බලාපොරොත්තුවෙන් දැනට ගුඩ් බායි......!