තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමේ සාර්ථක ක්‍රමය........ අනාගතය ගැන සලකා....!

මම මේ කතාකරන්න හදන්නේ කව්රුත් කතා කරන්නන ඕන කියන ඒත් කවදාවත් කතා නොකරන මාතෘකාවක්. ඒ තමා අපිට උගන්වන දේ හා අපි ඉගෙන ගන්න දේ. මම ඉතින් computer කියන මාතෘකාව ගැනනේ වැඩිපුර දන්නේ ඒ නිසා ඒ ගැනම උදාහරණයට ගන්නම්.

හොඳයි, දැන් කෙලින්ම කතාවට බහිමු. කවුරුත් දන්නවනේ දැන් පාසල් වලට විශයයක් විදිහට තොරතුරු තාක්‍ෂණය උගන්වනවා කියල. ඒ පාඩමේ මුලින්ම උගන්වන්නේ මොනවද? ඒ තමා පිළිවෙලින් Keyboard, Mouse, Monitor, CPU, Speakers කියන්නේ මොනවාද ඒවායින් කරන්නේ මොකද කියන එක සමහර වෙලාවට Printer හා Scanner කියන ඒවත් උගන්වනවා. ඒවත් උගන්වන්නේ උදාහරණ විදිහට Keyboard නම් ඒක input device එකක් ඒකෙන් දත්ත ටයිප් කරල ඇතුලත් කරනවා. ඒක තමා Keyboard හෙවත් යතුරු පුවරුව ගැන ඉගැන්වීම. මේ විදිහට high speed කෑලි ටික ගැන කියල ඊට පස්සේ කෙලින්ම කිව්ව OS හෙවත් operating system එක කියන්නේ මොකක්ද ඒකෙන් කරන්නේ මොකක්ද විනාඩි 20න් පාඩම ඉවරයි.

මේ ටික ඉවර වෙද්දිම පටන් ගන්නේ MS Paint ඒකට ගන්නේ උපරිමය පැයක් හෝ දෙකක් විතරයි. ඊට පස්සේ කෙලින්ම Ms Word, MS Excel, MS PowerPoint එතනින් මූලික ටික  මාස තුනෙන් ඉවරයි. ඉන් පස්සේ විභාගයක් තිබ්බා පාඨමාලාව ඉවරයි. සහතිකය දුන්නා. මේක තමා ගොඩක් වෙලාවට කරන්නේ. මේ ටික ඇතිද ළමයෙකුට? මම නම් හිතන්නේ වැඩිත් එක්ක. ඒත් ඒකෙ පටන් ගැන්ම තමා හරි නැත්තේ. ආරම්භ කල යුත්තේ ඔතනින් නෙමේ. කෝ ටයිප් කරන ක්‍රම හඳුන්වාදීම, පරිඝණක භාවිතයේ මූලික කරුණු. කොහොමද පරිඝණකය ආරක්‍ෂා වෙන විදිහට ඒවා භාවිතා කරන්නේ. කෝ සම්පත් භාවිතයේ විධිමත් ක්‍රමවේදය ඉගැන්වීම.

මම කාලයක් වැඩ කලා ගුරුවරයෙක් විදිහට. ඒ කාලයේදී මම අත්හදා බැලුවා මම මේ කියන කාරණාව ගැන. ඒකෙන් මට ගොඩක් සාර්ථක ප්‍රථිඵල හම්බවුනා. 4 ශ්‍රේණියේ ඉන්න ලමයෙක් 11 ශ්‍රේණියේ ඉන්න ළමයෙකුට වඩා සාර්ථක විදිහට PowerPoint හා Photo shop වල වැඩ කරන තත්ත්වයට ගන්න මට පුළුවන් වුනා. ඒ වාගේම තමා අපි කියා දෙන්න ඕන කරන්නේ කොහොමද අපි උගන්නන දේ ඉගෙන ගෙන විභාගේ පාස් වෙන්නේ කියල නෙමේ, අපි උගන්නන දේ ඉගෙන ගන්න ගමන් අපි උගන්වන්නේ නැති ටික ඉගෙන ගන්නේ කොහොමද කියන එකයි. මේ දේ විශ්ව විද්‍යාල වල නම් තියෙනවා. දේශකයා දේශණය දෙනවා අපි ඒ ගැන විස්තර තියෙන අනිකුත් සම්පත් පාවිච්චි කරල හොයාගෙන ඉගෙන ගන්න ඕන. මේ දේ හරියට පාසල් වලටත් ටිකක් භාවිත කරනවානම් අපිට සාර්ථක ප්‍රථිඵල ගන්න පුළුවන් කියල මම හිතනවා.

පරිඝණක ගැන මම උගන්වන්න පටන් ගන්නේ පරිඝණකයේ අපිට පෙනෙන කොටස් ටික හා ඒවා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන එකෙන්. සාමාන්‍යයෙන් මම මේ මූලික පාඩම් හඳුන්වන්නේ "How to Use Computer" කියලයි. ඇත්තම කිව්වොත් කීයෙන් කීදෙනාද දන්නේ යතුරු පුවරුව භාවිත කරන නිවැරදි ක්‍රමය හා කීයෙන් කීදෙනාද නිවැරදි විදිහට ඒක භාවිත කරන්නේ. මේ කියන මමවත් ඒක නිවැරදි විදිහට භාවිත කරන්නේ නැහැ...!

දැන් ඔයාල හිතයි මම මටවත් කරන්න බැරි දේවල් ගැන පුරාජේරු ගහ ගහ කියවනවා කියල. මට ඒ දේ වෙන්න හේතුව මමත් අක්‍රමවත් විදිහට පරිඝනක භාවිතය ඉගෙන ගත් කෙනෙක් වීම. මම ඉගෙන ගත් කාලෙ මට උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ ඕක භාවිත කරන්නේ මෙහෙමයි කියන්න. ඒ නිසා මම මට හිතුනු විදිහට මට ලේසි විදිහට ඒවා භාවිත කලා ඒකේ ඇති භායානක පැත්ත තේරුම් යන කොට මම ඒ ක්‍රම වෙනස් කරන්න පරක්කු වැඩියි. ඒ දේ අපේ ඉගෙන ගන්න අයටගොඩකට වෙනවා මේ ඉගැන්වීමේ ක්‍රමවේදය නිසා. තවත් දෙයක් තමා මේ ඉගැන්විම තියෙන විදිහට උදේ පාන්දරම කාල පරිච්චේදයේ අය පරිඝණකය on කරන්නත් අවසාන කාල පරිච්චේදයේ අය පරිඝණකය off කරන ආකාරයත් ඉගෙන ගන්නවා අනිත් අය කවදාවත් ඒ දේවල් විධිමත් විදිහට කරන්න පාසලෙන් නම් ඉගෙන ගන්නේ නැහැ. මේ දේවල් පාසල් පරිඝණක වල දෝෂ ඇතිවිමටත් බලපානවා. ඒ තමා ළමුන් සම්පත් භාවිතයේ විදිමත් ක්‍රමය නොදැන සිටිම. මේ හේතු නිසා ඔවුන් අතින් පරිඝණක වලට හානි ඇතිවෙනවා වාගේම ඒවා භාවිතයට ඔවුන් බයවෙනවා. මම හැමදාමත් මගෙන් ඉගෙන ගත් අයට කියන දේ තමා විධිමත්ව පාවිච්චි කරල කොහොම හරි කඩන්න. එකකොට ඔයා ඉගෙන ගනීවි අළුත් දේවල් ගොඩක්. මේ දේ හැමදාම හැමතැනටම වලංගුයි.

මම මේ කිව්වේ ටිකක් විතරයි කියන්න නම් බොහෝම දේවල් තියෙනවා ඒත් දැනට මෙකැනින් නවත්තනවා. ඔයාල මේකට දාන කොමෙන්ට් මට සෑහෙන වටීවි. ඒ වාගේම අනිත් අයටත්. මේ කෙ දෙවනි කොටසක් අනාගතයේදී දෙන්න බලාපොරොත්තුවෙන් දැනට ගුඩ් බායි......!

9 comments:

  1. සුපිරි බ්ලොග් එකක්නේ

    ReplyDelete
  2. Kosala Jayasekara11 April 2011 at 22:35

    ඹව් ඹය කියන කතාවේ ඇත්තක් තියෙනවා,හැබැයි ඹය කියන කාරනාව හැම ගුරැවරයටම වලංගු වෙන්නේ නෑ. අනිත් කාරණය තමයි විශ්ව විද්‍යාලයේ ක්‍රමය පාසල් වලට ගේන්න බැරි හේතු තියෙනවා. මම දකින විදියටනම් ප්‍රධානම හේතුව ළමයින් තුළ ඇති අවබෝධය සහ උනන්දුව. බොහෝ වෙලාවට O/L හෝ A/L ළමයින්ගේ ඉගෙන ගැනීමේ පරමාර්තය Exam එක ගොඩ දා ගැනීමයි. එවැනි ළමයින් පිරිසකට සම්පත් සොයාගෙන කරනු ලබන අධ්‍යාපන ක්‍රමය යෝජානා කිරීම ඵල රහිත ක්‍රියාවක්.

    ReplyDelete
  3. අනූප
    ඇත්තටම මේකතමයි වෙන්න ඕන ඔනම විශයක් මේව‍ගේ විදිමත් විදිහට උගන්වනවනම් ඒක ළමයෙකුට ලොකු අවස්ථාවක් සමහර ගුරැවරැ කොහොමත් එහෙමයි

    ReplyDelete
  4. ළමයි තුල අවබෝධය හා උනන්දුව කියන දෙකම අපිට ඇති කරන්න පුළුවන් මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියා කලොත්. අනික ළමයෙකුට විභාගය ගොඩ දානවට අමතරව තමන්නේ අනාගතය වෙනුවෙන් යමක් කරන එක පුංචි කාලෙ ඉඳන්ම පුරුදු කලොත් කවදාවත් ඒ අය පරාජය වෙන්නේ නැහැ....!

    ReplyDelete
  5. මම උගන්වන ක්‍රමය මීට වඩා වෙනස් මුලින්ම පරිගණකය සතු මූලික කොටස් හඳුන්වා දීම සිදු කරනවා ..

    Keyboard, Mouse, Monitor, මම හිතනවා ඔයා CPUකියලා අදහස් කලේ System Unit එක කියලා. ඔන්න ඔය උපාංග සහ තවත් පරිගණකය සමග එකව වැඩකරන ප්‍රින්ටර් ස්කෑනර් මොඩම් වගේ හැම උපාංගයක්ම හඳුන්වා දීමත් . ඊටපස්සේ Keyboard, Mouse, Monitor System Unit . වෙන වෙනම හඳුන්වා දීමත් ඒවාතුල ඇතු කොටස් වෙන වෙනම හඳුවාදීමත් . අපේ පලමු චැප්ටර් එක .පලමු චැප්ටර් එකට අපි පැය 6 වෙන් කරනවා ...
    ඊලඟ්ට ඉතිරිය

    ඔයා කියන ක්‍රමයත් හරි ඒත් මේ මූලික දේවල් ගැන ළමයෙක් නිවැරදිව දැන සිටීම අනිවාර්‍යයි . නැත්නම් පරිගණකය මැජික් පෙට්ටියක් කියලා ළමයට හිතේවි ...

    සුලා අයියා ඔයා ගැන අහලා තිබුනට බ්ලොග් එක දැක්කේ අද !~

    ReplyDelete
  6. ඇත්තටම මේකට උගන්නන මිනිස්සු වැරදියි කියන්න බැ.. ඉස්සර අපි කොම්පියු‍ටරයක් අතිං අල්ලලා නැති කාලෙ ඒවා ගැන ආසාව නිසා මාර විදිහට හෙවුවා.. මට මතකයි විජය පත්තරේ ගියා අතිරේකයක් 2001 දි විතර.. ඒ හැම එකක්ම කියවනවා.. සමහර ඒවා තේරෙන්නෙත් නෑ..ඒත් එහෙම කියලා අතඇරියෙ නැ.. පොත් වලින් සඟරා වලින් පුදුම විදිහ‍ට ඉගෙන ගත්තා.. පස්සෙ කාලෙක කොම්පියුටරයක් අල්ලලා වැඩ කරන්න ගත්තම ඒ දේවල් පුදුම විදිහට ප්‍රයෝජනවත් උනා මට. හැමදේකටම උනන්දුව අවශ්‍යයි..

    ReplyDelete
  7. සීයට දෙසීයක් හරි. මේ විදිහට තම කරන්න ඕනේ.. හැබැයි ඉතින් අපේ රටේ විශේෂඥයෝ නම් කියන්නේ මේ විදිහට නෙමේ.. උදාහරනෙකට බලන්නකෝ අරගෙන අච්චු පොතක් එහෙම..

    ReplyDelete
  8. අපොයි මගෙත් මූලික සංකල්ප ටික නම් බංදුවයි,
    තෑන්ක්ස්...

    ReplyDelete
  9. කම්පියුටර් කෝස් ගැන කතා කරලා වැඩක් නෑ... ඔක්කොටම හපන් ලොකු ලොකු නම් තියෙන ආයතන වල ඉගැන්වීම් තත්වය.. ඩිසයිනින් කෝස් තියෙනවා මෙලෝ වැදගැම්මකට නෑ....

    ඔයා කියනවා වගේ කීබෝඩ් එක තියෙන්න ඕනේ ස්ථානයේ නැති තැනුත් තියෙනවා... (ඒක තියෙන්නේ මේසේ උඩ...) අපේ මාමා මට කියලා දුන්නේ ඔන් කරන ඕෆ් කරන හැටි විතරයි... මම මුල ඉඳලා පුරුදු උනේ තනියෙන්... ඒත් මම ඔය ක්‍රමේ අල්ලගත්තා.. ඒක හරි පහසුවක්....

    ඇත්තටම ළමයෙක් මුල ඉඳලම බය උනොත් නම් විනාසයි.... සමහර ඉස්කෝල වල ළමයින්ට අල්ලන්නවත් දෙන්‌ෙන් නැතුව කම්පියුටර් තියාගෙන ඉන්නවා.. ඉති බොරුවට තියරි කියල දිදී ඉඳලා අත ගහපු ගමන් වැඩේ හබක්.. ළමයා බය වෙනවා...

    පරණ ලිපියක් උනාට කියලා තියෙන දේ හරිම ප්‍රායෝගිකයි තමයි.. ඒත් මේ අපිට තේරෙන ටික ඔය ලොකු ලොකු තැන් වල ඇත්තන්ට තේරෙන්නේ නැත්තේ උන් ඇවිල්ලා තියෙන්නේ වෙන ග්‍රහලෝක වලින්ද මන්දා....

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!