සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන පැන මඩ කඩිති වැව් තාවලු ගීතය තැනෙක ගුරු ගීතය ලෙසින් හදුන්වනු අසා ඇත්තෙමි. චිංගීස් ආයත්මාතව් විසින් රචිත රුසියානු නවකතාවක් වන ගුරු ගීතය මෙම ගීතයේ අර්ථය සමග කොරම් ගැලපේ දැයි සිතීම ඔබට බාරය. මහින්ද චන්ද්‍රසේකර විසින් රචිතව රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීතය අපූර්ව වන්නේ මේ සියල්ල කරා සිත දිව යන නිසාවෙන්ම යැයි මට සිතේ.
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
මෙහි කතා නායකයා පැරණි ගුරුවරයෙකි. ඔහු ලමයෙකුව ඉන්නා කල ගුරුවරුන්ට ලැබූ සැලකිල්ලට වඩා අද ඔහු ලබන සැලකිලි වෙනස් වී ඇත. ඔහුද තම ශිෂ්‍යයන්ට සමාජයේ සැලකුම් ලබමින් උගතෙකු වියතෙකු වන ආකාරය කියා දී ඇත. ඔහුගෙන් උගත් සිසුවන් දැන්සමාජයේ ඉහල තැන් වලද ඇත. නමුත් ඔවුන් කිසිවෙකුත් තම ගුරුවරයා පිලිබඳ සොයා බලන්නේ හෝ මගතොට දැක කතා කරන්නේද නැත. පැරැණි වයසට ගිය ගුරුවරයා තවමත් පැරණි පාසලේම අවසන් කාලය උගන්වමින් සිටී. තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යනු ඇත. ඔහු ඉගැන්වූ පාසල කෙබඳුද? එහි දරුවනට උගන්වන්නට ඔහු දැක්වූ අපරිමේය වෙහෙස රචකයා ගෙනෙන්නේ පලමු පද පේලි දෙකකිනි. තෙවෙනි පෙල ලමුන් දැන් සිටින තැන පිලිබඳව ගුත්තිල කාව්‍ය ඇසුරින් ගෙනහැර් පායි. සිව්වන පෙල ගුරුවරයා තම අවසන් කාලය වන තුරුත් තම සේවය නොපිරිහෙලා ඉටුකරන බව කියාපායි.
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
මෙහිදී රචකයා මවන්නේ ුප පු'චි කාලයේ කියවූ පොත පතේ සිටි සාමා අමරලා විය යුතුය. ඔවුන් වැනි ගැමි තරුණ තරුණියන් අධ්‍යාපනයක් නොලැබීමට හේතුව නම් දරිද්‍රතාවයයි. එනයින් ඔවුන් පොත පත හදුනාගන්නේ හෝ එහි වටිනාකමක් නොදනී. එබැවින් කුමාරෝදයේ පිටු ගලවා දෙන්නට මැලි නොවෙති. නමුත් වේවැලි පාරක් ගසා එයින් දරුවන්ගේ ඉකිබිදුම් ඇසීමට අකමැති වුන ගුරුතුමාට අද ඔවුන් වැන්නවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට නොහැකව ඇත. ගුණගරුක වූ දුප්පත් දරුවන් සදහා බලෙන් පාරක් ගසා හෝ යමක් ඉගැන්වීමට නොහැකි වීම පිළිබදව ගුරැවරයා පසුතැවිලි වන සෙයකි. එයට හේතු වන්නේ මූසිලයන් වැනි ගොලබාලයන්ගේ ක්‍රියාකාරකම් විය යුතුය.
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
කතා නායකත්වය, අපගේ ගුරුතුමා මිළ මුදල් පසු පස දුවනවාට වඩා ඉගැන්වීම පිළිබදව තමා මූලිකව හිතුවේ. ඒ නිසාම ඔහු සතුව වස්තුවක් නෑ. ඔහුට හිමි ගුරු නිවාසය පමණයි. නමුත් ඔහුට විවාහවන වයසේ දියණියක් ඉන්නවා. ඇය විවාහ කරල දෙන්න ඇය වෙනුවෙන් දායාදයක් ඔහු සොයල නැහැ. ඒ නිසාම ඇයට ස්වාමියෙක් හොයන්න අමාරුයි. නමුත් මෙි සියල්ල ඉවසාගෙන කදුලින් පිරුණු ජීවිතයක් ගත කරනවා වුනත් ඔහුගේ බිරිද තවමත් ඹහු සමග ජීවිතය ගෙවනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සැළලිහිණි සංදේශයේ එන "මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති බිතුසිතුවම් මෙන් පිටු පා නොයා විතී" යන කොටසෙන් මෙම බිරිද සදහා උපමාවක් යොදාගන ඇති බවයි මම අහල තියෙන්නේ. කොහාම වුනත් ඇයගේ ආදරය ගැන කියන්න වෙන ක්‍රමයකට වඩා මේ ක්‍රමය වඩා සාර්ථකයි කියලයි මගේ හැගීම. මොකද ඔහු හා හිද විදින දුක ඇය ඉවසා දරා සිටිනයුරු බැලූ විට බිතු සිතුවමක් වැන්නේම විය යුතුයැයි මට සිතේ.
කෙසේ වුවද සෙමෙන් ගලා යන අපූරු රිද්මයකින් හෙබි සංගීතයෙන් ඔබ වැටුන මෙම ගීතය නිදහසේ රසවිද බලන්න යැයි මා ආරාධනා කරනවා.
කෙසේ වුවද සෙමෙන් ගලා යන අපූරු රිද්මයකින් හෙබි සංගීතයෙන් ඔබ වැටුන මෙම ගීතය නිදහසේ රසවිද බලන්න යැයි මා ආරාධනා කරනවා.
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩ කඩිති වැව් තාවලු ...
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩ කඩිති වැව් තාවලු ...
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
ගායනය : සුනිල් එදිරිසිංහ
මේක නම් මම ආසම කරන සින්දුවක් මචෝ...
ReplyDeletewelcome
Deleteමේ ගීතය ලංකාවේ ගුරු උපහාර වල සහ ගුරුවරුන් වෙනුවෙන් පාසැල්වල ගායනා කිරීමෙන්ම පේනවා ඒ ඉස්කෝලවල විචාරක ගුණය කොතරම් තියෙනවද කියලා. මේ ගීතයේ කියවෙන්නේ ගුරු වෘත්තියේ ශෝකාන්තය. ගුරු වෘත්තිය සම්ප්‍රදාය මතම ඉඳලා ඒත් ලෝකය වෙනස් වෙලා. සාමා අමර කතාව මට අනුව නම් සම්ප්‍රදායික පාසැල් අධ්‍යාපනයේ පරමාදර්ශ. ගුරුවරයාගෙන් ඉගෙන ගත් මූසිල උඩින් ඉන්නත් ගුරුවරයාගේ හොඳ ළමයි වෙච්ච සාමා අමරට කජු විකුණන්න වීමත් මේ පරමාදර්ශ අභියෝගයට ලක් වෙලා කියලා කියනවා. ඒත් ඇත්තටම මූසිල වැරදි නෑ.
ReplyDeleteඇත්තෙන්ම
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteස්තූතියි සහෘදය.. කාලය අනුව බලන්නම්.. සබැදිය මෙහි පලකරන්න ජය
Deleteමරු 😘
ReplyDelete