දාගැබ යනු හුදෙක් බෞද්ධයාගේ සංස්කෘතිමය
නිර්මාණයක් පමණක්ම නොවේ. එය මනස සන්සුන් කරවා අපගේ ශක්තීන් සමනය කල හැකි යාන්ත්‍රණයකි.
බෞද්ධ දර්ශනය අනුව ගත්කල චෛතය වන්දනාව බුදුන්වහන්සේ පවා අනුමත කර ඇත. බුදුන් දක්නට
පැමිණෙන සුවහසක් බැතිමතුන් බුදුන් නොදැක ආපසු යන්නේ සිත් කනස්සල්ලට පත් වෙමිනි. මේ
පිළිබඳ විමසන්නා වූ ආනන්ද තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ මෙසේ දේශනා කල සේක. මා
නොමැති විටක හෝ නොමැති කලෙක මා දැක වන්දනා කිරීමට පැමිණෙන සදහවත් බැතිමතුන්ට චෛත්‍ය
වන්දනාව නියම කල අතර එහිදී ශාරීරික, පාරිභෝගික හා උද්දේශික චෛත්‍ය පිලිවෙලින්
වන්දනාව නියම කල සේක. දාගැබ යනු ධාතු ගර්භය යන්නයි. එනම් ධාතූන් තැන්පත් කල ස්ථානය
යන්නයි.
දාගැබ් නිර්මාණය තුල විද්‍යාත්මක පැතිකඩක්ද තිබෙන
බව මාගේ විශ්වාසයයි. බුදුන්ගේ ධර්මයේ සියලු කාරණා පාහේ විද්‍යාත්මක සත්‍යයක
අන්තර්ගත වුවද විද්‍යාව මගින් පවා තවමත් අපට තේරුම්ගත හැකිව ඇත්තේ අල්පයක් පමණි. ධර්ම
දේශනාවේදී පවා බුදුන් වහන්සේ එකිනෙකාගේ තේරුම් ගැනීමේ තරම අනුව විවිධ ලෙසින් ධර්මය
දේශනා කරන්නේ එනිසාවෙන්ය. වැවයි දාගැබයි සංකල්පයත්, චෛත්‍ය වටා තුන්වරක් දකුණු
පසින් පැදකුණු කරන්න යැයි ව්‍යවහාරයක්ද පවතින නමුදු අප කෙදිනකවත් ඒ ඇයි දැයි සිතා
නොමැත්තෝය. තැනිතලාවක ඇති උසම ස්ථානයට අකුණු වදින බව විද්‍යාත්මයව අප දන්නා සත්‍යයයි.
වැවක් යනු එක් තැනිතලා භූමියකි. එය ආසන්නයේ උස් ස්ථානයක් නොමැති නිසාවෙන් අසල
සිටින අයෙකුට වුවද අකුණු වැදීමේ සම්භාවිතාවක් පවතී. එනයින් දාගැබක් වැවක් අසල
නිර්මාණය කිරීම සිදුවිය.