අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ තිබෙන මෙය දැන ලංකාවේ තියෙන විශාලම පුරාවිද්‍යා ස්ථානය කියන්නත් පුළුවන්. එහි ප්‍රමාණය දැනට අක්කර 1125ක් විතර. නමුත් ඊටත් වැඩිය ඇති කියලයි හිතන්නේ. අම්පාර නුවර පාරෙන් හැරිල ටිකක් දුර ඇතුලට ගියාම කන්ද පාමුලට එන්න පුළුවන්.
ගල් කුඩය |
කඩා වැටුනු මුරගලක් |
කන්ද මුදුනට යන්න ටිකක් අපහසුයි. ඒකට හේතුව පටු ගල් පඩිපෙල් අතරින් යන්න තිබීම හා ප්‍රදේශයේ ඇති වියලි කාලගුණික තත්ත්වයයි. කඳු මුදුන පුරා විශාල තැනි තලාවක් තිබේ. කෙසේ වෙතත් මෙතැන විශාල වටිනාකමක් ඇති පුරාවස්තු රාශියක් ඇති බව නම් සත්‍යයක්.ඉන් ප්‍රධානම කාරණය වන්නේ මහින්දාගමනය සත්‍ය බැව් දැක්වෙන වැදගත්ම සාක්‍ෂියක් මෙහි තිබීමයි. ඒ මහා වංගයේ සඳහන් මිහිඳු මහ රහතන් වහන්සේගේ මිහින්තලයේ නිධන් කල ධාතූන් හා ලංකාව පුරා විසිරවූ ධාතූන් ගැන කියවෙන ලිඛිත සාක්‍ෂි හමුවූ එකම ස්ථානය මෙය වීමයි. අද නටඹුන් වී ගිය මිහිඳුමහ සෑය දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශය පුරා විසිරිණු ගල් කුඩ විශාල ගණනක් දකින්න පුළුවන්. ඒවා සංඝයා සඳහා භාවනා කරන්න හා ගිමන් නිවා ගැනීම සඳහා යැයි විශ්වාස කල හැක.
අද මෙය රජගල ලෙස ව්‍යවහාරයේ තිබුණද එදා මේ සඳහා විවිධාකාර නම් භාවිත කර ඇති බැව් ලිපි කියවීමේදී පෙනීයයි. ඈතින් කිඹුලකු සේ දිස්වන නිසාවෙන් කුම්බිල නාමය සහිතව ගිරිකුම්බිල තිස්ස ලෙසත් තවත් කලෙක රාස්සහෙල, ධන තිස පවන ලෙසත් පසු කලෙක අරියාකාර ගිරිකුම්භිලවාපී තිස්ස පබ්බත විහාරය විදිහටත් හඳුන්වලා තියෙනවා. තවද II වන මහින්ද රජුගේ සමයේදී අරිත්තරා වෙහෙර විදිහටත් ක්‍රි.ව. 4වන සියවසේදී රචගල විදිහටත් හඳුන්වලා තියෙනවා.
මෙහි තිබෙන ප්‍රධානම ලෙනෙහි ඇති ලිපිය වසර 2000ක් පමණ පැරණිබව කියවේ. එහි අක්‍ෂර අනුව එය ක්‍රි. පූ. 1වන සියස හා ක්‍රි. ව. 1වන සියවස අතර කාලයේ යැයි පවසයි. තවද ලිපි අනුව මෙම ලෙන් සඟ සතු කිරීම තුන්හෙළය එක්සත් කල දුටුගැමුණු රජුන්ගේ සහෝදරයෙකු වූ සද්ධාතිස්ස රජුන්ගේ පුත්‍රෙයක් වූ ලජ්ජිතිස්ස රජුන් විසින් යැයි කියවේ. මෙහි සඳහන් සද්ධාතිස්ස රජුන් මා කලින් ලියූ ලිපි වන නෑල්ල විහාරය හා කදුරුගෙඩ විහාරය නම් ලිපිවල සඳහන් සද්ධාතිස්ස නම් මායා රටේ සද්ධාතිස්ස රජුන්ම යැයි සිතිය හැක. කෙසේ වෙතත් දැන මෙහි ඇති ලිපි සංඛ්‍යාව 80ක් පමණ යැයි පැවසේ. ඒ අතර ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි දකින්න පුළුවන්. තැන්න පුරා විසිරුණු පුරා විද්‍යා ස්ථාන 700ක් පමණ හඳුනාගෙන ඇති අතර සමහරක් දේ නිධනි හොරුන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇත. දැනට කැනීම් කරන තැන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් යැයි කිව හැකිය. ඒ කැටයම් වලින් තොරවූ නිර්මාණ නිසාවෙනි. දැනට කැනීම් භාර වැලිවිටිගොඩ මහතා පවසන අන්දමට මෙහි මතුපිට දකින ගොඩනැගිලි ස්ථරයට පහලින් තවත් ස්ථරයක ගොඩනැගිලි සමුවී ඇත. එනම් විනාශ වූ ගොඩනැගිලි මතින් නව ගොඩනැගිලි නිර්මාණය කර ඇත.
නරඹන්න එන අය නටඹුන් විනාශ කිරීම ගොඩක්ම සිද්ධ වුන තැනක් තමයි රජගල. විවිධ පුද්ගලයන් නම් හා දුරකථන අංක ලිවීම සිදු කරල තියෙනවා. ඒ නිසා පුරාවිද්‍යා සාක්‍ෂි විශාල ප්‍රමාණයක් විනාශ වෙලා. ඒ නිසා ඉල්ලීමක් තියෙනවා මොනයම් වෙලාවකදීවත් පුරා විද්‍යා ස්ථාන විනාශ කරන්න එපා. විශේශයෙන් ඒවා විනාශ වෙන විදිහේ දේවල් කරන්න එපා කියලයි ඉල්ලන්න තියෙන්නේ. ඒ පිළිබඳ නීතිමාලවක් තිබෙනවා වගේම දඪුවම් ලැබිය හැකි බව ලියා තිබෙන පුවරු පවා නොතකමින් බලධාරීන්ගේ ඇස නොගැටෙන අයුරින් ඒවා විනාශ කරන්නන් බහුලව දකින්න පුළුවන්.
රජගල නටඹුන් අතර මා මතකයේ රැඳි ප්‍රමාණය අපමණය. ඒ අතර අඩක් නිමවූ හිටි පිළිමයක්, ගලින් කල උළුවස්ස, නොසිඳී හැමදා ජලය ලබාදෙන සිංහ කට හා විශාල ගල් පාත්‍රය තිබේ. තවද එහි උළුවස්ස හිඳවීමට කුස්තුර මත රඳවා ඇති ආකාරය අපේ හෙල කලාකරුවා සිහිකරවයි. මා දුටු සියල්ලම වාගේ පින්තූර මා ඉහත සඳහන් කල 2012 මතක සටහන් හා 2014 මතක සටහන් අතරේ තිබේ. මේ පිළිබඳ තවත් මත තියෙනවා වුනත් ඒ පිලිබඳ සාක්‍ෂි නැහැ. කියවන ඔයාලත් දන්න දේ තියෙනවා නම් comment විදිහට දාන්න මටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි තවත් දේවල්...
අායෙ වහෙන්ඔරෝ කියන්න දෙයක් නෑ. මේ තියෙන්නෙ බුදුහිමි වැඩසිටි රජගහනුවර වේළුවනාරාමයයි.
ReplyDeleteමිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකව ද සනාථ කෙරෙන ශිලා ලේඛනයක් සහ මිහිඳු මහරහතන් වහන්සේගේත් ඉට්‌ඨිය තෙරුන්ගේත් ධාතූන් වහන්සේලා ගේ භෂ්මාවශේෂ එහි අසල දාගැබක නිධන් කළ බව පැවසෙන බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියා ඇති ශිලා ලිපියකුත් ඒ අසල ගරාවැටුණු දාගැබක නටබුනුත් රජගල තියනව.
ReplyDeleteමහින්දාගමනය හුදු ප්‍රලාපයක් පමණක් නොවන බව සාධක සහිතව ඔප්පු කර තියනව. බුදුන් වැඩ විසු ජේතවනාරාමය කියල ඔබලා විස්වාස කරේනෙ හුදෙක් හිතලු පමණයි.
නොඑසේනම් නිල ඉතිහාසය බොරු වෙනවා. දළදා මැදුර, ශ්‍රීපාදය, ශ්‍රී මහා බෝධිය වැඩකට නැති ස්ථාන වෙනවා. සිදුහත් කුමරා උපන් තැන, බුදු හාමුදුරුවෝ බුදු වූ තැන ආදිය ඉතා වැදගත් ස්ථාන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ ස්ථාන වැදපුදාගෙන සිත පහදවා ගත යුතුයි කියලා. ඒ අවස්ථාව මේකෙන් නැති වෙනවා. ඉන්දියාවේ කුසිනාරාව, සැවැත් නුවර ආදීයේ නටබුන් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ලංකාවේ නෑ. ඔබලාගෙ හිත්වල තියන අන්ධ ශ්‍රද්ධා වෙ ප්‍රමාණ යෙන් මේ වැනි කරුණක් ගැන තීරණය කරන්ඩ බෑ. ඒවා නොමග යවන සුළුයි. මා නම් හිතන්නේ මේ කතාව පතුරවන අය වැඩ කරන්නේ සද්භාවයෙන් නොව සිංහල බෞද්ධයන්ගේ මනස අවුල් කරන අදහසින් බවයි.
ඔබ ඉහත කොමන්ටුවට දාපු ප්‍රති උත්තරයක් විය යුතුයි මම හිතන්නේ මොකද මේක ලිපිය සම්බන්ධව නොවන නිසා මට හිතා ගන්න අමාරුයි වෙන යම් විදිහක්. කොහොම වුනත් මේ සියල්ල අවුරුදු දහස් ගණනක් පැරණියි. දැනට වුනත් රජගල කැනීම් සිදුවෙනවා අඩි ගානක් යටට. එක ඉදිකිරීමක් යට කරමින් තවත් ඉදිකිරීමක් සිදුවුන බවට සලකුණු තිබෙනවා කියලයි කියන්නේ. ඒ අවුරුදු දහස් ගනනක් නම් බුදුන් සිටි සමයේ කුමක් තිබුනාද යන්න අපි දන්නේ නෑ (මම දරන මතය) අපි ඉතිහාසය ඉගෙන ගන්නේ සහ පිලි ගන්නේ හමුවන ඓතිහාසික සලකුණු එක්ක. ඉතින් අපි බලා ඉඳිමු අවසානය කුමක්ද කියල. තවමත් කැනීම් වල අවසානයක් නොමැති නිසා....
Delete
Deleteඔව් සුලා.
"අායෙ වහෙන්ඔරෝ කියන්න දෙයක් නෑ. මේ තියෙන්නෙ බුදුහිමි වැඩසිටි රජගහනුවර වේළුවනාරාමයයි."
යනුවෙන් කිසිම සාක්ෂියක් පුරාව්ද්‍යා සාධක නැතිව හිතට එන හිතලු ප්‍රකාශ කරන අයටයි එහෙම කිව්වෙ.
ඔබේ ලිපිය ඉතා අගේ කලයුතුයි. මමත් රජගල සංචාරය කරා 2012දි. ඒ ගැන මතකය අලුත් කරගන්න තවත් කරැණු හොයද්දියි ඔබේ වටිනා ලිපිය හමුවුණේ.