කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ඒ නකැම්පස් එකේ අවසන් වසර විභාගය නිසා. තාමත් ඉවර නැහැ. ඒත් අද කියන්න තියෙන්නේ කණගාටුදායක කතාවක්. අපි ඉන්නේ සම්මාන්තුරය කියන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජීවත්වෙන මේ පැත්තේ අපිට හොස්ටල් දීලා තියෙන්නේ පුංචි ගෙවල් කුලී පදනමින් අරන්. මේ කියන හොස්ටල් එකට යාබද මුස්ලිම් නිවසක පොඩි ලමයෙක් දුවන් ආවේ සර්පයෙක් ඉන්නවා කියාගෙන. මමත් යාළුවෝ කීප දෙනෙකුත් යද්දී පොඩි කොලුවා වටේම තියෙන හොස්ටල් ගිණිතියල. =D
කොහොම වුනත් බැලු බැල්මට සර්පයෙක් නොහිටි නිසාත් මුස්ලිම් සහෝදර ශිෂ්‍යයන් සොයා බලන්නට වුන නිසාත් ඒ අයගේ ආගම අනුව අපි එතැනට සුදුසු නැති නිසාත් මම එතැනින් ආවේ හම්බවුනොත් ඒ සතා මරන්න එපා කියාගෙන. නමුති ටිකකින් පහදෙන සද්දයක් නිසා යද්දී අහිංසක සතා මරලා. කොල්ලෝ විස්සක් විතර ගහනව ඒ සතාට. මරපු සතා ගැරඬියෙක්. පොසොන් පෝය දවසේ අවසානය දකින්න වුනේ බොහෝම නරක විදිහට. දැන් හිතෙයි මොකක්ද වරද කියල. ඕක සාමාන්‍යෙයන් වෙන දෙයක්නේ කියල මෙතැනින් එහාට කියවන්නේ නැතුව ඉඳියි. එතුනින් පස්සේ ඒ සතා කෝටුවකින් අරන් අනිත් අය බයකරමින් හැමතැනම අරගෙන දිව්ව හැටි, මරණය විනෝදයකට හරවා ගත් හැටි. මෙතැන බොහෝම නරක කාරණා කීපයක් තියෙනවා.
අංක එක තමයි මේ සියළු ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වීම. එතැනිනුත් බහුතරය ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයන් වීම. මම හැමදාම මතක් කරල දෙන කාරණාවක් තමා අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. ජීව විද්‍යාව හදාරන, විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේ ඉන්න ශිෂ්‍යෙයකුට තවමත් ගැරඬියෙක් හඳුනාගන්නවත් බැහැ. සමාන්‍යෙයන් හැමතැනම දකින්න ලැබෙන සර්පයෙක් වුන ගැරඬියා නයා වෙන්කර ගන්නේ කොහොමද කියල දන්නේ නැහැ. ඒ දේ සාධාරණයි. මොකද අපේ විශ්ව විද්‍යාලයයට මම කලින් මැරුනු සර්පයෙක් අරන් ගියා. ඒ ඒ සතා මැරිල ඉවරයි ළමයින්ට උගන්වන්න පුළුවන් නිසා ෆෝමලින් දාල කල් තියාගන්න පුළුවන් නිසා. එතැන හිටි දේශකවරිය හා සහයිකාව අහන්නේ අපෙන් මේ සර්පයා මොකාද කියල. ඒ ජීව විද්‍යාව භාර දේශකවරිය වීම ඇත්තටම කණගාටුවට කරුණක්. මේ දේට වගකියන්න ඕන පාර්ශව කීපයක්ම තියෙනවා. කටපාඩම් කරල උපරිම ලකුණු අරන් එන අය වෙනුවෙන් සැදුනු ආයතන, හැමදේකම ශ්‍රේණිය හොයන දෙමාපියන් මේ දේට මුලින්ම වැරදි කාරයන්. ප්‍රාෙයා්ගික දැනුම වැදගත් නැති ගුණධර්ම නොසොයන සමාජයක අපට මීට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ.
දෙවැනි කාරණාව තමයි ඒ මැරුණු සතා එක්ක කල සෙල්ලම. අපි හිතමු හරි කොහොම හරි සර්පයා අඳුන ගන්න බැරි නිසා මැරුවා කියල. දැන් ඒ සතා මැරිල ඉවරයි. විස රහිත සර්පයෙක්. එතැනින් පස්සේ ඒ මළකුණ අරගෙන යාළුවෝ බය කරමින් ඒ මේ අත අරන් දුවන්න ගත්තේ ඒ සතාගේ ජීවිතයේ අයිතීන් දීලද. විශ්ව විද්‍යාලයේ මහලොකු කරන් අපේ එකේ විතරයි තියෙන්නේ කියාගෙන උගන්වන Bio Ethics (සාරධර්ම) විශයයේ කිසිම වැඩක් නැහැ කියල තේරුණා. මොකද උගත්කම කියනදේ තාමත් මනින්නේ පරණ සහතික මිම්මෙන්ම කියන දේ තේරෙන තරම් විනාශ වුනා. විශ්ව විද්‍යාලයය මට දුන්නේ එකම දෙයයි ඒ සමාජයේ විවිධාකාර පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් හා විධිය ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්. ො කිසිම වැදගම්මකට නැති ප්‍රායෝගික විශයයන් මූලධර්ම විදිහට පාඩම් කරන් අමතක කරන තැනින් පැනලා යනව. ජීවිතයක වටිනාකම ගැන ලොකුවට කියා දෙන විශ්ව දැනුම දෙනවා කියන තැනක තත්ත්වය තේරුනේ මෙතැනට ආවාමයි. සහතික වල හිරකරගන්නේ නැති ආයතන බිහිවෙනවා. ඒ සහතික වලින් දියුණුවක් නැති වෙන්න පටන් ගනිද්දී. අද මට හිතෙනවා අපේ ඇමතිතුමා විශ්ව විද්‍යාලවල ඉන්නේ බූරුවෝ කියපු කතාව ඇත්ත කියල.
අනර්ඝයි.කොහොමත් අද කාලේ සතෙක්ගේ ජිවිතේ වගේම මිනිස් ජීවිතේටත් දීලා තියෙන ලන්සුව ගොඩක් අඩුයි.
ReplyDeleteමාත් විශ්ව විද්‍යාල සිසුවෙක් විදියට මේක ප්‍රායෝගිකව බොහූමයක් තැන වල දැකල තියෙන දෙයක්.අනිත් එක අද අධ්‍යාපන රටාව අනුව බිහි වෙලා තියෙන්නේ පොත් කට පාඩම් කරන පිරිසක් විතරයි. රසවින්දනය මොට වුනු, දෙයක හොඳ නරක දන්නේ නැති,අනුන්ට ඉරිසියා කරන, තරගකාරී යව්වනයක් බිහිවීමට මුලික වශයෙන් අධ්‍යාපන රටාව වග කියන්න ඕන. වැඩි ලකුණු අරන් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ගිය පිරිස ඔහොම හැසිරෙනවා නම් අනිත් අය ගැන කවර කතාද???