ලංකාවේ තියෙනවා පාසල් වර්ග තුනක්. ඒ ගැන තමා මම මේ ලියන්න හදන්නේ. මේවා ගැන අපි මොනවද දන්නේ? මම ලියන්න හදන්නේ ඒවායේ කරන දේවල් නෙවි. ඒවා නිසා අපේ ළමයි ඉන්න තැන. මේක ලියන්න හේතුව වුනෙත් මගේ යාළුවෙක්, එයා එහෙම පාසලකට ගිය කෙනෙක්.
මුලින්ම කියන්නම් ගැහැණු පාසල් ගැන. මේවාට යන අයට ඉගෙනීම නම් හොඳට ලැබෙනවා. ඒත් ඒ අය සමාජයේ හැසිරිය යුතු ආකාරය දන්නවාද? ඒකට උත්තරය නැහැ කියන එක. මොකද එයාල හැමදාමත් කරන්නේ ඉගෙන ගන්න එක විතරයි. එයාලාගෙන් සමහර අය කවදාවත්ම පිරිමි ළමයෙක් ආශ්‍රය කරලා නැහැ. එහෙම කෙනෙකුට තමන්ගේම සහෝදරයෙක් නැතිවුනොත් මොනා වෙයිද? එයාල දකින ආශ්‍රය කරන එකම පිරිමි කෙනා තමන්ගේ පියා විතරයි. මේකේ තවත් භයානකම අවස්ථාවක් තමා මොවුන් නේවාසිකාගාර වල ඉඳන් ඉගෙන ගන්න එක. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් සමාජයෙන් ඈත්වෙන එක. අද සමාජයේ වන කිසිඳු සිද්ධියක් නොදැන මොවුන් සමාජයට ආ දවසක මොනා වෙයිද? මේවාට ඔන තරම් උදාහරණ මම නම් දැකල තියෙනවා. ඔයාලත් ඕන තරම් දැකල අහල ඇති හොඳට කල්පනා කරල බලන්න. මේ ගැහැණු ළමයි සමාජයට ආ දවසට දකින පිරිමි ළමයින්ට ඔවුන් බයවෙනවා එහෙම නැතිනම් අමුතු සතෙක් දැක්කම අපට ඇතිවන කුතුහලය ඇතිවෙනවා. ඒ වෙලාවට මුනගැහෙන පිරිමි කෙනා කොහොම කෙනෙක් වෙයිද කියල කාට කියන්ට පුලුවන්ද? අවස්ථාවාදියෙක් වුනොත් ඒ කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි. මේ වාගේ කෙනෙක් ගැටලුවක් ආවාම තමන්ගෙන්ම අහනව "මම කොහොමද කටයුතු කරන්න ඕන". ඒත් කවදාවත්ම තමන්ගේ ප්‍රශ්ණ ගැන කාටවත් කියන්නේ නැහැ. මේක තවත් ගැටළුවක්.
දැන් කියන්නම් පිරිමි පාසල් ගැන. ඔවුන්ටත් මේ ගැටලු පවතිනවා. නමුත් ඔවුන් ගමේ. නගරයේ ඇවිදිමින් කටයුතු කරන නිසා ඔවුන්ට ගැහැණු ළමුන් තරම් මේ ගැටළුව බලපාන්නේ නැහැ. ඒත් ඒ කෙනා පාඩමේ ඇලුණු කෙනෙක් වුනොත් දෙයියන්ගේ පිහිට තමා.
මේ කාරණා වලින් වඩාත්ම වාසනාවන්ත වන්නේ මිශ්‍ර පාසල් වල ඉගෙන ගන්න ළමයි. මොකද ඔවුන් ගැහැණු හා පිරිමි යන දෙගොල්ලන්ම ආශ්‍රය කරන නිසා ඒ ඒ අය සිතන පතන ආකාරය ගැන හොඳ වැටහීමක් තියෙනවා. හැබැයි ඒකත් පොත් ගුල්ලන්ට නම් නෙවි. මේ කාලයේ ඉගෙනීම පමණක් කරල සමාජයේ අනිත් දේවල් වලින් ඈත් වෙන එක නම් ඔවුන් තමන්ගේ අනාගතයට කරන ලොකු අපරාධයක්. අද අපි හිතන අනාගතය විය යුත්තේ හෙට මොකද කරන්නේ කියන දේ නෙමෙයි. මොකද තව අව්රුද්දකින් නැත්තම් දෙකකින් කරන්නේ කියන දෙය. ඒ තමා අනාගතය සැලසුම් කිරීම කියන්නේ. දෙමාපියනුත් තමන්ගේ දරුවන් ආරක්‍ෂා කරන්න කියල හිතාගෙන මේ වාගේ ගැහැණු හරි පිරිමි හරි පාසලකට දාන එක නම් ඒ ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. ඒක ඉතින් හැම පාසලටම වලංගු වෙන්නේත් නැහැ. සමහර පාසල්වල මේ සියලු දේ හොඳින් ඉගෙන ගත් ළමුන් ඉන්නවා.
දැන් ඉතින් මේ ලිපිය කියවපු මෙවැන් පාසලකට ගිය අය හිතනවා ඇති අපි මොකද දැන් කරන්නේ කියල. ඒකට කරන්න තියෙන්නේ දැන් ඉදල සමාජ ආශ්‍රයට යොමුවෙන එක. හැබැයි ඒ ආශ්‍රය කරන්න කලින් තමන්ගේ දෙමව්පියන්ගේ අදහස් ගන්නවා නම් හොඳයි. එහෙමත් බැරිනම් සමාජ ආශ්‍රය ඇති තමන්ගේම මිතුරෙක් හරි කමක් නැහැ.
හැබැයි මෙවැනි පාසල් වලටත් ගිහින් හැමදේමත් කරගෙන ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් සුළුතරය ගැනත් කතා කරන්න ඕනනේ.
කාන්තා පාසල් පිළිබද ඔබ දරන මතය මම හිතන්නෙ අදට වලංගු නම් නැහැ.
ReplyDeleteමොකද කිව්වොත් අද (වර්තමානයේ) ගැහැණු ළමුන්ට පිරිමි ළමුන් හා හමුවීමට ඇති අවස්ථා බොහෝමයි. පුද්ගලික පංතිවලදි ඒ වගේම අන්තරජාලය වගේ මාධ්‍ය අද ඉතාම ප්‍රසිද්ධයි. ඔවුන්ට බොහෝ පිරිසකෙගෙන් තමන් කැමති හොදම දෙය තෝරා ගැනීමට හොද හැකියාවක් තියෙනව. කොහොම වුනත් වයස අවුරුදු 21 පමණ වන විටතමයි ගැහැණු සහ පිරිමි යන අය දෙගොල්ලන්ටම යම්කිසි පරිණත භාවයක් පැමිණෙන්නෙ. මම මේ කතා කරේ නගර බද කාන්තා විද්‍යාල ගැන.
ගම ගැන ගතා කරොත් ඔබේ කතාව බොහෝ දුරට සාධාරණයි.
අද කාලෙට වලංගු නෑ අද ලමයි ටිශන් ක්ලාස් යනව,,....
ReplyDeleteමම පුද්ගලිකව මිශ්රං පාසල් 2ක හා පිරිමි පාසලක ඉගෙන ගෙන තියෙනවා. මට කියන්න තියෙන්නේ මිශ්රව පාසල් තමා වඩා හොද. හැම දේම සමබරයි. සෞන්දර්යාත්මකයි, විනෝදජනකයි, තරගකාරී සහ විශේෂයෙන් ස්වයං පාලනයක් ස්වයං විනයක් ජීවිතයට ඇතුලු වෙන මධ්ය්යස්ථානයක් තමයි මිශ්රජ පාසල් අනිත් වට වඩා.
ReplyDeleteබාලිකා පාසල් ගැන කියන දේ එතරම්ම නිවැරදි නැහැ කියලයි මට හිතෙන්නෙ. නේවාසිකාගාරවල හිටියත් ලෝකෙ ගැන දැනගන්න අවස්තාව ලැබෙනවා. පොත් ගුල්ලො නම් මොන පාසලට ගියත් එකයි....
ReplyDeleteමේ දේවල් මම කීප දෙනෙකුගේම දැක්ක නිසා තමා මම මේ දේ කිව්වේ ඒත් ඒවා හැමදෙයක්ම සුළුතරය ගැන විය හැකියි. ඒත් ඕවුන් ගැනත් අපි කතා කල යුකුයි නේද?
ReplyDeleteමම සතුටු වෙනවා 1 වසරේ ඉදලා මිශ්‍ර පාසලකට ගියපු එක ගැන මේකෙ තියෙන ගොඩක් දේවල් හරි කියලා තමයි මම නම් හිතන්නෙ
ReplyDelete