විනේ කටින උන්...

වසන්ත පුෂ්පකුමාර අතින් පද්‍ය පන්තියක් ලෙසින් ලියැවෙන මෙය ගීතයක් ලෙසින් හැඩවන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනි. ප්‍රදීපා ධර්මදාස ගේ මයුර කටහඬින් ගැයෙන ගීතය අද සමාජය පිලිබඳ කතාවක් පවසයි. අද ලියැවෙන්නේ ඒ කතාන්දරයයි.

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම 
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේකොහොම

කතාන්දරයේ කතා නායිකාව වන්නේ සැමියා මියගිය බිරිඳකි. පෙර සමාජයේ තිබූ අයුරින් විවාහයෙන් පසු වෙනමම නිවසක පදිංචි ව සිටි සැමියෙකු හා බිරිඳකි. එසේ නැවතුනේ නම් කරුණක් පැහැදිලිය. එ නම් සිය පවුල් වල පිරිස් සමඟ එක්ව විසීමට අපහසු බවයි. සැමියා මියගිය පසු බිරිඳට උපදෙස් අවවාද දෙන්නේ ඒ කියන්නා වූ ඥාතීන්මය. ඒ නිසා තමයි විනේ කටින උන් ලෙසින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ. උන් තරහ නොපෙන්වා තමන්ට උපදෙස් දෙනවා. නමුත් උපදෙස් සියල්ල කොහොඹ මෙන් තිත්ත ය. කණේ කොහොඹ මිරිකනවා යනුවෙන් දක්වා ඇත්තේ ඔවුන් දෙන උපදෙස් කිසිවක් සාරථක නොවන්නා වුවත් ඒ අමිහිරි බව නෙදෙැනෙනා අයුරින් තමන් සමඟ කතා බහ කරමින් ඉන්න බවයි. ඔවුන් සියල්ල පවසන්නේ මිය ගිය සැමියාගේ ගෞරවය රැකගන්නා ලෙස වුවත් කුඩා දරුවන් සිටින තරුණ බිරිඳක ජීවිතය ගෙවන්නේ කොහොමද කියල නොදන්න අය ඒ ගැන උපදෙස් දෙන අයුර ඔවුන් කොහොම කියන්නදැයි අසන්නේය.

Smoke Arts

Smoke Art එහෙමත් නැතිනම් දුමෙන් කල නිර්මාණ කියන්නේ ඡායාරූපකරණයේ තියෙන අපූරු ප්‍රහේදයක්. ගිණි ගොඩක ආරම්භයේ ඇතිවන දුමක් හෝ නිවෙද්දී ඇතිවෙන දුමක් දිහා බලන්න. එය ටික වෙලාවක් බලා සිටිද්දී අපූරු රටාවන් දකින්න පුළුවන්. නමුත්ඒ සියල්ල ක්‍ෂණයකින් ඇතිවෙලා නැතිවෙලා යනවා. මෙන්න මේ වගේ රටා නිරතුරු ඇති වෙනවා වගේම අපිට DSLR කැමරාවක් භාවිතා කරල මේක පහසුවෙන් ඡායාරූපගත කරන්න පුළුවන්. බලමු අපි කොහොමද මේ දේ කරන්නේ කියල. 

මුලින්ම අපි සපය ගන්න ඕන දේවල් කීපයක් තයෙනවා. දුම ඇති කරන්න පුළුවන් ප්‍රභවයක් (හඳුන් කූරක් වැනි දෙයක්), කැමරාවෙන් ඉවත් කල හැකි ආලෝක ප්‍රභව, කලු තිරයක්, ආලෝක පරාවර්ථක, ශක්තිමත් ත්‍රිපාදයක්. 
දැන් කලු තිරය රැලි නොසිටින විදිහට සකස් කරල දුම් ප්‍රභවයේ ඉඳන් අඩි 4ක් විතර දුරින් තියන්න. දුම් ප්‍රභවය දකුණු පැත්ත සහ වම් පැත්ත Speed Light දෙකක් තියා ගන්න පුළුවන් නම් හොඳයි නැතිනම් එකක් තියල අනික වෙනුවට Reflector එකක් භාවිතා කරන්න. ඉහලිනුත් reflector එකක් භාවිතා කලා නම් ලස්සන ආලෝකයක් ලැබෙයි. දුම් ප්‍රභවය තියන ගැන ගැන හිතල ඒ තැන මොකක් හරි උස හීනි දෙයක් තියන්න. කම්බියක් වගේ දෙයක්. දැන් කමරාව Manual Focus එකට දාල ඒ කම්බිය නාභිගත කරගන්න. 

සිරියහනේ ලණු ඉහිරී

අඩෙවිය කියනවන අයගේ අදහස් උදහස් ලියවෙනවා නම් කියල හිතද්දී මේ ගීතය ගැන ලියන්න කියල උපහාසාත්මක දැයි සිතෙන ආකාරයේ අදහසක් පල වී තිබුනා..  මේ ඒ ඉල්ලීමට...

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ලූෂන් බුලත්සිංහල ලියූ සිරියහනේ ලණු ඉහිරී කියන ගීතය මට දැනෙන්නේ මෙන්න මේ විදිහට.. 

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ කියන තැනකින් ගීතය පටන් ගද්දී මට හිතෙන්නේ මිල මුදල් තිබුන කෙනෙක් දැන් ඒ සියල්ල විනාශ වෙලා දුගී වෙලා රාත්‍රියේ සුසුම් හෙලමින් කල්පනා කරනවා කියලයි. සිරියහනත් දැන් දැන් ඔහු නිදන්න යද්දී හඬනවා. ඒයින් පසු තමා නිසල වූ  ඔහුට ඇහෙනවා මලුළුවන් දැල් වියන ශබ්දය. මොකද ඔහුගේ තනිකම ඒ තරම්ම වැඩි නිහැඬියාවක් ඇති කරල තියෙන නිසා. තාපසුන්ගේ දැහෙන බිදින්නට පවා සමත් යැයි කියන්නා වූ නාරිලතා මලක් තමන්ගේ යටලීයේ පූදින්නේ කුමටද කෙසේදැයි සිතා ගත නොහැක. නමුත් ඔහු සිටින්නා වූ ඉරියව්ව හා ඔහුගේ සිතිවිලි සමුදාය ගැන කියන්න මේ තරම් අලංකාර වෙනත් ක්‍රමයක් කොයිදැයි මට සිතේ. හිමාලයේ පිපෙන්නා වූ නාරිලතා මලක් ඔහුගේ වහලේ පූදින්නේ තවත් ස්ත්‍රියක් ගැන ඔහුට සිතුනාවත් දැයි සමට සිතේ. ස්ත්‍රියක් නැති නිවසක තනියම ජීවත් වන පුරුෂයෙක්. තමාගේ දුප්පත් කම නිසාවෙන් තමාට නැතිවුන දේ ගැන ශෝක වෙන ආකාරය. උඩුබැලි අතට වහල දෙස බලාගෙන තමාගේ ජීවිතයේ හමුවූ නොයෙක් ආකාරයේ තරුණියන් ගැන මවා පාමින් සිටින අයුරක් අපූරු ආකාරයෙන් මවා පාන්නට මේ පද පෙල සමත් වේ යැයි සිතමි.

වර්ණ තෙවන කොටස - සරල බව

ඡායාරූප වල වර්ණ භාවිතයේ තවත් ක්‍රමයක් තමයි වර්ණ සංකලනයේ සරල කිරීම. එසේත් නැතිනම් සරල වර්ණ භාවිතය. එයින් වඩාත්ම සරල ආකාරය ලෙස ඒකවර්ණ ඡායාරූප හඳුන්වා දෙන්න පුළුවන්. එහිදී එක් වර්ණයක දීප්තිය හා ඡායාවන් භාවිතයෙන් සම්පූර්ණ ඡායාරූපයම නිර්මාණය වෙන නිසා. බොහෝ විට ඒක වර්ණ ලෙස කලු, කහ වර්ණ ප්‍රහේද, තැඹිලි හෝ කොළ වර්ණයේ ප්‍රහේද වශයෙන් භාවිතා වේ. එසේ කල නිර්මාණ බොහෝ ගනනක් අපට අන්තර්ජාලයේ ඇසුරු කල හැකිය. මීට අමතරව සීමිත වර්ණ පරාසයක් ඡායාරූපය තුල භාවිතා කිරීමද දකින්න පුළුවන්.
Photograph by Sulakkhana Chamara @Sula Photography
 
කෙසේ හෝ ‍වේවා මෙය ප්‍රෙක්‍ෂකයා වෙත ගෙනයාම සම්පූර්ණ වශයෙන් සිදුවීම විද්‍යාත්මක අයුරින් පැහැදිලි කල හැකිය. සාමාන්‍යයේ මිනිස් ඇසක් වර්ණ සංකීර්ණ අවස්ථා වලදී එය තේරුම් ගැනීමට කාලය වැය කරන්නේ නැත. එය එසේ වීමට නම් අරමුණ වඩා ආකර්ෂනීය විය යුතුය. එනිසා බොහෝ විට මිනිස් ඇස හා ‍මොලය සීමිත වර්ණයන් වෙත නැඹුරු වී ඇත. ඇසක මූළික වශයෙන් සෛල හඳුනා ගන්නේ රතු, කොල හා නිල් පැහැයන් වලටය. එයිනුත් වැඩිපුර කොල දෙවනුව රතු හා ඉන්පසු කොල පැහැයත් ලෙස සෛල තිබේ. මේ සංයෝජනය හා මිනිසුන් වඩා කැමති වර්ණ හඳුනා ගැනීම මගින් ඡායාරූපයක් වඩා පහසුවෙන් නැඹන්නා වෙත ලබා දිය හැකි වනු ඇත.

වර්ණ - දෙවන කොටස - පැහැ ගැන්වීම හා අඳුරු ගැන්වීම

සියලු වර්ණ පැහැය (Hue) අනුව හෝ තානය (Tone) අනුව වෙනස්වේ. වර්ණ පැහැය උදාහරණ ලෙස නිල් හා කොළ පැහැය ලෙස වෙනස් පැහැ දෙකක් ලෙස පැවතීම සැලකිය හැකිය. වර්ණයක තානය ලෙස ඒ එක් එක් වර්ණයේ පවතින ප්‍රමාණය ලෙස කිව හැකිය. එය දීප්ත හා අඳුරු ලෙස අන්ත දෙක අතර පවතී.

විශය පැහැදිලී වීම සඳහා ඒක වර්ණ පරාසයක් සලකමු. කලු හා සුදු යනු ඒක වර්ණයක අන්ත දෙකකි. එය පැහැයන් දෙකක් ලෙස හැඳින්විය හැකිය. කලු පැහැයට වර්ණ එක්කිරීම එසේ නැතිනම් දීප්තිය ඇති කිරීමෙන් සුදු වර්ණය ලැබෙන අතර සුදු වර්ණයට අඳුර එක් කිරීමෙන් කලු පැහැය ලැබේ.