පුංචි එකාට හදපු සරුංගලේ ...
චංචා අනතරු හැඟවීමයි.....
මේ දවස්වල සිද්ධවෙන දේවල් එක්ක වැඩිය ලියන්න ලැබුනේ නැති වුනත් අලුත් අවුරුදු සමයත් එක්ක මිනිස්සු කාර්යබහුල වෙලා. ඒ එක්කම මිනිස්සු කරන කාර්යයන් අස්සේ සිද්ධවෙන ක්‍රියාකාරකම් අස්සේ, අවශ්‍යතාවයන් පිරවීම අස්සේ වංචා සිදුවෙන එකත් වැඩිවෙලා. මේ ලියන්න යන්නේ එහෙම සිදුවීමක් ගැන.
අවුරුදු සමයත් ඒක්ක ගොඩක්ක සිල්ලර වෙළඳසැල් වල පෝලිම් දින්න පුලුවන්. මේ පෝලිම් වල ඉන්න මිනිස්සු කඩිනමින් බබඩු අරගන ආයෙත් තව පෝලිමකට යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් එහෙම වෙලාවල් වලදී බඩු කිරන තරාදි වලින් හා කිරන බඩු වලින් විවිධ සෙල්ලම් දානවා. සමහර තරාදි "0" කරන්නේ නැතිව බඩු කිරාගෙන කිරාගෙන යනවා. මේ ලඟදී දවසක් මාලු මාර්කට් එකක සිද්ධ වුන දෙයක් තමා මාලු කූරියෙක්ටම ගානක් කියල බෑග් එකට දාද්දී ඊට වඩා පොඩි මාලුවෙක් බෑග් එක ඇතුලට දාන්න කරපු උත්සාහය. විමසිනල්ලෙන් හිටි නිසා ඒ වැඩේ බේරගත්තා. මාර්කට් එකකදී බිලක් ලැබෙන්නේ නැති නිසා වරදක් වුන බව පෙන්වන්නවත් වෙන්නේ නෑ.දැන් අලුතින් ඇවිත් තියෙන ඉලෙක්ට්‍රොනික් තරාදි සහ විද්‍යුත් බිල්පත් නිකුත් කිරීමේ සිස්ටම් අස්සේ වංචා සිදු වෙන්නේ නැහැ කියල මිනිස්සු හිතනවා. නමුත් ඒවායින් සිදු කල හැකි චංචා ද බොහෝමයි. භාණ්ඩ මිල අදාල යන්ත්‍ර වලට ඇතුලත් කරන්නේ අදාල ආයතන හිමිකරුවන් විසින්. ඉතින් මේ ඇතුලත් කරද්දි සමහර භාණ්ඩ වල මිල ටිකක් වැඩියෙන් ඇතුලත් කරල තියෙනවා. ඒ එකම භාණ්ඩයේ මිල කේත දෙකකින්. එකක් සාමාන්‍ය භාණ්ඩ සඳහන් බිල. අනෙක වැඩිපුර සඳහන් බිල. උදාහරණයක් විදිහට හාල්, පොල්, ලූණු වගේ අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩු මිලක් කියල බඩු වල සඳහන් කරනවා. පස්සේ බිල් කරද්දී වැඩි ගානකින් බිල් වෙනවා. ඒ වගේ දේවල් මේ දවස් වල විශාල ප්‍රමාණ වලින් ගෙනියන නිසා කවුරුත් බිල් කල ගාන බලන්නේ නෑ වගේම සම්බූර්ණ බිල ගත්තාම භාණ්ඩ වැඩි ගානක් තියෙන වෙලාවල් වලදී තමයි මේක කරන්නේ.
මේ වගේ විවිධ වර්ගයේ වංචාවන් මේ දවස් වල සිද්ධ වෙන නිසා පුංචි සිදුවීම් දෙකක් විතරක් පෙන්වලා දුන්නේ. මේවා මගේ පවුලේ අයට සිදුවුන ඒවායින් කීපයක්. අපේ අය කවදත් බිල සහ භාණ්ඩ පිළිබඳ මුදල් ගෙවීමෙන් පසු පරීකෂාවක් සිදු කරන නිසා මේක අල්ල ගන්න පුලුවන් වුනා. නැතින්ම අහුවෙන්නේ නෑ. සමහර බිල් වල වංචාව රුපියල් දහසකට වඩා වැඩි වුනා.
ඒ නිසා මේ දවස් වල හදිසියෙන් බඩු ගන්න යන ඔයාල තමන්ගේ බිල් සහ තමන්ට ලැබුණු භාණ්ඩ සම්බන්ධයෙන් පරීකෂාකාරී වෙන්න. තව දෙයක් තමයි හැම වෙලාවේ දී බිල ටයිප් කරද්දී සහ තමන්ගේ භාණ්ඩ වල බර කිරද්දී ඉලෙක්ට්‍රොනික හෝ යාන්ත්‍රික හෝ වේවා එම අගයයන් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. මොකද නීතිරීති සහ ඒ් සම්බන්ධයෙන් ඉන්න රාං්‍ය අංශයවත් මේවා සම්බන්ධයෙන් වූූ යල්පැන ගිය නීති තවමත් යාවත්කාලීන කරල නැහැ. සමහර නීති 1940 ගණන් වල නීති සහ දඩ මුදල් තියෙන්නේ. රුපියල බාල්දු වීමට සාපේකෂව බදු මුදල් වල වෙනසක් නැති නිසා සමහර තැන් වල දඩ මුදල රු. 5.00 ක් රු. 10.00ක් වගේ අගයයනුත් තියෙනවා. ඉතින් සමහර වැරදි කරල දඩය ගෙවන එක ලාභයි.
මගේ බ්ලොග් එක කියවන ඔයාල මේ වගේ දේවල් අත් විඳල තියෙනවා නම් මේකෙ කමෙන්ට් එකක් හැටියට ලියන්න. මේ වගේ දේවල් අත්විඳල අයියෝ එහෙම ඒවා ගැන කියන්න ගිහින් වෙන ප්‍රශ්ණයක් වෙයි කියල හිතන්නේ නැතිව ලියන්න. මොකද එහෙම දේවල් හෙලි කිරීම කියන්නේ පුරවැසි වගකීමේ කොටසක්. ඒකට හේතු කියල වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. නීතියෙන් හෙලිකන්නේ නැහැ කතා කරන්නේ නැහැ කියල මම පොරොන්දු පත්‍ර අත්සන් කල දෙයක් හැරෙන්න අනිත් සියල්ල ලියන ඒක නවත්තල නැහැ.
බලාගෙනයි! පරෙස්සම්වන්න
කාලයක් තිස්සේ කෝච්චියේ සතියේ දවස් පහම වැඩට යන්න ගත්තට පස්සේ මගේ අත්දැකීම් විදිහට ලියන්න නම් දේ සෑහෙන්න හම්බවුනා. නමුත් තවමත් සමහර දේ ලියනවද? ලියල වැඩක් වෙයිද වගේ ප්‍රශ්ණාර්ථ තියෙන නිසා ලියන්නේ නැතිව හැංගිලාම යනව. කොහොම වුනත් මේ මෑතකදී සිදුවුන සිද්ධියක් සහ පහුගිය කාලේ අහන්න ලැබුන දේවල් එක්ක යම්තාක් දුරකට සම්බන්ධයක් තියෙන දෙයක් නිසා ලියන්න හිතුවා.
දවසක් මම ට්‍රේන් එකේ යද්දි ටිකක් විතර වයසක කෙනෙක් තමන්ගේ ස්මාට් ෆෝන් එකක් එක්ක වැඩ. එයා කොයි තරම් වේගවත් ද කියනවා නම් එයාගේ ෆෝන් එකේ ලෝක පැටන් එක ඕන කෙනෙක්ට දකින්න බලන්න වගේම මතක තියා ගන්නත් පුලුවන්. ටිකක් වෙලා යද්දි මේ මනුස්සයා තමන්ගේ බැංකු ගිණුමටට ලොග් වෙලා යමක් කරන්න ලෑස්ති වුනා. ලඟ සීට් එකේ හිටයි නාසා ඒයා කරන දේ මට පෙනුනා වගේම තමා මට ඕන නම් එයා තමන්ගේ අකවුන්ට් එකට ලොග් වුන පාස්වර්ඩ් එක බලාගන්නත් පුළුවන්කම තිබුනා. සාරධර්මාණුකූල නොවන නිසා මම අහක බලා ගත්තත් මිනිත්තූ කිපයකට පස්සේ එයාගේ වැඩේ ඉවර වුනා.
අද කාලේ ඇඩ්වයිස් එකක් දෙන්නත් ටිකක් පරිස්සම් වෙන් ඕන කාලයක් නිසාත් කලින් කතා නොකල කෙනෙක් නිසාත් මිනිහට මේ ගැන කියනවද කියල හිතුවා. ෆ්‍රී ඇඩ්වයිස් එකක් කැමතින්ම් ගතන්න කියල මම මිනිහට පැහැදිලි කරල දුන්න ඒ වැඩේ තියෙන බැරෑරුම්කම ගැන. ටිකක් වෙලා යද්දි මිනිහ තේරුම්ගත්ත කියල මම හිතනවා.
මේක ඇතුලේ මට කියන්න ඕන වුන දේ තමයි මිනිස්සු තාක්ෂණය ගන්න කියාට ඒ වෙනුවෙන් ඕන කරන සාක්ෂරතාව තාමත් ලබාගෙන නැහැ. හිතන්න ගේමක් දෙන මිනිහෙකුට ඕන කරන්නේ පොඩි වැඩ දෙකයි කරන්න. එක ඒ මනුස්සය ෆෝන් එකට ලොග්වෙන පාස්වර්ඩ් එකයි, බැංකු පාස්වර්ඩ් එකයි ලබා ගන්න එක. ඒක හරි සරලයි මිනිහ කාටත් පේන්න ඔය දෙකම ටයිප් කරන නිසා සහ වේගයේ අඩු කම නිසා මිනිහෙකුට මතකතායා ගන්න හරි පහසුයි. දෙක ඔය ෆෝන් එක උස්සන එක. දැන් ඉතින් මිනිහගේ බෑංකු ගිණුම හිස් කරල ෆෝන් එක මිනිහටම ලැබෙන්න සලස්සනවා. සරලයි.
මිනිහෙක් ජීවිත කාලෙම උපයපු මුදල් මිනිත්තුවකින් නැති වෙලා යනව. හේතුව තමයි තමන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල. ඉතින් මේ ටික ලියද්දිම අපූරු ෆඨිල්ම් එකකුත් හම්බුනා ඒ වගේ දෙයක් ගැනම. ඒ තමයි Beekeeper පුලුවන් අය ඒකත් හොයාගෙන බලන්න. අවසානෙදි කියන්න තියෙන්නේ තාක්ෂණය ලංකරගන්න. මොකද ඉදිරියේ දී තාක්ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනකව. හැබැයි ඒ එක්කම ඒ ඒ දේවල් වෙනුවෙන් ඕන කරන සාක්ෂරතාවයටත් ලබා ගන්න. නැතිනම් ඔයාල අසරණ වෙනවා. ඒ වගේ දේකදි මොනවත් කරන්න නීතියටවත් බැහැ.
පත්තායම වී මනින්න
විමාලක මුහන්දිරම් විසින් රචනා කරපු මේ ගීතය ඉතිහාස කතාවක් පදනම් කරගෙන සිදු වුනා කියල තමයි කියන්නේ. ඒ ලංකාවේ අවසන් රජු වුන රාංසිංහ රජු සමයේ සිදුවීමක්. ඒ පද වලට ප්‍රියාන් පතිරණ දීපු සංගීතයත් මම කලින් කිව්ව වගේ දමිත් අසංකගේ හඬත් අපූරු සංයෝජනයක්.
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ
පුරුෂ මූලික සමාංයක් වුන අතීතය තුල ගෘහමූලික පිරිමියාට පස්සේ තමා කාන්තාවක් කෑම ගන්නේ. ඒ නිසා හවස් වෙලා කලුවර වැටෙද්දී නුඹට තනිකම සීතල දැනෙන්න ගනීවි.ඒ වුනා කියල නොකා නොබී මම එනකන් ඉන්න එපා. මොකද මම එන වොලවක් කනියන්න බැහැ. ඔය සුසුම් වලින්, වැට මායිම් වලින් එපිට ඉඳන් ගෙට එළිය දෙන සඳ වගේ මමත් දුර ඉඳන් මගේ ආදරය නුඹ වෙනුවෙන් දෙනවා. රාජසිංහ රජුගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම කැප කරපු ජීවිතයක් වුනත් මගේ සිතුවිලි හැම විටම ඔයා ලඟ කියල තමා නිළමේ තමන්ගේ ආදරවන්තියට කියන්නේ.
පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ
රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ
අපේ ජීවිතේ
ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ
සඳයි ජීවිතේ
පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන්සීරුවේ හීන්සීරුවේ
ගායනය : දමිත් අසංක
ගී පද : විමාලක මුහන්දිරම්
සංගීතය : ප්‍රියාන් පතිරණ
ජෝතිශ්‍යය ගැන තව ටිකක්
කේන්ද්‍රය සාස්තර සහ අනාවැකි කියල මීට අවුරුදු 10කට විතර කලින් ලිව්ව ලිපියේ දිගුවක් විදිහට මේ ලිපිය ලියන්න හිතුවා. ඒ ලිපිය අස්සේ සරලව මේ ගැන ලිව්ව වුනත් මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න තරම් කාලයක් ලැබුනේ නැහැ. ඒ පසුගිය කාලය පුරාවට තිබුණ ආර්ථික ව්‍යසනයත් එක්ක මානසිකව තිබුන ගැටලු එක්ක මේ වගේ ලිපියක් ලියන එක කරන්න අමාරුයි.
අටුවාටීකා නැතිව කතාවේ මුලට එන්නම්. ඒ තමයි ජෝතිශ්‍යය සහ විද්‍යාව. පහුගිය කාලය පුරාවට මම අධ්‍යයනය කල දේවල් සහ මිනිස්සු එක්ක කතා කරද්දී ඒ අයගේ අදහස් කොයි තරම් මේ සම්බන්ධයෙන් විමසිලිමත් ද කියන දේ එක්ක මේ ලිපිය තවත් රසවත් වෙනවා. කේන්ද්‍රය කියන්නේ ගණිතය සහ තර්ක ශාස්ත්‍රය එකතු වෙලා හැදුණු විශයක්.
කේන්ද්‍රය සහ ඒකේ දකින්න තියෙන මූලික දේවල් ගැන මම මතක් කරල ඉන්නම්. මූලිකව කේන්ද්‍රයක කොටස් 13කට බෙදපු විශාල කොටු තියෙනවා. සාමාන්‍යෙයන් දැන් හදන කේන්ද්‍රයක මේ වගේ කොටු දෙකක් විතරක් තිබුනත් පැරණි කෙන්ද්‍ර වලදී මේ වගේ කොටු හතරක් තියෙනවා. දැන් කේන්ද්‍ර වල මේ ප්‍රධාන කොටු වල මැදින් තියෙන කොටුවේ ලග්න කේන්ද්‍රම් සහ අනෙකේ නවාංශක කේන්ද්රමි කියල ලියල තියෙනවා. පැරණි ඒවායේ ඊට අමතරව සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍රම් කියල දෙකක් තියෙනවා. මේ කියන කෙටු උපකොටස් වලට බෙදල ඒවායේ ඇතුලේ තියෙන දේවල් ලියන එක ගණිතමය විදිහට තමයි කරල තියෙන්නේ.ජෝතිශ්‍ය ඇතුලේ මූලික ව උපකල්පනය කරන දෙයක් තමයි සලකන සියලු ග්‍රහලෝක, චන්ද්‍ර කලාවන් හා තාරකා රාශි සියල්ල පෘථිවිය වටා තල වෘත්තයක සිදු වෙනවා කියන එක. තව සංකල්පමය වශයෙන් ග්‍රහලෝක හා චන්ද්‍ර කලාවන් එකම පාරක යනවා කියන එක. ඉතින් හිතන්න පෘථිවිය වටේ තියෙන් අංශක 360ක ප්‍රමාණය මේ සියලු වස්තූන්ට බෙදෙනවා. ඒ වගේමයි තාරකා රාශි ටික ස්ථිර තැන් වල තියෙන බවත් අනිත් ඇවිදින ග්‍රහ වස්තු ඒ ඒ තැන් වල උප්පත්ති වෙලාවේ දී පිහිටනවා කියන එකත් උපකල්පනය කරනවා. තවද හිරු සඳු දෙකත් ග්‍රහලෝක දෙකක් විදිහටම තමයි සලකලා තියෙන්නේ. මේ දේවල් වලට හේතුව ජෝතිශ්‍යය බිහිවන වකවානුව වෙද්දී තරු රටා ග්‍රහලෝක හා හිරු සඳු තිබුනා වුනත් ඒ අයගේ සැබෑ පිහිටීම් සම්බන්ධයෙන් අධ්‍යයන නොතිබීමයි. ඒ නිසා ඇහැට පේන විදිහෙන් මේවායේ ගමන තීරණය වෙලා තියෙනවා.
ඉහත කියපු අංශක 360ක ප්‍රමාණය අපි සලකනු ලබන රාශි 12ට බෙදුවාම අංශක 30ක ප්‍රමාණයක එක රාශියක්. තියෙනවා. ඔන්න එය ප්‍රමාණය තමා ලග්න කේන්ද්‍රය හදන්න ගන්නේ. ඒකෙන් 9න් එකක් වන අංශය 3 කලා 20ක ප්‍රමාණය නවාංශක කේන්ද්‍රයට ගන්නවා. සමහර ලග්න සඳහා නවාංශක රාශි නැහැ. ඒ නිසා තමයි 12න් බෙදන්නේ නැතිව 9ට බෙදන්නේ. ඒ වගේම තමයි කාලය තමා මේ ලග්න ඇතුලේ ග්‍රහ පිහිටීමට බලපාන්නේ. ඉතින් අපි අවුරුද්ද කොටස් වලට බෙදන්න පටන් ගන්නවා. වසරක කාලය 12න් බෙදුවාම එන මාසයක කාලය ඇතුලේ ලග්න ටික තියල තියෙනවා. ඒ මාසය නවයට බෙදුවාම අපි අයිති නවාංශකයට අයිති කාල ප්‍රමාණය හදා ගන්නවා. දින 3 පැය අටක ප්‍රමාණය තමයි ඒ. ඉතින් ඒ අතර කාලයේ උපදින සියල්ලන්ටම එකම විදිහේ සිදු වීම් සිදුවීමේ “සම්භාවිතාවක්“ තියෙනවා.දැන් අපි පොඩ්ඩක් ජෝතිශ්‍යය නිර්මාණය වුන කාලෙට ටිකක් ගිහින් බලමු. ඒ වෙලාවේ දී මේ වගේ සිදුවීම් සහ කේන්ද්‍ර ගණණාවක් නිරීක්ෂණය කරල ඒවායේ ප්‍රථිපල සංසන්දනය කරල නිර්මාණය වුනා කියල හිතන්න පුලුවන්. මෙතැනදී කට්ටිය තර්ක කරන්න පුලුවන් මේක මහා බ්‍රහ්මයා ඇවිත් කාටදෝ දීල ගියාය. ඒකෙන් පැවතෙනවාය කියල. කමක් නෑ ඒ අයට එහෙම හිතා ලන්න පුලුවන්. මොකද මේකේ පැවැත්ම තියෙන්නේ විශ්වාසය එක්ක නිසා. හැබැයි මෙතැනදී භාවිතා වෙන්නේ මම නිතරම කියන ක්‍රමයක්. ඒ තමයි “ඔබ සිදුවීම් දහසක් විසඳුම් සහිතව දන්නවා නම් එක් දහස් එක ලෙස සිදු වීමක් නොමැත“ යන්නයි. නමුත් එය ජෝතිශ්‍යය ආරම්බ වුන කාලයට සත්‍යයක් වුනත් අද කාලයට කොයි තරම් දුරකට සාර්ථකද කියන එක අවුලක්. ඒ නිසා ඒක මේ විදිහෙන් වෙනස් වෙන්න ඕන කියල හිතනවා. ඒ තමයි “ඔබ සිදුවීම් මිලියනයක් විසඳුම් සහිතව දන්නවා නම් එක් මිලියන එක ලෙස සිදුවීමක් නොමැත“ ලෙසයි.
මේක සිදුවෙන හැටි ගැන අවශ්‍ය නම් කොමෙන්ට් දාල තියන්න. අපි ඒ ගැන තවත් ලිපියකින් කතා කරමු.
හරි අපි හිතමු කොහොමද මෙයාල මේ පුරෝකථනය කරන වැඩ කරන්නේ කොහොමද කියල. එතනදී එයාල ගාව තියෙනවා දත්ත පද්ධතියක්. මම මේ කියන දේවල් අද කාලේ හැටියට ගැලපෙන්න ලියනවා. මොකද අද කාලේ කෙනෙක්ට “සුදු අශ්වයෝ හතර දෙනෙක් බැඳපු අශ්වකරත්තයක් හිමි අයෙක්“ කිව්වට නොතේරුනාට අවුඩියක්, ලැම්බෝගිනියක් තියෙන එකෙක් කිව්වම තේරෙන නිසා. ඉතින් මේ දත්ත පද්ධකතිය ඇතුලේ තියෙනවා එක් එක් ග්‍රහයා, රාශි සහ ඒවායේ විය හැකි සංයෝගයන් නිසා සිදු වෙන්න පුලුවන් දේවල් ගැන. ඔය විදිහට එක් පුද්ගලයෙක් සඳහා අපි සලකන ග්‍රහයන් 9ත් රාශි 12 සහ සැලකුවාම විතරක් විය හැකියාවන් 2^22 විතර තියෙනවා. ඒ කියන්නේ විය හැකියාවන් ආසන්න වශයෙන් 4,194,304 විතර.
දැන් මේකේ ඊලඟ කොටස, අපි කියමු කවුරු හරි කෙනක් උපන්නා කියල. තත් කාලයේ ඒ පුද්ගලයාගේ උප්පත්ති කෙන්ද්‍රය හදනවා කියන්නේ ඒ වෙලාවේ දී ග්‍රහයන්ගේ පිහිටීම ලියනවා කියන එක. ඉතින් මේක කරන්න ග්‍රහලෝක පෙනෙන්නේ නැති නිසා දන්නා වෙලාවක ග්‍රහලෝක වල පිහිටීම අරගෙන දැන් වෙනකන් ගතවුන කාලය අනුව සිදුවෙලා තියෙන වෙනස්කම් සලකලා පිහිටීම ගන්න එක. ඒ වෙනස අනුව දැන් ග්‍රහලෝක හා රාශි පිහිටීම තියෙන සටහන තමා අපි කේන්ද්‍රය කියල කියන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අර කිලින් කිව්ව දත්ත පද්ධතිය අනුව මේ පුද්ගලයාගේ ග්‍රහ පිහිටුම් වලට අදාල විය හැකියාවන් එකිනෙක තිය තිය තර්ක කරන එක. කොටින්ම කිව්වොත් සිදුවිය හැකියාවන් වල පොදු කොටස ගන්නවා. අන්න ඒ්ක අනුව අපි කියනවා මේ දේ වෙන්න පුලුවන් කියල. ඒක අද තියෙන ග්‍රහ පිහිටුමේ ඉඳන් තව මාසයක්, අවුරුද්දක් වෙනකම් වුනත් ග්‍රහ පිහිටීම් ගණනය කරල ඒ ඒන ඒවට අදාල පොදු සිදුවීම් බලල වෙන්න පුලුවන් දේ පුරෝකථනය කරන්න පුලුවන්.
හැබැයි මෙතැනදී තව දෙයක් වෙනවා. අපි හිතමු අපි කෙනෙක්ගේ කේන්ද්‍රය බලල කියනව කියල එයා ඊලඟ සතිය තුල පඩිපෙලකින් වැටිල තුවාල වෙන්න පුලුවන් කියල. ඊට පස්සේ එයා හොඳින් පරිස්සම් වෙනව. පඩිපෙලවල් වලින් යද්දි විශේෂිතව පරිස්සම් වුනා නම් වැටෙන්නේ නැතිව බේරෙන්න පුලුවන්. ඊට පස්සේ කියන්න පුලුවන් කේන්ද්‍රය බොරු කියල. ඒක සාධාරණ නිවැරදි තර්කයක් නෙවෙයි. මොකද කේන්ද්‍රය කියන්නේ ජොතිශ්ය විද්‍යාව අනුව විය හැකියාවක් කියන එකක්, එහෙම නැතිනම් පුරෝකථනයක් කරන දෙයක්. කෙනෙක්ට අධිෂ්ථාන කරල ඒ දේ වෙනස් කර ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතමු අපි x කියල කෙනෙක්ගේ කේන්ද්‍රය බලල y කියන කෙනාට විස්තරය කියනව කියල. දැන් කිසිම දෙයක් නොදන්න x විශේෂ පරිස්සමක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට මේකේ නිවැරදි බව බලන්න පුලුවන්.
කොහොම වුනත් විශයක් හැටියට හදාරන විට ගණිතය හා තර්කය දන්න කෙනෙක්ට මේක පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් ලියන්න. පස්සේ වෙලාවක ආයෙත් මේ ගැන ලිපියකින් එන්නම්. එතෙක් ජය.




