සිංහල සිංදු කියන........

මේ ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරින් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනා කියල තමයි කියවෙන්නේ. 1992 දී විතර දවසක විශාරද ගුණදාස කපුගේ ශූරීන් රත්න ශ්‍රී විජේසිංහයන්ට කතා කරනවා ඒ් ඒ් කාලේ තිබුන සඟරාවක තිබුන ලිපියක් ගැන කියවන්න කියල සඳහන් කරන්න. අන්න ඒ් ලිපියේ තිබුන කතාවෙන් තමයි මේ ගීතය ලියැවෙන්නේ. ඒ් තිබුන කතාවේ සාරාංශය මෙහෙමයි.

දකුණු පලාතේ කඹුරුපිටියේ කාන්තාවක් වුන විනීතා සමරසිංහ ගුණසේකර නැමැති පොලිස් කාන්තාවක් කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන කාලයේ දී උතුරෙන් ආව දෙමළ තරුණයෙක් වුන ඒස්. නඩේශන් නැමැති තරුණයෙක් ඒක්ක ආදරයෙන් බැඳෙනවා. නමුත් මේ ආදරයට දෙපාර්ශවයෙන්ම විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම තරුණියගේ පවුල් වල උදවිය. නමුත් මේ සියලු බාධක අතරේම මේ දෙන්නා විවාහ වෙනවා. මේ අතරේ 83 කළබල ඇතිවෙනවා. ඒ් ගැටුම්වලින් කළකිරෙන දෙමළ තරුණයා තම අලුත් මනමාලිත් අරගෙන උතුරුට යනවා. මෙන්න මේ කතාව පදනම් කරගෙන තමයි ගීතය ලියැවෙන්නේ.

ඉරට්ටේ නැතිව ඔත්තේ තියන්නේ ඇයි?

ඡායාරූපකරණයේ දී රාමුව තුල වස්තු සංවිධානයේදී වස්තූන් ඉරට්ටේ සංඛ්‍යාවක් තියනවාට වඩා වැඩි සාර්ථකත්වයක් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම තියෙනවා. පින්තූරය ඇතුලේ වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම ඒ පින්තූරය දිහා ටිකක් වෙලා බලන් ඉන්න හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඡායාරූප රාමුව ඇතුලේ වස්තූන් ගණන තත්පරේක දී ගණන් කරන්න මොලේට පුළුවන් නම්, ඒ වෙලාවේදී පින්තූරය ඇතුලේ වස්තූන් ඉරට්ට සංඛ්‍යාවක් තියල තියෙනවා කියල හිතන්න. දැන් අපේ මොලය ඒ ඒ වස්තූන් යුගල් කරන්න පෙළඹෙනවා. එවිට රාමුව තුල ඒ ඒ වස්තූන් යුගල් වශයෙන් වෙන්වෙලා රාමුව තුල ඇස රැඳෙන්නේ නැතිව ඉවත් වෙනවා. 
නමුත් ඇස වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ ඒ වස්තූන් එක එකක් සමඟ තරඟ කරන්න පටන් ගන්නවා. මොලය මේ වස්තූන් ටික තුල එහා මෙහා යමින් ඒ වස්තූන් අතර ප්‍රමුඛයෙක් සොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාමත් ඇස රාමුව ඇතුලේ. ඊට පස්සේ ඒ විශේෂිත වෙන වස්තුව සඳහා තමා විසින්ම සපයා ගන්නා ලද අර්ථ කථනයක් දෙමින් දිනවනවා. 

මගේ ගමන් බිමන් එකසිය දහහතරවන කොටස - දෙහෙන ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර දිය ඇල්ලක් ගැන කලින් ලිපියක ලියුවා මතක ඇති. ඒ් බේරුවත්ත ඇල්ල. මේ ලියන්න යන්නේ ඒ් පැත්තේම තියෙන තවත් දිය ඇල්ලක් ගැනයි. ඒ් තමයි දෙහෙන ඇල්ල. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 18ක් විතර ගියාම පහලගම සහ අමුණුගම කියන ගම් දෙක අතරේ පාර අයිනේම දෙහෙන ඇල්ල දකින්න පුළුවන්.
මීටර 73ක් පමණ උස මේ දිය ඇල්ල ස්ථර දෙක් විදිහට තමයි ගලා බහින්නේ. ගම් වැසියන් ගස්ලබු ඇල්ල කියන නමින් හඳුන්වන්නේත් මේ ඇල්ලම තමයි. නමුත් ඒ් නම හැදෙන්න විදිහක් ගැන කිසි සටහනක් නැහැ. අතීතයේ ප්‍රාදේශීය රජ කෙනෙක් විසින් දඩුවම් පමුණුවන්න භාවිතා කල නිසා දමන ඇල්ල නමින් හඳුන්වා පසුව දෙහෙන ඇල්ල බවට ව්‍යවහාරයට ආවා කියල මතයක් තියෙනවා. තවත් මතයක් නම් ප්‍රදේශයේ ඈපා තනතුර ලැබූ පාලකයෙක් නීතියේ රැහැනට හසුකර ගත් වැරදිකරුවන් දිය ඇල්ල පාමුලට තල්ලු කල නිසා දෙහෙදු ඇල්ල ලෙස ප්‍රකට වී පසුව දෙහෙන ඇල්ල ලෙස ලෙස ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද කියවේ.

Extension Tube එක්ක සෙල්ලම් - දන්න සිංහලෙන් Macro Photography - පස්වන කොටස

ඔන්න ආයෙමත් කාලෙකින් Macro Photography ගැන ලියන්න හිතුවා. මේ කියන්න යන්නේ ගොඩක් කට්ටිය අමාරුවේ වැටෙන තැනක් ගැන.. ඒ තමයි මැක්‍රො ඡායාරූපකරණයේදී Extension Tubes භාවිතා කරන හැටි.

මේක කියවන්න කලින් මම මීට කලින් ලියපු Macro Photography ලිපි කියවල හිටියොත් වඩා සාර්ථක වෙයි...




හරි අපි දැන් බලමු සෙප්පම වෙන්නේ කොහොමද කියල.

මගේ ගමන් බිමන් එකසිය දහතුන්වන කොටස - ඇඩිසම් බංගලාව

කාලෙකට පස්සේ ආයෙත් ආවේ අපූර්ව ස්ථානයක් ගැන ලිපියක් අරගෙන.. ඒ තමයි හපුතලේ තියෙන ඇඩිසම් බංලගාව ගැන.. හුගක් අය හපුතලේ පැත්තෙන් යනවා නම් මේ තැන බලන්න අමතක කරන්නේ නෑ.. ඒ මේ තැන හරි අපූර්ව මනස්කාන්ත ස්ථානයක් නිසා.
හපුතලේ ඉදන් වැලිමඩ පාරේ කිලෝමීටර 3ක් විතර ගියාම ඇඩිසම් බංගලාවට ලගාවෙන්න පුළුවන්. ගම්වැසියන් ගල් බංගලාව කියන නමින් හදුන්වන මෙහි අද තියෙන්නේ සිල්වෙස්ත්‍රෝ - ‍බෙනදිකාන නිකායේ ඉගැන්වීම ්සිදු කරන තාපසාරාමයක්. ඒ නිසා මහ සිකුරාදා සහ නත්තල් දිනය හැර සියලු සති අන්ත වලත් පෝය සහ රජයේ නිවාඩු දවස් වල විතරක් උදේ 9.00 ඉදන් සවස 4.00 වෙනකම් මේක බලන්න යන්න පුළුවන්. තංගමලේ අභය භූමිය මධ්‍යයේ තියෙන නිසා බලන්න යද්දී කැලේ මැදින් සකස් කරපු මාර්ගයක් දිගේ තමයි යන්න ඕනි.