21 වන සියවසේ මහ සොහොන් පුවත

එක්තරා ප්‍රසිද්ධ මල්ශාලාවක සේවකයෙකි. තනතුරෙන් ඉහල ඔහුගේ අත්දැකීම් කියැවෙද්දී තැනක ඇහුණ මේ කතාව නොලියාම බැරිය.

මෘත ශරීර දෙකක් එකවර පැමිණි අවස්ථාවකි. එකක් නිතීඥයෙකුගේය අනෙක ගුරුවරයෙකුගේය. ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ගුරුවරයාට නැෂනල් එකත් නීතීඥයාට ටයිකෝට් දමා සරසන්නත් "ඇණවුම" ලැබුණි. දෙපාර්ශවයේම ඥාතීන්ගේ කලබලකාරී ජීවිත වලට මුදල් බාධාවක් නොමැති අයුරකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ඥාතියා උපරිම අයුරින් සරසා දීම පමණකි.
කෙසේ හෝ වේවා මඳ වේලාවකට පසු මහා ගාලගෝට්ටියකි. සේවකයන්ද මෘත ශරීර දෙකෙහි අයිතිකාර පාර්ශවයන් දෙකද අතර වූ මහා ගාල ගෝට්ටිය විසඳීම උක්ත සේවකයාගේ රාජකාරිය විය. කරුණු විමසීමේදී සිදුව ඇත්තේ වරදකි. කලබලය හේතුවෙන් මෘත ශරීර වල ඇඳුම් කට්ටල මාරු කර අන්දවා ඇත. ඥාතීන් මේ සඳහා කලබල කරති. ඇඳුම් මාරු කර නැවත සරසා දෙන තුරු සිටීමට තරම් කාලයක් සේවාදායකයන්ට නොමැත. ගත වන සෑම මිනිත්තුවක්ම මුදල් බවට පත් වූ ලෝකයක එය සාමාන්‍ය කාරණාවකි. මෙය විසඳීම සඳහා මා කලින් සඳහන් කල සේවකයාට ගණ දෙවි නුවණ පහලවන්නේ මෙතනදීය.

මිනිත්තු කීපයක් සේවාදායකයනිගෙන් ලබා ගත් ඔහුට මල්ශාලාවේ දොරවල් වැහෙද්දී "මහ සොහොන් පුවත" මතක් වන්නට ඇත. මිනිත්තු කීපයකින් හිස් දෙක කපා වෙන්කොට අදාල ශරීර වලට සවි කරන්නට ගත වන කාලයත් මුහුණට දමන මේකප් එකට ගත කල කාලයත් ඇරුණු විට ගතවන්නට ඇත්තේ මුදල් ගෙවීමට ගත වන කාලය පමණි. අදාල ඥාතීන් අනේ ......, අනේ ......... වැනි අඳෝනාවන්ගෙන් තම තමන්ගේ ඥාතියාගේ හිස ඇති වෙනෙකෙකුගේ ශරීරයක් අසල අඬා වැටෙද්දී ගැටුම සමථයකට පත් කරන්නට ගත් පියවර ගැන ඔහුට මල්ශාලා අධිපතියාගෙන් පැසසුම් නම් අනේක වශයෙන් ලැබෙන්නට ඇත.

මා සිතන්නේ මෙය පළමු වතාව නොවුනද ගණදෙවි නුවණ මෙහෙයවා රාජකාරිය ඉටුකල අදාල පුද්ගලයාට නම් මාගේ ප්‍රණාමය පුද කල යුතුම වන්නේය. එසේ වන්නේ මුදලට නාට්‍යයක රඟන්නට යන උන්ත තමන්ගේ ඥාතියාගේ ශරීරය හඳුනා ගැනීමට තරම්වත් නොහැකි සමාජයක මෘත ශරීරයක් හා සාරධර්ම ඉටුකර යුතු නොවන නිසාවෙනි.

සැමට ජය....

සඳකඩ පහණක කැටයම් ඔපලා....

හැත්තෑව දශකයේ බිහිවන අපූර්ව ගීතයක් වූ මෙම ගීතය සිව් කුළුඳුල් ගීතයක් වශයෙන් ඉතිහාසයේ කියැවෙන ගීතයකි. එසේ වන්නේ "මාතර ආච්චි" චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීතය ලියැවෙන චොලී නානායක්කාරයන්ගේ ප්‍රථම ගීත රචනය වීමත් චිත්‍රපටය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය වීමත් සුනිල් එදිරිසිංහයන්ගේ මුල්ම චිත්‍රපට ගීතයත් වීමයි. මෙම ගීතයේ විවිධ අර්ථ කථනයන් තිුනා වුවද වඩා සාර්ථක වන්නේ මෙයම යැයි මට සිතේ. පෙම්වතිය හැරගිය පෙම්වතෙකුගේ සිතිවිලි මේ ගීතය හරහා දිගහැරෙනු දැකිය හැකිය.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

සඳකඩ පහණක් යනු විශ්වයේ පවතින්නා වූ මහාඅනර්ග නිර්මාණයකි. එහි කැටයමි කිරීම ලේසි පහසු නොවන්නේය. එය නිර්මාණය කල පසු ස්ථිරනිර්මාණයක් ලෙස කාලයක් පවතිනු ඇත. පෙම්වතාගේ ආදරයද එසේමය. නමුත් පෙම්වතියගේ ආදරය දේදුන්නක් ලෙසය. දේදුන්නක් කෙතරම් අලංකාර වුවද මහ වැස්සකට පෙර ඇතිවී කෙමෙන් වෙනස් වී නැතිවී යයි. මෙලෙස ලංවෙන ඇය ගැන ඇතිවන විවිධ සිතිවිලි නිසා කැලැතුනු ඔවුන්ගේ සිත් තුල ආදරය යන අකුරු වැල පැන නගින්නේ දිය බුබුදුක් ඇති වන්නාක් වැනි ලෙස කෙටි කාලයකිනි. එය ක්‍ෂණයකින් ඇතිවුන හැඟීම් සමුදායක සම්මිශ්‍රණයකි. නමුත් ඒ ආදරය නොමැකෙන තරම් ප්‍රභල විදිහට ඔවුන් තුලට ඇතුලු වෙලා එකට ජීවත් වෙන්න තරම් තීරණයකට ඔවුන් එනවා. විවාවහයට යන්න හිතුවත් ඔවුන්ට ගැටලුවක් තියෙනවා. මා හිතන්නේ ඒ දුප්පත් කම කියලයි. කෙසේ හෝ වේවා මේ සියලු ගැටලු විසඳාගන්න උත්සාහ ගද්දී ඇයව බලෙන් ඔහුගෙන් ඈත් කරනවා. ඒ ඇයගේ අකමැත්තෙන්. නමුත් ඇයට කල හැකි දෙයක් නැහැ.

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා

කාලෙකට පස්සේ ආයෙමත් අපූරු ගීතයක් ගැන ලියන්න හිතුවා. ඒ ප්‍රසන්න බංඩාර පද රචනා කල එච්. එම්. ජයවර්ධනයන් ගේ තනුව හා සංගීතයෙන් හැඩ කල සෝමතිලක ජයමහ විසින් ගායනා කරන "එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා" ගීතයයි. දැන් දැන් ගුවන් විදුලියේවත් ඇහෙන්නේ නැති තරමේ ගීතයක් වුනත් අපුූර්ව ගීතයක් ලෙද වින්දනය ලබන්න පුළුවන් ගීතයක්. විරහ වේදනාවෙන් පෙලෙන්නා වූ පෙම්වතෙකුගේ සිතිවිලි තමන්ගෙන් වෙන්ව ගිය පම්වතියට වෛර බඳින්නේ නැතිව විඳ දරා ගන්න දරන උත්සාහයක් ගීතයක් අයුරින් නිර්මාණය වී ඇත.

ගීතය ආරම්භ වන සංගීතය ගැන නොකියා ගීතය ගැන කතා කිරීම පලක් නැති බවයි මගේ වැටහීම. එයට හේතු වන්නේ මෙම ගීතය හරි හැටියට දැනෙන්න නම් ආරම්භක සංගීතයට සවන් දිය යුතුම වන්නේය. ගොම්මන් සන්ද්‍යාවක තනියම හිඳ ගෙන මේ සංගීතයට සවන් දුන්නේ නම් හෝ කලබලකාරී ඝෝෂාවෙන් මිදී සවන් දෙන්නේ නම් ඔබ මෙය මැනෙවින් වටහා ගනු ඇත. එය දුක් දොම්නස් මතක් කර දී ගීතය තුලට ප්‍රේක්‍ෂකයා ඇදගෙන යන්නේය.

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

මගේ ගමන් බිමන් එකසිය නමවන කොටස - ඩෙල්ෆ්ට් දූපත සහ කැලෑ අශ්වයෝ

යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්ට් දූපත වනාහි අපූර්ව ස්ථානයකි. වර්ග කිලෝමීටර 49.5ක් පමණ වූ මෙම භූමි ‍ප්‍රදේශය සම්පූර්ණෙයන්ම වාගේ සැදී තිබෙන්නේ හිරිගල් පාෂාන වලින් එසේත් නැතිනම් කොරල් වලින්. දිගින් කිලෝමීටර 8ක්ද පළලින් කිලෝමීටර 6ක්ද පමණ වනවා. අවට මුහුදු තීරයද නොගැඹුරු කොරල් පර වලින් පිරුණු මුහුදු තීරයක්. අතීතයේ මෙය නෙඩුන්තිව් ලෙස ව්‍යවහාර වූ බවත් පසුව පෘතුගීසි ආක්‍රමණයෙන් පසු ඩෙල්ෆ්ට් ලෙස භාවිතා වුන බවත් කියවෙනවා. අර්ධ ශුෂ්ක නිවර්තන කලාපීය දේශගුණයකට හිමිකම් කියන මෙම දූපතේ වාර්ෂික වර්ෂාපතනය 500-700mm පමණ වන අතර උපරිමය අප්‍රේල් - නොවැම්බර් කාලයේදී වෙනවා. Equus caballus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඩෙල්ෆ්ට් අශ්වයින් ලංකාවේ ස්වභාවිකව ඇති එකම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ මෙම දූපතයි. මෙහි දැනට අශ්වයින් 500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ගණන් බලා තිබෙනවා. 
 
මේ දූපත බලන්න යන්න සූදානම් වෙද්දීම සාමාජිකයින් 15ක් විතර හිටියා වුනත් අවසානයේ ගමන පිටත් වුනේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන්. ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඉන්න මේ සාමාජිකයින් හැමදෙනාම එකතු වෙන්නේ CPC නමින් හැඳින්වෙන ඡායාරූප සමාජය හරහා. ප්‍රධාන වශයෙන් අශ්වන්ව ඡායාරූපගත කරන්න වගේම කුරුල්ලන් ඡායාරූපගත කිරීම කරගත් අපි 30 උදේ පාන්දර යාපනය ප්‍රධාන බස් නැවතුම්පල ලඟදී එකතු වුනා. එතැන ඉඳන් අපේ ගමන පහසු කරන්න වාහනයක් ගත්තා.