ටිකක් විතර උණ අරන් අඩුවුනා
විතරයි. ටිකක් කිව්වේ 102ට විතර. මට ඉතින් ඉන්න බෑනේ නලියනව. ඉතින් වෙන කවරදාකදී
වගේ මම අදත් මගේ දුප්පත් කැමරාවත් අරන් වත්ත පිටියේ ඇවිද්දේ අලුත් දේවල් ඇති කියල
බලාපොරොත්තුවෙන්. මගේ තනියට මාත් එක්ක කවදත් ගියේ Nikon D90 කැමරාව. Macro Lens එකක් ගන්න හීනේ තාමත් හැබෑ කරගන්න බැරි වුන නිසා වෙනසකටත් එක්ක අනිත්
ලෙන්ස් පැත්තක දාල Nikkor 50mm 1.8G එකයි 68mm extension
tube set එකයි අටවගෙන Tripo TR-950 speed light එකත් අටවගත්තා. ටිකක් එහේ මෙහේ යද්දි හම්බුනා two-striped
jumper (Telamonia
dimidiate) පිරිමි සතෙක්.. පින්තූර ගනිද්දී තේරුණා මෙයා
ටිකක් මගේ තියෙන ලයිට් එකෙන් ආලෝකමත් කිරීම සාර්ථක මදි කියල. ඉතින් මම කලින් හදපු Light
controllers එක්ක ට්‍රයි කරල බැලුවා. හරි ගියේ නැහැ. මොනවා
වුනත් කමක් නැහැ කියල පටන් ගත්තා අලුත් එකක් හදන්න.
මගේ කැමරාවයි ගැජට් ටිකයි |
මුලින්ම හදපු light director එක ටිකක් බරයි ඒ නිසා අයින් කලා |
දෙවැනියට හැදූ එක සාර්ථකයි නමුත් 18-105mm ප්‍රමාණයේ ලෙන්ස් එකකට |
අලුතින් හැදූ එක ඉතා සාර්ථකයි |
විනාඩි 15ක් 20ක් විතර යද්දි මම
මගේ light control diffuser එකත් අරගෙන එද්දී ටිකක් විතර කණගාටුදායක දෙයක්
වෙලා. ඒ තමයි මම පින්තූර ගන්න බලාගෙන හිටපු two-striped
jumper ව Spitting Spider (Scytodes lugubris) කෙනෙක් එයාගේ ගොදුර බවට පත්කරගෙන. ගොදුර ඔතපු විදිහ දඩයම භක්‍ෂණ විදිහ නම් Spitting Spiderට විශේෂයි.
මෙන්න ගත්තු පින්තූර කීපයක්
සොබාදහම අපූර්වව වන්නේ අප එය දෙස
බලා සිටීමෙන් නොව අප එය තුල ජීවත් වීමෙනි.
Wonder of nature is felt by living within
it not by watching.
නියමයි
ReplyDeletewelcome
Deleteaiyge wada ghnna katha krnna deyk na ne.. No.1 .. loku deyk dana gththa aiye. Obata Jaya!
ReplyDeleteThanks malaya
Deleteand most welcome
බොහොම ලස්සනයි.
ReplyDeleteමට හිතෙනවා අනාගතේදී මේ සත්තු වගේ හැඩයට යුද්ධ ටැංකි හදයි කියලා. එහෙම හැදුවොත් ඒවා බොහොම භයානක වෙයි.
hah hah haa maybe
Deleteඅපූරු විස්තරයක්. මමත් ඔයවගේ පරිසරයට සම්භන්ද සිද්දීන් කීපයක්ම දැකලා තියෙනවා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි
Deleteඅපූරු විස්තරයක්. මමත් ඔයවගේ පරිසරයට සම්භන්ද සිද්දීන් කීපයක්ම දැකලා තියෙනවා.
ReplyDeleteජයවේවා!!!
Thanks
Deleteමම වැඩිය කැමැත්තක් නැති සබ්ජෙට් එකක් මෙක මෙවගෙ පොඩිසත්තුන්ගෙ පොටොස් ගන්න එක එත් මෙක දැක්කම මට මර ආස හිතුන කරන්න ගුඩ් ජොබ් සුලා
ReplyDeleteස්තූතියි මචං
Deleteමාර උණක්නෙ යකෝ මේක. හැක්..
ReplyDeleteනියම පින්තූර ටික.
Thanks.. ඒකනේ කියන්නේ
Delete