රත්නපුර - පැල්මඬුල්ල
මාර්ගයේ ගනේගම තියෙන පැරණි සිද්ධස්ථානයක් තමා මේ කියන ගනේගම විහාරය කියන්නේ.
රත්නපුර පැල්මඬුල්ල මාර්ගයට මුහුණලා තියෙන නිසාවෙන් මේ මාර්ගයේ ගමන් කරන ගනේගම
හිටිවන පිලිමය නොදැකපු කෙනෙක් නම් නොමැති ගානයි. අරමොණපොල විහාරය, දෙනවක විහාරය යන
නම් වලින් පවා හැඳින්වෙන්නේ මේ විහාරයමය. චෝල ආක්‍රමණ වලට පසුව ශ්‍රී පාදය
වන්දනාවේ පැමිණි අරමණ දේශයෙන් එනම් බුරුමයෙන් පැමිණි භික්‍ෂූන් වහන්සේලා නවාතැන්
ගෙන ඇත්තේ මේ වාහාරයේය. එනිසා අරමණ පොල ලෙස ව්‍යවහාරයට එක්ව ඇතැයි ඉතිහාසයේ කියවේ.
කිරිබත්ගල කඳු ශිඛරයටත් කුට්ටාපිටිය කඳු ශිඛරයටත් මැදින් ඇති නිසාවෙන් දෙනවක
විහාරය ලෙස පොලොන්නරු යුගයේ සිටම මෙය හඳුන්වා ඇතැයිද ඉතිහාසය සක්‍ෂි දරයි. තවද පසු
කලෙක බටහිර ආක්‍රමණ හමුවේ ලක්දිව බුදු සසුන විනාශ වෙද්දී ගණින්නාන්සේලා යනුවෙන්
හැඳින්වෙන භික්‍ෂු කොට්ඨාශයක් මේ ප්‍රදේශයේ වාසය කර ඇත. විහාරයේ නඩත්තුව හා පාලනය
සිදු කිරීමද ගණින්නාන්සේලා විසින්ම කර ඇත. එනිසා මෙය ගණේගම ලෙස ව්‍යවහාරයට එක්ව
ඇතැයි සිතිය හැක.
මෙහි ඇති බෝධීන් වහන්සේ
සංඝමිත්තා තෙරණින් වහන්සේ ගෙන හා ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාකාවෙන් හටගත්
දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක් මෙහි රෝපණය කර ඇති බවද ඉතිහාස පොත්පත් වල
සඳහන්වේ. විහාරගෙය තුල ඇති දාරුමය බෝධීන් වහන්සේ සඳුන් ලීයෙන් කරවා ඇති බවට
විශ්වාස පවතින අතර තවත් කෙනෙකු එය හික් ලීයෙන් කරවා ඇති බවද විශ්වාස කරයි. එය මෙම
විහාරයේ ඇති පැරණිම ප්‍රතිමාව වේ. විහාර පිට මලුවේ ඇති ගල් කුලුණු 24කුත් ගල්
උළුවහු 3කුත් සඳකඩ පහණ හා ගලින් කල භාජන දෙකකුත් දැනට ඇති පැරණි ගල් කැටයම් අතර
වේ. කෝට්ටේ යුගයේ වූ දක්‍ෂ ගල්වඩුවන්ගේ දක්‍ෂතාව මැනෙවින් පිළිබිඹු කරන්නා වූ ගල්
උළුවස්සක් මෙහි දැකිය හැකි අතර උළුවස්ස පාමුල ඇති උක්කුටුක ඝන රූප හා පලාපෙති
මෝස්තර වලින් ලැබෙන සංකීර්ණ නිර්මාණ වල අපූර්වත්වය වචන වලින් විස්තර කල නොහැකි
තරම්වේ.
අනුරාධපුර පොලොන්නරු යුග
වලින් පසුව ලංකාවේ ගලින් කල නිර්මාණ ප්‍රමාණය අඩුවන්නට පටන් ගත්තද ගනේගම විහාරය
නැවතත් අනුරාධපුර පොලොන්නරු යුගයන් සිහිපත් කරවයි. රත්නපුර දිස්ත්‍රික්කයේම වැඩිම
ශෛලමය නිර්මාණ ඇත්තේ ගණේගම විහාරයේය. මෙහි නිර්මාණ සම්පූර්ණයෙන්ම පාහේ කෝට්ටේ
යුගයේ කල නිර්මාණ යැයි පුරාවිද්‍යාඥයන් තහවුරු කරයි. කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු
රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කරවා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරුවෙනට පිලිගැන්වූ
බවද සඳහන්ය. පසුව පෘතුගීසි සමයේ මේ විහාර විනාශ වී ඇති අතර මහනුවර සමයේදී
කොට්ටිඹුල්වල අනොමදස්සී ස්වාමිපාදයන් වන්සේ මෙය ප්‍රතිසංස්කරණය කරන්නට පටන්ගෙන ඇත.
එයින් පැහැදුනු කන්ද උඩරට රජ ශ්‍රී විකුම රාජසිංහ රජතුමා මෙම විහාරය හා ගම්වරයක් කොට්ටිඹුල්වල
අනොමදස්සී ස්වාමිපාදයන් වහන්සේට පූජා කර ඇත.
පසුකලෙක අඳුරු කාලච්ඡේද
අවසන් කරමින් බුදුලෙන රංමහා විහාරාධිපති කර්මාචාර්ය සන්නස්ගම ශ්‍රී රතනපාල
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පිලිසකර කරවා පාලනය කර ඇත. විහාරගෙන හා
බෝධීන් වහන්සේ වටා වූ ප්‍රාකාරය පසුව නිර්මාණය වූ අතර අවුකන පිළිමය ආකාරයට නිමවූ
හිටි පිළිමයත් පොලොන්නරුව ගල් විහාරයේ ආකෘතියට ඉදිවූ නිර්මාණයත් නිසාවෙන් මේ
විහාරය වන්දනාමාන කරන්නවුන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නට සමත්වී ඇත
ඉතිහාසයේ සිට වර්තමානයට
වේගවත් ගමනක් ආව ඔයාලට කියන්න තිනේනේ මේ ලංකාවේ පෞඩ ඉතිහාසය කියාපාන තැන්. ඒ ඒ
තැන් වලට ගිහින් වන්දනාමාන කරල. දැකබලානෙ අපේ හෙල සම්ප්‍රදායන් කලාකෘතීන් නිර්මාණය
වුන හැටි ගැන ටිකක් හොයල බලන්න. මෙන්න ගියපු තැන තියෙන මගේ පින්තූර ගොන්න. ටිකක්
වුනත් අනිත්වා දවසක මේ ඇල්බමයේම පල කරන්න බලාපොරොත්තු වෙනවා.
Very informative. Thanks.
ReplyDeleteස්තූතියි
Deleteහරිම වැදගත් විස්තර ටිකක්...... හැමදාම ඔය පාරේ යනවා...... වෙලාවක් ලැබුණ ගමන් යන්න හිතුණා...........
ReplyDeleteස්තූතියි ඔබට. අනිවාර්යයෙන් යන්න වටින තැනක්
Deleteහිස් අහස සදරෑ තමයි ඔයා ගැන කිව්වේ..
ReplyDeleteමමත් මේ විහාරය දැකලා තියනවා ගිහින් බලන්න ඔිනේ
Pretty section of content. I just stumbled upon your blog and
ReplyDeletein accession capital to assert that I get actually enjoyed account your blog posts.
Anyway I'll be subscribing to your feeds and even I achievement you access consistently quickly.
Here is my website - home improvement renovation (homeimprovementdaily.com)
Thank you
Deleteමේ විහාරය මමත් ඔය පාරෙ යනකොට දැකල තියෙනව. උඹ කොහෙන්ද බන් විස්තර හොයා ගන්නෙ?
ReplyDeleteඉතිහාස පොත් කියවලා සහ මිනිස්සු එක්ක කතා කරල විස්තර හොයනවා. පස්සේ ඒ ගැන තියෙන පොත්පත් වලින් කරුණු තහවුරු කර ගන්නවා...
ReplyDeleteපෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ.
ReplyDeleteස්තූතියි මලයා
Deleteඇත්තටම මම මේ ප්‍රදේශයේ සිටියත් මේ තරම් කරුණු දැනගෙන සිටියේ නැහැ. ස්තුති සුලක්ඛන අය්යේ .
ReplyDeleteමේකේ තියෙන බ්ලොග්ස් facebook එකට share කරන්න බැරිද ? අපේ අනිත් යහළුවන්ට මේ ගැන දැනගන්න
ස්තූතියි ඔබට. ඔව් පුළුවන්. ලිපියක පහලම Share කරන්න පුළුවන් ලින්ක් තියෙනවා. නැතිනම් URL එක කොපි කරල ඕන තැනක පල කරන්න පුළුවන්. නැතිනම් බහල දකුණු තීරයේ තුන්වෙනි තැනින් Share කරන්න පුළුවන්
Delete