අප අද විශාල තාක්‍ෂණික දියුණුවත් සමඟ ඉදිරියට යමින් පවතී. ඒ තුල මිනිසා චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ගෙන් මඳක් ඔබ්බට ගොස් ඇති බවක් පෙනේ. නමුදු හෙල සිරිත් විරිත් තුල තවමත් අරුත්බර වූ දේ විනාශවී නොමැත. අද 2014 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබූ දිනයයි. නමුදු මා තුල කලක් තිස්සේ ඇති කෙරුණු උභතෝකෝටික ප්‍රශ්ණයක් වෙයි. ඒ ඇත්තටම අලුත් අවුරුද්ද කවදාද? මගේ ලිපි දිගටම කියවන අය මා ලියූ ජෝතිශ්‍ය හා තාරකා විද්‍යාව පිළිබඳ, කේන්‍ද්‍ර සාස්තර පිළිබඳ ලිපි කියවන්නට ඇති. ඒ මෙන්ම අද පැහැදිලි කරන්නාවූ කරුණු මැනවින් කියවා සිතින් අවබෝධ කරගන්නා මෙන් ඉල්ලමි.