අම්පාර උහන
සිට කිලෝමීටර කීපයක් නුවර පැත්තට වෙන්න කුඹුරු යායක් මැද තියෙන පන්සලක් තමයි
උදයගිරිය රජමහා විහාරය කියන්නේ. පැරණි චෛත්‍යය කුඹුරු යාය මැද විරාජමානව තිබුනත්
පාසි හා මඩ නිසා දුර්වර්ණ වෙලා තියෙනවා.
පරාක්‍රම
බාහු රජ හා සුගලාදේවිය අතර බටහිර සටනේදී මේ ප්‍රදේශය සොල්දාදුවන් පලමු සටන්
සිදුවුන ප්‍රදේශය විදිහට විස්වාසයක් පවතිනවා. අවට ඇති ගල්කණු හා පුරාතන සලකුණු
අනුව මෙම ප්‍රදේශය විශාල වශයෙන් පැතිර තිබූ බව කිව හැකිය. කැටයම් කල ගලුකුළුණ වල
ලියැවුන සෙල්ලිපි අනුව පන්සල අවට භූමිය දහවන සියවස රජකල උදය රජුගේ සෙන්පති දෙදෙනකු
විසින් බදුසහන වශයෙන් දෙන ලද්දක් යැයි කිව හැක.
නටඹුන් ලෙස හමුවූ ආසනඝර දෙකක් හා බුදු පිලිමයක් එකට බුදුන්ට කුල වැඳුම් පිදුම් පෙන්වන
අතරම තිබු කොරවක්ගල් හා අනේ නිර්මාණයන් අතීතයේ පෞඩ නිර්මාණයන්ගේ විභූතිය පිලිඹිඹු
කරයි. කුඩා ගල් පර්වතයක් මත පිහිටි බුදුන්ගේ හිඳි පිලිමයකි. එය පාමුල ඇති සංකීර්ණව
නිර්මිත නෙලුම් මලකි. පිලිමයේ වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් තිබුනද තමවත් අතීත
කලාකරුවාගේ දක්‍ෂතාව මනාව පෙන්වයි. එක හා සමාන සරළව පිලිවෙලකට සිටුවන ලද අඩි අටක්
පමණ උස ගල්කණු අතිතයේ තිබූ සංඝාවාසයක නටඹුන් යැයි සැලකිය හැක. මෙහි ක්‍රමය අනුව ක්‍රිස්තු
පූර්ව තුන්වන සියවසේ සිට පලමු සියවසට අදාල නිර්මාණ ශිල්පය පෙන්වයි. තවද විස්වාසයන්
අනුව මෙය උදනගිරි නමින් උහන ප්‍රදේශය පුරා පැතිර තිබු බවත් සියළු ඉගැන්වීම් හා
වෙදහෙද කම් කල ස්ථානයක් බවත් නැගෙනහිර රාජධානියේ බිඳ වැටීමත් සමඟ වනාන්තරයට යටවී
ඇති බවත් සැලකේ.
නියම මනමාල ලුක් එක උඹේ :ඩී
ReplyDelete:O හා
Deleteඑල සුලා exam ඉවර උන ගමන් මම මේ ඔක්කොම post ටික කියවනවා......
ReplyDeleteආහ් විභාගේ ඉවර වුනාම මම තව ලිපි පෙලක් ලියනවා :P සෑහෙන්න වැඩ තියෙයි උඹට
Deleteවැදගත් තොරතුරු ටිකක්, ස්තුතියි!
ReplyDelete