මගේ ගමන් බිමන් හතලිස් අටවන කොටස - උග්ගල් අලුත්නුවර දේවාලය

සබරගමුව පලාතේ ඉමුල්පේ ප්‍රාදේශිකයට අයිතිවෙන මේ දේවාලය උග්ගල් අලුත්නුවර දේවාලය විදිහටත් බලංගොඩ අලුත්නුවර දේවාලය විදිහටත් ව්‍යවහාරයේ තියෙනවා. අතීතයේ මැදගම දේවාලය කියලත් හඳුන්වලා තියෙන්නේ මේ දේවාලයමයි කියලයි කියන්නේ. මගේ ගමන් බිමන් ලිපි පෙලේ එන ඇඳිරිලෙණ කියන තැන බලන්න ගියාම මෙතැන ගැන දැනගන්න ලැබුණේ. කොහොම වුනත් මෙතැන කතරගම දෙවිඳුන් ජීවමානව වැඩඉන්න තැනක් කියලත් විශ්වාසයක් තියෙනවා. බලංගොඩ - බණ්ඩාරවෙල පාරේ කිලෝමීටර 10ක් විතර ගියාම අලුත්නුවර දේවාලයට යන්න නාම පුවරුවක් දාලා තියෙනවා. එතැනින් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම දේවාල භූමියට යන්න පුළුවන්.
දේවාලය ගැන විවිධ කතාන්දර තියෙනවා. එහි පුරාණ කැටයම් බාල්ක, උළුවස්ස, පුරාණ සඳකඩ පහණ, පුරාණ ලිඳ හා ඒ අවට තහඩු වල කැටයම් ආදී දේවල් තියෙන බව දැනගන්න ලැබුණත් අපිගිය දවසේ දේවාලය වහලයි තිබුණේ. කොහොම වුනත් පැරණි බෝ ගස, කොස් ගස නම් දකින්න පුළුවක් වුනා. මේකේ පෙරහැර මංලල්‍යයක්ද කෙරෙනවා කියලයි කියන්නේ. ලංකාවේ අනිත් තැන් වලට වඩා විශේෂ විදිහටයි ඒ දේ සිදුවෙනවා කියන්නේ. එකක් තමා පෙරහැර නවාතැන් ගන්නා ස්ථාන දෙකක් තිබීම. විශේෂිත කල

මගේ ගමන් බිමන් වල හතලිස් හත් වන කොටස - යුධගනාව


ඌව පලාතේ බුත්තල ප්‍රාදේශිකයට අයිතිවෙන යුධගනාව තමා මගේ තවත් ගමනක නිරීක්‍ෂණය වුනේ. වැල්ලවාය මොණරාගල මාර්ගයේ වැල්ලවායේ ඉඳන් කිලෝ මීටර 16ක් විතර ගියාම යුධගනාව හංදිය හම්බවෙනවා. එතැන පරිසර අමාත්‍යංශයෙන් දාපු නාම පුවරුවක් දකින්න පුළුවන්. එත්න ඉඳන් කිලෝමීටර එකහමාරක් විතර ගියාම මේ කියන යුධගනාව නටඹුන් ප්‍රදේශයට එන්න පුළුවන්. යුධගනාව නටඹුන් විදිහට අපට යුධගනා විහාරය, යුධගනාව චෛත්‍යය හා චුලාංගනී විහාර සංකීර්ණය දකින්න පුළුවන්.
කිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු කුමරු හා සද්ධාතිස්ස කුමරු අතර සටන් සිදුවූ තැන විදිහට මෙතැන ගැන කියවෙනවා. ඒ පිලිබඳ සාක්‍ෂ ඔවාගිරිය හෙවත් සංඝයා විසින් යුද්ධ නොකරන්න යැයි ඔවදන් දුන් ස්ථානය ගැන කලින් ලිපියක කතාවෙනවා මතක ඇති. එමෙන්ම දොලොස්වන සියවසේදී රජකල මහා පරාක්‍රමබාහු රජ සිය මෑණියන් වන රත්නාවලී බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් කරවූ චෛත්‍යය ලෙසටත් මතයක් පවතිනවා. අඩි 1038ක විතර වට ප්‍රමාණයක් තියෙන මේ චෛත්‍යය ඌව පලාතේ තියෙන

ගමන් බිමන් ලියන සුලා ගැන සුලාගෙන්.......

ඔයාලා හැමෝම කාලයක් කියවන මගේ අත්දැකීම් පිටුව ලියන මම කවුද කියල කියන්නම්කෝ. හුඟක් දෙනා මූණු පොතෙන් මාව දන්නවා වුනත් ඒ කාලේ හිටි අයට මාව හරියට මතක නැතිව ඇති. ඒකෙනුත් මගේ ගමන් බිමන් ලිපි පෙල එක්ක ඔයාල ගොඩක් දෙනා එකතු වෙලා ඉන්නවා කියල මම දන්නවා. මෙන්න ඇරඹුම.
නෑදෑයෝ එක්ක කතරගම ගිහින්
මගේ ගමන් බිමන් පටන් ගත්තේ මම 6 වසරේ ඉන්න කාලේ අපේ තාත්ත එක්කන් ගිය පාසල් චාරිකාවකින්. මගේ තාත්තා උසස් පෙල රසායන විද්‍යාව හා ජීව විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මට නම් ඒක විනෝද චාරිකාවක්. =D එතකොට මම පොඩි එකා නොව. හැබැයි ඒ කාලේ හිටි අයියාලා අක්කලාගේ මූණු ටිකක් නම් තාම මතකයි. ආෂු අයියා, තට්ට නාග, අමිල වගේ නම් තාම යන්තම් මතක තියෙනවා. ලෝකාන්තේ බලන්න ගිහින් මුළු හෝර්ටන් තැන්නම පයින් ගිය හැටි. එතැන විශේෂත්ව ගැන තාත්තා කියන කතා තාම මතකයි. තිසා වැවේදී තාත්තා මව කරේ තියන් වතුර මැදට ගෙනිච්ච හැටි. තිසා වැව ලඟදී වැවේ මාළු බැදල

මගේ ගමන් බිමන් හතලිස් හයවෙනි කොටස - ගොවිඳුහෙල

සියඹලාන්ඩුව අම්පාර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තියෙන කන්දක් තමා මේ ගොවිඳුහෙල කියන්නේ. මේකට කියන නම් විවිධයි. ගෝවින්ද හෙල, ගොවිඳුහෙල, වෙස්මිනිස්ටර් ඇබේ හා පුංචි සීගිරිය කියන නම් වලිනුත් මේ කන්ද හැඳින්වෙනවා. හැමදාමත් අම්පාරේ යන එන ගමන් දැක්ක මේ කන්ද නගින්න සෑහේන කාලයක් බලන් හිටියා. අන්තිමේ යාළුවෝ කීප දෙනෙක් එක්ක කන්ද තරණය කලා. කැලේ මැදින් වැටුනු දුශ්කර ගමනක් වුනත් අවසානය මතක් කරගෙන වෙහෙස අමතක කරලා මේ ගමන ගියේ. බුවනෙකබාහු විහාරය කියන නාම පුවරුව සහ ඌව පරිසර අමාත්‍යංශයෙන් දාපු ගොවිඳුහෙල ඓතිහාසික ස්ථානය කියනනාම පුවරුව ගාවින් හැරිල කිලෝමීටරයක් විතර ගියාම කන්ද පාමුලට එන්න පුළුවන්. එතැනින් කැලෑව මැදින් වැටුනු අඩිපාරවල් දිගේ කන්ද තරණය කරන එක තමයි තියෙන්නේ.
මේ ගොවිඳුහෙල ඉතිහාසය හා බැඳෙන්නේ මෙන්න මෙහෙම. පොලොන්නරු යුගයේ අවසානය එක්ක කාලිංග මාඝ ආක්‍රමණ ඇතිවීම නිසා ලංකාව පාලන කොටස් හතරකට කැඩෙනවා. ඒ මිනිපේ සංඛ සෙනෙවියාගේ රාජධානිය, දඹදෙණියේ විජයබාහු රාජධානිය, යාපහුවේ සුභ සෙනෙවියාගේ රාජධානිය හා ගොවිඳුහෙල බුවනෙකබාහු ආදිපාද වරයාගේ රාජධානිය විදිහට. මේ ස්ථාන සියල්ලේම කාලිංග මාඝයන්ට විරුද්ධව සටන් සේනා සංවිධානය හා මෙහෙයවීම කරල තියෙනවා. පස්සේ මාඝ හා සටනේදී බුවනෙකබාහු

මගේ ගමන් බිමන් වල හතලිස් පස්වන කොටස - ඇතාමළ ඇල්ල

දැන් නම් සුලාගේ ගමන් බිමන් දිය ඇලි වලටම ගිහිල්ලා කියල හිතෙයිද දන්නේ නෑ නේද? =D ඒ තරමටම ගමන් බිමන් වල දිය ඇලි තියෙනවානේ. මේ කියන්නේත් දිය ඇල්ලක් ගැන විස්තරයක්. ඒ මීටර 52ක් උස ඇතාමල ඇල්ල ගැන.
පිටබැද්දර සියඹලාගොඩ මාර්ගය හෝ නිල් ඇල්ල වතුයාය මාර්ගය හරි පාවිච්චි කරල මෙතැනට එන්න පුළුවන්. ඇතා මළ ඇල්ලට එන්න පුළුවන්. ඒ කියන පාරවල් දෙකම ඇතුමල හන්දියෙන් එකතුවෙලා තවත් කිලෝමීටර 3ක් විතර ගියාම ඇල්ල ලඟට යන්න පුළුවන්. මේ දිය ඇල්ල නිර්මාණය කරන්නේ නිල්වලා ගඟ. විශාල දිය කඳක් අරගෙන පහලට වැටෙන්නේ අවට වට පිටාවත් සිහින් පිණි වලින් වහගෙනමයි. දිය ඇල්ල වැටෛන්නේ පොකුණක් නිර්මාණය කරගෙනමයි. එතැන වටෙන් ගිහින් පොඩි ගල් කුලක් අස්සෙන් රිංගලා ගියාම අපට දිය ඇල්ල ලඟට යන්න පුළුවන් වුනත් උඩට නම් නගින්න අමාරුයි.













දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මේනන මෙහෙම කියලයි කියන්නේ. කලින් අලිමංකඩක් නිසා එහි නිතර ඇතුන් ගැවසිලා තියෙනවා. දවසක් මේ මංකඩින් යන ඇතෙක් ඇල්ලෙන් පහලට වැටිල මැරුණු නිසා ඇතාමළ ඇල්ල කියන නම ලැබිලා. බොහොම ලස්සන තැනක්. ගමට විදුලිය ගන්න කාලෙකට කලින් ගම්වැසියන් එකතුවෙලා විදුලි බලාගාරයක් කරලා තියෙනවලු. ඒත් පස්සේ නඩත්තුව බැරුව නවත්තලා දාල. පස්සේ ප්‍රාදේශිය සභාවෙට දීල ඒ අයත් නඩත්තුව බැරිනිසා අතෑරලා. ඒ කාලේ පරිසර සංවිධානත් ඒකට බලපෑම් කල නිසා බලාගාරය වැහිලම ගිහින් දැන් නම් නටඹුන් විතරයි තියෙන්නේ. පස්සේ ගමට වෙනත් මාර්ග වලින් විදුලිය ලැබුණු නිසා විදුලි බලාගාරය කියන වැඩේ අතෑරම දාල.
විදුලි බලාගාරය පාරේ ගියාම අපිට දිය ඇල්ල උඩටම යන්න පුළුවන්. එතැනින් ඉහල ගඟ තමා තියෙන්නේ. හැබැයි ඉතින් ගඟ ඉහලට වහින නිසා මඩ පාටක් එකතු වෙලා දිය ඇල්ල ඉහල කොටස බොහෝම බිහිසුණු දර්ශණයක් තමයි මවන්නේ. සාමාන්‍යයෙන් නම් නිල්වලා ගඟේ වතුර බොහෝම පිරිසිදුයි කියලයි කියන්නේ. ලස්සන දිය ඇල්ලක අසිරිය බොහෝම සුන්දර විදිහට විඳින්න පුළුවන් තැනක්. මම එහෙම කියන්නේ වට පිටාවෙන් ඇහෙන කුරුළු ශබ්ද හා දිය ඇල්ලේ වතුර වැටෙන ශබ්දය කියන ටික එකතුවුනාම මැවෙන්නාවූ රූ සටහන් පෙළ නිසාවෙන්. ගිහින් බලන්න විනාශයක් කරන්නේ නැතිව.














මගේ ගමන් බිමන් හතලිස් හතරවැනි කොටස - ඕල දොල

දෙනියාය අකුරැස්ස මාර්ගයේ හමුවන හුලන්දාව ප්‍රදේශය අවට තියෙන තැනක් ගැන තමා මේ විස්තරය කෙරෙන්නේ. මගේ ගමන් බිමන් වල රසිකයෙකු වුන දීප්ප කුමාර කියලා කෙනෙක් මාත් එක්ක මූණු පොතේ කතාබහ කරන මිත්‍රයෙක් තමා මට මේ තැන ගැන විස්තර කියලා ඒ තැන පෙන්වන්න මඟ පෙන්වීම් කරන්න ඉදිරිපත් වුනේ. ඒ පිලිබඳ මගේ ස්තූතිය ලබා දෙන එක මුලින්ම කලා නම් හොඳයි කියලා මට හිතුනා.
මේ කියන දොලට යන්න පාරවල් තුනක් තියෙනවා. ඒ හුලන්දාව, බටගොඩ හා දීගල කියන පාරවල් තුන. මේ පාරවල් වලින් කෙටිම මාර්ගය වෙන්නේ හුලන්දාව මාර්ගය. නමුත් ගොඩක් දෙනා යන්නේ නම් දීගල මාර්ගයෙන්. ඒතැන තමා පරිසර අමාත්‍යංශයේ නාමපුවරුව තියෙන්නේ. අපි තෝරාගත්තේ හුලන්දාව මාර්ගය. හුලන්දාව හංදියෙන් කිලෝමීටර 4ක් විතර ඇතුලට යන්න ඕන දොල ගාවට යන්න. හැබැයි එතැනින් කිලෝමීටර තුනක් විතර වාහනයක යන්න පුළුවන්. ඉතිරිය නම් පයින් තමා.
මෙතැන දොල පාර ගලා හැලෙන්නේ පොඩි පොඩි දිය ඇලි කීපයක් මවමින්. සිංහරාජ වනාන්තරයේම කෙලවරක් වෙච්චි මේ ප්‍රදේශය රක්‍ෂිත වනාන්තරයක්. හැබැයි ගම්වාසීන් නම් මේ ප්‍රදේශය හඳුන්වන්නේ ඕල දොල රක්‍ෂිතය කියන නමෙන්මයි. සුවඳ පුස්පේ කන්දෙන් එන දොල පාරවල් වලින් ඕල දොල ඇල්ල, පුවක් අරඹ දොලඇල්ල, ගුලනහේන දොල ඇල්ල, කොලොම්ඹල දොල ඇල්ල හා මිරිස්වැල් දොල ඇල්ල කියන දිය ඇලි තරමක් ප්‍රසිද්ධයි.

පුවක් අරඹ දොල ඇල්ල කියන ඇල්ල අවට විශාල පුවක් ගස් ප්‍රමාණයක් දකින්න ලැබෙන නිසා ඒ නම ලැබුනා කියලයි කියන්නේ. ඒ වගේම තමා මිරිස් වැල් දොල ඇල්ල කියන එකත්. මේ ඕල දොල හා පුවක් අරඹ දොල අතර ඇති විශාල පොකුණ කළුදොල කියන නමින් හැඳින්වෙනවා. තරමක් ගැඹුරු මේ වල කළු පාටින් පෙනෙන නිසාවෙන් නම ලැබුණා විය හැකියි. පුවක් අරඹ දොල පහල කොටස අන්දායම් කුම්මිය නමින් හැඳින්වෙනවා. ඒක අවුරුදු සිය ගනනක් මෙතැනට ලැබුණු නම. ගමේ වැඩිහිටියන් පවා මෙතැනට මේ නම් ලැබුණු හැටි නම් හරියාකාරව දන්නේ නැහැ. මේ සියළු දොල පාරවල් හුලන්දා ඇලට වැටිලා එතැනින් නිල්වලා ගඟට වැටෙනවා. මේ දොල පාරවල් වල බුලත් හපයා වැනි ඒක දේශික සතුන් හා ශාක විශේෂ දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බේඳුරු වැනි පරපෝෂිත ශාක වුනත් මේ වනාන්තරයේ දකින්න පුළුවන්. ඒ අපිට මේ අපි ඉන්නේ වැසි වනාන්තරයක බව කියාපාමිනුයි.
මේ පිළිබඳ ජනවහරේ නම් තියෙන්නේ මෙහි තියෙන ජලයට ඖෂධීය ගුණයක් තියෙනවා කියලයි. ඒ ගැන ගමියන් කිව්වේ මෙන්න මෙහෙම. ඔතැන බොහොම හාස්කම් තියෙන දොලක් ඒ කාලේ. උණ සන්නිපාතය හැදුනු කෙනෙක්ට වුනත් දොලෙන් වතුර ටිකක් දුන්නා නම් සනීප වෙනවා. කොහෝම උනත් ප්‍රේමදාස ආණ්ඩු සමයේදී මේ ප්‍රදේශයෙන් ගස් කපලා අලි ඇතුන් ලවා කොට ඇද්දවූ බවත් එතුන් සිට මේ අනුහස් නැතිවූ බවත් කියනවා. ඒ වනාන්තර විනාශය නිසා දෙවියන්ගේ දඬුවමක් බවයි ගැමියන් කියන්නේ. කොහෝම වුනත් දැන් ආයෙත් ඒ අනුහස් ලැබෙන බවයි කියන්නේ.

කටකතා හා ජනප්‍රවාද කොහොම වුනත් දොලපාරේ වතුර නම් බොහෝම පිරිසිදුයි. ටිකක් බිව්වත් වෙහෙස සම්පූර්ණයෙන්ම නිවෙන එකනම් අපිත් දැක්ක ඇත්තක්. ගිහින් බලන්න වටින තැනක් ස්වභාවික ශබ්ද හා ගහකොල අතරේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක්. හිතට මානසික සුවයක් දැනෙනවා. ඒත් කියන්න ඕන දොලපාර දිගේ දොලගල් උඩින් තියෙන නිසාවෙන් කකුල් වලට නම් ටිකක් විතර අමාරුයි විතරක් නොවෙයි බොහෝම පරෙස්සමට අඩිය තියන්න වෙනවා. ඒ ලිස්සන නිසාවෙන්. ඒකෙ තියෙන ස්වභාව සෞන්දර්යය විඳල කාල බීල නාල එන්න පුළුවන් තැනක්.(බොන්න කිව්වේ මත් පැන් නම් නෙවෙයි.) ගෙනියන අපද්‍රව්‍ය කැලේට එකතු කරලා ඒ තැන් විනාස කරන්නේ නැතුව තවත් කෙනෙකුට ඔයාල දැක්ක සුන්දරත්වය ඒ විදිහෙන්ම බලන්න දෙන්න හිතන් මේ තැන් වලට ඇතුළු වෙන්න.


මගේ ගමන් බිමන් හතලිස් තුන්වන කොටස - බෝඹුරු ඇල්ල

ගමන් බිමන් වල ඊලග විස්තරය ලියවෙන්නේ ලංකාවේ තියෙන පලල්ම දිය ඇල්ල වුන බෝඹුරු ඇල්ල ගැන. මේ දිය ඇල්ල තියෙන්නේ වැලිමඩ හා නුවර එළිය අතරේ මායිමට වෙන්න. පාර මෙහෙමයි වැලිමඩින් අඹගස්දෝවට එතැනින් වලහමුල්ල හරහා උඩුහවරටත් එතැනින් පෙරාවෙල හරහා බෝඹුරු ඇල්ල ගමට එන්න පුළුවන්. වාහනයක යන්න පුළුවන් අන්තිම තැන පොඩි කඩමංඩියක් තියෙනවා. වැලිමඩ ඉඳන් නම් කිලෝ මීටර 21 විතර තියෙනවා මේ කඩමංඩියට වෙනකම්ම එන්න. එතැනින් කිලෝමීටර 4ක් විතර පයින් යන්න ඕන කැලේ මැදින්. දැන් නම් පාර සෑහෙන දුරට හදලා.

මේ දිය ඇල්ල පෙරවෙල්ල ඇල්ල විදිහටත් හැඳින්වෙනවා. උසින් මීටර 50ක් වෙන දිය ඇල්ල කුඩා දිය ඇලි ගොඩක් එකතු වෙලා තමා හැදිලා තියෙන්නේ. උමා ඔය පෝෂනය කරන දූල්ගල ගඟ තමා මේ දිය ඇල්ලට පෝෂණය සපයන්නේ. කුඩා පාරක් දිගේ පරෙස්සමට යන්න ඕන තැනක්. දිය ඇල්ල ලඟ නාන්න බහින එක නම් හොඳ වැඩක් නෙවෙයි. එතැන වතුර පාර සැරින් සැරේ වෙනස් වෙන එකයි ඒකට හේතුව. ඒත් ගඟ පහලට වෙන්න නම් නාන්න හොඳ තැන් කීපයක්ම තියෙනවා. දෙසැම්බර් ජනවාරි කාලයේ හරි අප්‍රේල් මැයි කාලයේ හරි තමා දිය ඇල්ලේ සැබෑ ලස්සන විඳ ගන්න පුළුවන් විදිහට වතුර වටෙන්නේ.















එහෙනම් ලංකාවේ පලල්ම දිය ඇල්ල ගාවින් ගිහින් අළුත් තැනක් ගැත ලියනකම් ආයුබෝවන්. බලන්න යන්න විනාස නොකර. අපද්‍රව්‍ය ගෙනියන්නේ නැතුව හරි ගෙනියන සියල්ල අරගෙන එන එක හරි කරල මේ දිය ඇලි ලඟ තියෙන සුන්දරත්වය ආරක්‍ෂා කරගන්න කියන එකත් මතකයේ තියාගන්න.


ප.ලි.
වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය.
මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. බෝඹුරේ හද්දා පිටිසර ගම්මානයකි.
ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව පැරැන්නෝ පවසති.

මගේ ගමන් බිමන් හතලිස් දෙවන කොටස - ස්ත්‍රී පුර ලෙන්

ස්ත්‍රීපුර ලෙන් කියන්නේ ඌව පරණගම ගමේ තියෙන පැරණිම ස්ථානයක්. ලද්දුම, කිරිවන්නාගම, ඉදමගම හා මුදනාව කියන ගම් අතරේ තියෙන කඳුවැටිය තමා ස්ත්‍රීපුර කියල හඳුන්වන්නේ. වැලිමඩින් ඌව පරණගම පාරේ ගිහින් අතුරුපාරවල් කීපයක් ඇතුලට යන්න තියෙනවා මේ කඳුවැටියට යන්න. මෝටර් බයිසිකලයක හරි 4 wheel drive වාහනයක් හරි නැත්තම් මේ ගමන යන්න නම් බැහැ. හැබැයි දැන් ඉස්සරට වඩා නම් පාර හොඳයි කියලයි කියන්නේ. කඳුවැටිය ලඟටම වාහනය යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙතැන දුර ඉඳන් බැලුවට මොකුත් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ කඳුවැටිය හා ඒ ආනතියෙන්ම ඇති පොඩි ගල්තලාවන් කීපයක් විතරයි. නමුත් දන්න කෙනෙකුට නම් ලෙන් තියෙන තැන දුර ඉඳන් පෙන්නන්න පුළුවන්. ඒත් එතැන තියෙන ලෙන නම් දකින්න බැහැ.
සත්‍රීපුර ලෙන් කියන්නේත් වලගම්භා රජ්ජුරුවන්ට සැඟවී සිටින්නට යොදාගත් ලෙන් කියල තමයි කියන්නේ. තවද එතැන වලගම්බා රජුන්ගේ බිසෝවරු සඳහා රක්‍ෂා වුන ස්ථානය නිසාවෙන් ස්ත්‍රී පුර කියන නම් ලැබිල කියලත් කියනවා. කොහෝම වුනත් වලගම්භා රඩ්ඩුරුවෝ උඩරට ප්‍රදේශයේ විවිධ තැන්වල සැඟවී හිටියා කියන එකට නම් ඉතිහාසයේ ගොඩක් සාධක තියෙනවා. තවත් කාරණාවක් තමා මේ පිලිබඳ බැඳුනු රාවණයන් පිලිබඳ කතාව. ඒ තමා රාවණ සීතාදේවිය සඟවා තැබූ තැන කියන කතාව. ඒ පිලිබඳ සත්‍ය යැයි කියන්නත් පුළුවන් කාරණාවක් තමා ඒ අවටම තියෙන දිව්රුම්වෙල රජමහා විහාරයෙන් ලැබෙන කතාන්දරය.
මෙතැනට ගියාමත් ඒ තැන් පෙනෙන්නේ නැහැ. උමං කටවල් තුනක් තිබුනත් දෙකක් වැහිල ගිහිල්ලයි තියෙන්නේ. එකක් නම් තාමත් සජීවීව තියෙනවා. විවෘත උමඟ අඩි 10ක් 12ක් විතර පහලට ගිහින් දෙකට බෙදෙනවා. උමඟ ඇතුලේ සංචාරය නම් පලපුරුදු පුද්ගලයෙකු නැතිව යන එක නම් සෑහෙන අවධානම් කටයුත්තක්. ශක්තිමත් එලියක් නම් අවශ්‍යම වෙනවා. ඇතුලේ වාතය අඩු නිසාවෙන් හුස්ම ගන්න එක අපහසු වෙන්න ඉඩතියෙනවා. ඒ නිසා ගුහාව ඇතුලේ යන්න නම් බොහෝම සූදානමින් යන්න ඕන. මගේ ගමනේ අවසානය මේ බෙදෙන තැන වෙනකන් විතරක් වුනේ මම තියෙන සම්පත් වල අඩු වීමයි. කොහෝම වුනත් කාගෙකට කලින් ගුහාවේ ගියපු ගැමියෙන් හා ඔහුගේ සුරතල් බල්ලා ගැනත් කතාවක් තියෙනවා.
ඒ තමයි ගුහාව බලන්න ගිය ගැමියා ආවත් බල්ලා ඇවිත් නැහැ. ගැමියා හිතල තියෙන්නේ බල්ලා පස්සේ එයි කියලයි. සාමාන්‍යෙයන් ඌ එහෙම කරන නිසා ගනන් අරන් නැහැ. නමුත් පහුවදා ඒ බල්ලා නුවර වැවේ මැරිලා හිටියා කියලයි කියන්නේ. එ නිසා මේ ගුහා නුවරඑලියට වෙනකන් තියෙනවා කියලත් කියනවා. කොහෝම උනත් ඉතිහාසයේ විවිධ තැන් අනුව නම් හිතෙන්නේ මේ ගුහා සියල්ල එකිනෙක සම්බන්ධ බවයි. කොහොම උනත් ගිහින් බලන්න වටින තැනක් නිසා ගිහින් ඔයාලට බලන්නත් එක්ක විස්තරේ ලියන්නේ. ඒත් එකක් කියන්න ඕන සාමාන්‍ය ගැමි ජීවිතය විනාස නොකර එතැනත් විනාස නොකර ගිහින් බලන්න.