මගේ ගමන් බිමන් - දෙවන කොටස - කතරගමට ගිය ගමනක්

මේ ගමනත් ටිකක් විනෝදය සොයාගෙනම ගිය ගමනක්. ගියේ මෝටර් බයිසිකල් වලින් අම්බලන්ගොඩ ඉඳල කතරගමට 2011/07/11 දිනයේදී. උදේ පාන්දරම පටන් ගත්ත ගමන ආරම්භය අම්බලන්ගොඩින් මමයි මගේ මල්ලියි බයිස්කල් දෙකෙන් ආවා හික්කඩුව නගරයට. එන අතරතුර සීනිගම දේවාලයට පඬුරක් දැම්මේ අපි සියළු දෙනාම ආරක්‍ෂාකර දෙන්න කියල ඉල්ලන්න. හික්කඩුවේදී අපි එක්ක එකතුවෙන්න දුලිප්, සුමුදු, ඉසුරු එක්ක සුසන්තත් එකතු වුනා. අපි ඔක්කොම එක වෙලාවේ පිටත් වුනේ කොහොම හරි දවල් පූජාවට සම්බන්ධවීමේ එකම බලාපොරොත්තුව හිතේ තියාගෙන. පරිස්සමටයි තෙල් වියදම අඩුවෙන් යන්නයි දෙකම හිතාන පැයට කිලෝමීටර 50-55 අතරේ වේගයක් නිතරම පවත්වාගෙන තමා ගමන සිදුවුනේ.
            ගාල්ල, මාතර හරහා දෙව්න්දර දේවාලයට එනකොට නම් කීපදෙනෙකුට ටිකක් අපහසුවක් දැනුනා. ඒ එක දිගටම වාඩිවෙලා හිටි අපහසුව. දෙව්න්දර දේවාලය වන්දනා කල අපි කෙලින්ම තංගල්ලට.
දෙව්න්දර පිලිමය
දෙව්න්දර දේවාලය
දෙව්න්දර චෙත්‍යය
         තංගල්ලට ගිය අපි උදේ කෑමට නෑදෑ කොනෙකුගේ ගෙදරට ගොඩවුනා. එතැන පැයක පමණ කාලයක් රැඳුනු අපි නැවත ගමන් ආරම්භ කලේ මාර්ග තදබදය ඇතිවෙන්න කලින් හම්බන්තොට නගරයට යන්න හිතාගෙන. අපි හිතුව විදිහටම දවල් වෙද්දී අපිට කතරගමට යන්න පුලුවන් වුනා. එතැන පූජාව තියපු අපි ආයෙම තිස්ස වැව පැත්තට ආවේ ටිකක් විනෝද වෙලා නාන්න හිතාගෙන. වැවේ නාන එක අන්තරාදායක නිසා අපි නාන්න ඇලට ගියා. එතැන පැයක් විතර ගතකල අපි එතැනම තිබුණු කඩයකින් දවල් කෑම ගත්තා.  
තිස්ස වැවේ ඇල
නවාතැන අසල


ඇලේ නාමින්
කෑම කන අතරතුර


















නැවත එන අතරේ පුංචි ලොරියක ආව නඩයකට විහිළු කරමිනුයි අපි ආවේ. මොකද ඒකෙ හිටි ගැහැණු ළමයෙක් නිසා. මේ විහිළුවලට ඒ ලොරියේ රියදුරාට කේන්ති ගිහින් අපේ බයිසිකල් පැත්තට වාහනේ හැරෙව්වා. අවසානේ අපි ගත්තු චොක්ලට් එකක් ඒ වාහනේ හිටි කොල්ලො කුරුන්ටන්ට දුන්නා. ඒකට අපිට ලැබුනේ අපි බලාපොරොත්තු වුන ගැහැණු ලමයාගේ දුරකතන අංකය වෙනුවට ස්තූති ලිපියක්. ඒක තිබුනේ මෙන්න මෙහෙම. 
ස්තූති ලිපියක්
 
අපි ඒ ආපහු නවාතැනට ආපු අපි කලේ හොඳින් නිදාගත් එක. මොකද අපේ ඊලඟ බලාපොරොත්තුව වුනේ රාත්‍රී පෙරහැර බලන එක. මේ නිසාම නිදාගත් අපිට නව පණක් ලැබුණා. සවස 4.30ට පමණ පිටත්වුන අපි පෙරහැර බලන්න ගියේ පයින්මයි. මේ කිලෝමීටර දෙකක පමණ දුර ගමන්කල අපි පෙරහැර බලන්න සුදුසු තැනක් සොයාගන්නා විට රාත්‍රී 7 පමණ වෙලා. එතැන වාඩි උන අපි පෙරහැර එනතුරු පැය 2ක පමණ කාලයක් බලාගෙන හිටියා.
කතරගම පෙරහැර
කතරගම පෙරහැර











          පෙරහැර බලපු අපි නැවතත් නවාතැනට ඇවිත් නිදාගත්තා උදේ 9.00 විතර වෙනකොට සූදානම් වුන අපි සෙල්ල කතරගම ගියා. එතැනින් ලක්‍ෂමී දේවාලය වන්දනා කරල නැවත කතරගමට ආවේ පඬුරක් බඳින්න. ඒ ගමන්ම කිරිවෙහෙර වන්දනා කලා. 









            ඒ සියල්ල අවසානයේ අපි නැවතත් එන්න ගමන් ආරම්භ කලා. කාගෙත් හිත් බොහෝම සතුටින් තිබුනේ ලැබුණු අළුත් අත්දැකීම ගැන. පැය කීපයකින් හම්බන්තොට ආසන්නයට එනකොට අපිට තිබුනේ අධික පිපාසයක් හා මහන්සියක්. අසල තිබුණු ගිමන්හලකට පැමිනි අපි සිසිල් පැන් පොදකින් පිපාසය සංසිදුවා ගත්තා. ඒ වාගේම ඒ වෙනකොට අධික රස්නය නිසා අපේ තොල් හා සම අධික ලෙසම වේලිලා තමා තිබුනේ. කොහොම වුනත් එනගමන් හුම්මානය බලන්නත් අපි අමතක කලේ නැහැ. ඒ සෑම තැනකම ආරක්‍ෂක බැමි මාගේ විශ්ව විද්‍යාල හැඳුනුම්පත නිසා තරමක් දුරට ලිහිල් වුනා. කල්ගත කිරීම් වලින් කොරව අපිට ඒ තැන්වලින් නිදහස් කිරීම ගැන ඒ ඒ නිලධාරීන්ට මාගේ ස්තූතිය මේ වෙලාවෙදිම දෙන්න ඕන. මොකද විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ඒ දුන් ගෞරවයට. හුම්මානය බලල එනකොට සිහින් වැසිදියක් ඇදහැලුනේ අපිට ආශිර්වාද කරන්න වගේ. අපේ වෙහෙස ඒ වර්ෂාවත් එක්කම ටිකක් අඩුවෙලා ගියා. නැවත අම්බලන්ගොඩ නගරයට එනකොට වෙලාව රාත්‍රී 9.00 ට විතර ඇති. අපේ යාළුවො ටික අපෙන් වෙන්වෙලා යනකොට කාගෙත් හිත්වල තිබුනේ කියාගන්න බැරිතරම් සතුටක්.





  



 අළුත් අත්දැකීමක් සාර්ථක විදිහට නිමාවුන ගමනක් ගැන උපරිම ප්‍රීතියෙන් නිමා වුන මේ ගමන මගේ ගමන් බිමන් වල දෙවනි කොටස හැටියටයි ඔයාල කියවන්නේ. මේ වගේ අත්දැකීම් ඔයාලටත් තියෙනව ඇති ඒ ගැන අපි එක්ක බෙදා ගන්නත් එක්ක ඔයාලට හිතෙන දේ ගැන පුංචි කොමෙන්ටුවක් දාන්න.

ගමන් බිමන් වල පළමු කොටසට....

ඔබ මගේම විය



උපන්දා නොසිටියද
පසුව මා සොයාවිත්
මා සමඟ සිටින ඔබ
වරෙක මා හැරගියද
නැවත මා සොයා එන
ඔබ මාගේම
කළිසම....

මගේ ගමන් බිමන් - පලමුවැනි කොටස නවගිරියාව වැව

             මේ ලිපිය පළමුවැනි කොටස වෙන්නේ මම බ්ලොග් එකේ ලියන්න පටන් ගත්ත පළමු ගමන් මේක නිසා නැතුව මගේ ගමන් වල ආරම්භය නම් මෙතන නෙවේ. මම ඇවිදින්ට පටන් ගන්නේ පාසල් අවධියේ 6 වන ශ්‍රේණියේ ඉන්න කාලේ ඉඳලා මගේ තාත්ත එක්ක. ඒ කාලේ මුලින්ම හොඳින් මතකම ඇති Tour එක තමා ලෝකාන්තය බලන්න බදුලු-බණ්ඩාරවෙල ගිය ගමන. ඒ කාලේ ඉඳල තාමත් මම ඇවිදිනව. ලංකාව වටේම ඇවිදල සියලු තැන්වල වගවිස්තර බලන්න තමා හිතාන ඉන්නේ. ඒත් ඉතින් තාත්ත එක්ක ගිය ගොඩක් tours ගියේ බදුලු-බණ්ඩාරවෙල තමා. ඒකට හේතුව ඉස්කෝලෙ ලමයි කැමති සීතල පලාතකට trip එකක් යන්නනේ.
මේ ලියන්න යන්නේ අම්පාරෙ ඉන්න මගේ යාලුවො තුන්දෙන්නෙක් එක්ක මමයි මගේ මල්ලියි ගිය පොඩි සවාරියක් ගැන. ඒ ගියේ මාළු අල්ලන්න හිතාන නවගිරියාව වැවට. මේ දවස්වල වැවැ හිඳිලා. මගේ බ්ලොග් එක නිතර කියවන අය දැකල ඇති වැව් උතුරන කාලේ මම දාපු ලිපියක්. ඒකේ තිබුණු උතුරන නවගිරියාව වැව දැන් බාගෙට හිඳිල. අපි මාළු අල්ලන්න උපකරණත් අරන් වැවට ගියේ මෝටර් බයිසිකිල් වලින් හවස තුනට විතර. වැව් තාවුල්ලේ ඒ කියන්නේ හිඳුනු වැව ඇතුලේ බයිසිකල් පදින එකත් මාර ජොලි වැඩක්. බයිසිකල් වලින් වැව හිඳුනු තැන් බලන් එරෙන්නේ නැති තැන් හොයාගෙන ගිය ගමන නම් තියල වැඩක් නෑ. මරු. යද්දී සමහර තැන් වග මිනිස්සු ගඩොල් කපනවා. මෙහෙම වැව ඇතුලෙ හාරල ගඩොල් කපන එක නම් තහනම් වැඩක්. ඒත් ඉතින් මේ මිනිස්සු ඒ දේ තාමත් කරනවා. දරු පවුල් පිටින් ඇවිත් ගිනි කාස්ටක අව්වේ, කූඩාරම් ගහගෙන ගඩොල් කපන්නේ ඒ අයගේ එදා වේල හොයා ගන්න.  මේ අය අපි ඇවිත් නැවැත්තුවාම හිතුවේ අපි බලධාරීන් කියල. ඒත් මගේ යාළුව ඒ අය අඳුනනවා. තේරුම් කලා අපි බලධාරීන් නෙවේ. මේ යාළුවො ටිකක්. විනෝදෙට මාළු අල්ලන්නයි ඇවිත් ඉන්නේ කියල.
අපේ ගමන වැටිල තිබුනේ ගඟ හරහා. ඉතින් අපි සෙව්වා ගඟ හරහා යන්න ක්‍රමයක්. අපි හිතුව තරම් වැව හිඳල තිබුනේ නැහැ. අපි මේ ගඩොල් කපන අයගෙන් ඇහුවා මේකෙන් එතෙර වෙන්න තැනත් තියෙනවද කියල. ඒ අය පෙන්නුව තැනකින් අපි එතෙර වෙන්න හිතාන අපි යා යුතු පැත්තට විරුද්ධ පැත්තට වැව අයින දිගේ කිලෝමීටරයක් විතර ගියා. ගව පට්ටි අතරින් මඩ සහිත තැන් බේරමින් ගිය ගමන නම් විනෝද ජනකයි. අපි එතෙර වෙන්න ගිය තැන අපි හිතුව තරම් හිඳිල නැහැ. අමාරුවෙන් අඩුවෙන්ම එරෙන තැන සොයාගෙන ගියාම එතැනත් අපිට යන්න පුළුවන් ඒත් බයිසිකල් එතැනට බර වැඩියි. උපරිම ආසන්නයට බයිසිකල් අරන් හතරදෙනෙක් එක්ක බයිසිකල් උස්සල වගේ තමා ගත්තේ. එලියට ඇවිත් බලද්දි අපි හැමෝම මඩ නාල. බයිසිකලුත් එහෙමමයි.
එතැනින් පස්සේ ආපහු අපි අපි යායුතු පැත්තට කිලෝමීටර දෙකක්, දෙකහමාරක් විතර ගියා. ගල්තලා උඩින් ගව පට්ටි මැදින් යද්දී වැව මැද හදපු මී හරක් ගාලක් හම්බුනා. ඒක අතරින් ගිය අපි අවසානෙදී හොයා ගත්තා මාළු අල්ලන්න හොඳයි කියල හිතුනු තැනක්. එතැන පැය දෙකක් විතර උත්සාහ කරල යන්තම් පුංචිම පුංචි මාළු හතර පස් දෙනෙක් අල්ලගත්තා. ඒ වැඩෙත් එපා වුන අපි වැව රව්මෙන් ගියා ඒ පැත්තෙන් එතෙර වෙන්න තැනක් සොයාගෙන. කැලේ අතරින් ගිය අපි ගියේ තවත් බලාපොරොත්තුවකිත් ඒ තමා මේ වැව හිඳෙන කාලෙට වැව් දෙකක් බවට බෙදෙන බව අහල ඒක බලන්නත් එක්ක. ඒත් අපේ ගමන් මග කෙටි දුරකින් අවසන් කරන්න අපිට සිද්ධ වුනා. ඒකට හේතුව ගමන්මග හරස්වෙන විදිහට තිබුණු මහා ගල් පර්වතයක්. වැව හිඳිල මදි නිසා ඒක අයිනටම වතුර ඇවිත්. ඉතින් අපේ ගමන එතැනින් නවත්තල අපි ආව වෙනින් දවසක වෙන පාරකින්  මේ දේ මොකක්ද කියල බලන්න යන්න හිතාගෙන.




පුරුදු විදිහටම පාර හොයාගෙන අපි ආව. එදිදී නම් ගමන ඒතරම් දුෂ්කර වුනේ නැහැ. මොකද අපි ආව අපේ ටයර් සළකුණු දිගටම තිබුනු නිසා ඒ මාර්ගයේ ලේසියෙන්ම අපි ආව. වැවෙන් එලියට එනකොට හතරවලින් කළුවර වැටෙන්න පටන් අරන්. රෑ වෙද්දි නම් ටිකක් ගමන් බිමන් අමාරුයි. මොකද කුඹුරු වලට එන මැස්සො ඇස්වල වදිද්දි බයිසිකලය අරන් එන්න අමාරුයි. ටිකක් දුර එදිදී ග්‍රාමාරක්‍ෂක පිරිසක් අපි නැවැත්තුවා පරීක්‍ෂා කරන්න. අපි විශ්වවිද්‍යාල සිසුන් කිව්වාම නම් අපිට ගොඩක් හොඳින් සැලකුවා. අපේ හැඳුනුම්පත් පරීක්‍ෂා කල ඔවුන් අපිට මාර්ගය පෙන්වා දුන්නා. අපි පිටින් ඇවිත් මේ වැව් වලට ඇතුල් වෙනවානම් ඔවුනට දැනුම් දියයුතු බවයි ඔවුන් කීවේ. ඒක ඒ වෙනතුරුත් අපි දැනගෙන හිටියේ නැහැ.කොහොම වුනත් රාත්‍රී 7 පමණ වෙනකොට අපි අපේ යාළුවගේ ගෙදරට ආව. මේකත් හොඳ අත්දැකීමක් මගේ ජීවිතේට එක් ගමනක් විඳින්න ලැබුණු.
ඔයාලත් මේ වගේ අත්දැකීම් විඳින්න. ඒත් ඒක පරිසරය විනාස කරල, වෙනත් වැරදි වැඩ කරමින් ජීවිතේ විඳවන්න එපා. තවත් ගමනක රසමුසු තැන් එක්ක දෙවන කොටසකදී නැවත හමුවෙමු.

Love Story එකේ දෙවැනි (අන්තිම) කොටස

Love story ඒක නම් ඉවරයි. කොල්ලා අවරුදු තුනකට පස්සේ දෙන්නම තේරුම් අරන් කතාකරලා කතාව ඉවර කළා. ගොඩක් වෙලාවට මහේෂ් හිතුවේ කෙල්ලට එයාට වැඩ හොඳ කොල්ලෙක් හම්බෙන්න ඇති කියල. මම හිතුවේ මේ කතාව ගොඩක් සතුටු හිතෙන විදිහට ඉවර කරන්න. ඒත් කරන්න දෙයක් නෑ උන දේ තමා මේ. මගේ යුතුකම  සිද්ද උන හැටියටම කියන එක. ජීවිතේ නාස්ති උන අවරුදු තුන ගැන කවදාවත් පසුතැවෙන්නේ නැති තරමට මහේෂ් හිත හදා ගත්ත. ඒත් තාමත් ඒ ආදර මතකයන් මහේෂ්ගේ හිත පුච්චනවා උනත් ඒ මතකයන්ගෙන් ඈත් වෙන්න මහේෂ් හිතන්නේ නෑ ඒ ඒ මතකයන් ඒ තරමටම සුන්දර නිසා.

ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතපු මහේෂ් දැන් ජීවිතේ අලුත් අර්ථයක් හොයනවා. ඒ කවදාවත් නොලැබෙන එයාට ආදරේ කල කෙනෙක්ට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. එය තාම බලාපොරොත්තු වෙන්නේ අවන්කවම එයාට ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ ඇති කවද හරි දවසක ඒ කෙනා මහේෂ් ඉස්සරහට එයි කියල. මේ වෙනුවෙන් එයා තාමත් මග බලාගෙන ඉන්නේ නොසැලෙන විශ්වාසයකින්.