රුපියලේ සන්ඩුව

මේක කොන්දොස්තර කෙනෙක් කල වැඩක්. වැඩේ නම් වැරදියි. ඒත් දෙපැත්තම හිතල බලන්න.

බස් එකට නැංග ගැහැණු කෙනෙක් ටිකට් ගන්න සල්ලි දීල. ඒත් එයාට ඉතිරි රුපියල දීල නැහැ. මේකට මේ ගැහැනු කෙනා කොන්දොස්තරට කැගහල "ඔයාලට රුපියලක් අඩුවුනොත් ඔයාල කෑගහනව නේද? ඇයි අපට රුපියල අඩුවෙන් දෙන්නේ කියල" ඔන්න ඉතින් සෙනඟ අස්සේ තෙරපීගෙනම කොන්දොස්තර රුපියලක් සාක්කුවෙන් හොයාගෙන දුන්නා. බස් එකේ ඉතිරි ටිකට් ටික කඩල ඇවිත් හේත්තුවක් දාල ඉන්නකොට දැක්කා ගැහැණු කෙනා එයාගේmobile phone එකට කාඩ් එකක් දානව. ඒක dialog එකක්. අංක ඇතුලත් කරන්න සියල්ල සුදානම්.

කොන්දොස්තරයගේ phone එකේ Sim එකත් dialog. මේකා ගත්තා දුරකතනේ type කලා *#103# ඊට පස්සේ කෙටුවා අර ගැහැනු කෙනා අතේ තිබ්බ card එකේ නොම්මරේ. තාම ගැහැණු කෙනා 123 dial කරල බලන් ඉන්නවා. කොන්දොස්තර නොම්මරේ කොටාගෙන phone එක සාක්කුවේ දාගෙන බස් එකේ ඉස්සරහට ගියා. ගැහැනු කෙනා අංක ඔබල බැලින්නම් වැඩ නෑ. බස් එකේ කීප දෙනෙකුත් උස්සාහ කලා ඒත් වැඩක් නෑ. ඉතින් බස් එකෙන් බහිනකම් dialog company එකට බැන බැන ගියා. ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි කොන්දොස්තර phone එකට දැම්ම ගාන බැලුවේ. බැලින්නම් Rs. 1000 ක්. මෑන්ස්ටත් දුක හිතුනා. ඒත් දැන් මොනා කරන්නද? ඒ ගෑනිගේ වෙලාව තමා කියල හිටියා.

මේක හැමොටම වැදගත් කොන්දොස්තර කල වැඩේ ගැන නෙවි. තමන් බස් එකක යනකොටත් මේ වගේ වැඩ වෙන්න පුලුවන් කියල මතක තියාගන්න. ඒක phone card ඇතුලත් කරන එක ගැන විතරක් නොවන බවත් මතක තියා ගන්න.

Fashionable Girls

ගැහැණු ලමයි ගැන ලියන එක හොඳද මන්දා...! මම මේ ලියන්නේ බහුතරය ගැන නොවේ සුලුතරය ගැනයි. ගැහැණු ලමයි අඳින පලඳින එක ගැන මම මේ ලියන්නේ මම දරන මතය. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඒ වගේම තැනින් තැනටත් වෙනස් වෙනවා. "වව්ලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්ට වෙනවා" කියල කතාවක් තියෙනවනේ...!

අපි 21 වන සියවසේ වුනත් තාම ජීවත් වෙන්නේ ලංකාවේ. ඒකෙ තියෙනව සංස්කෘතිය කියල දෙයක්. මේක ගොඩක් පිරිමි ලමයින්ටත් බලපානව. ඒත් පරණ කියමනක් තියෙනවනේ "කොල්ලෙක් නම් ඉතින් හෝදල ගෙට ගතහැකි ඒත් කෙල්ලෝ එහෙම බැහැ" කියල.

දැන් ගොඩක් ගැහැණු ලමයි හිරවෙන කලිසම් කිටි කිටියේ තදවෙන්ට ඇඳගෙන යනවා. තවකෙක් මිනි ගවුම් ඇඳගෙන යනවා ඒවත් මදි මයික්‍රෝමිනි අඳින්න තමයි ට්‍රයි එක. ඉතින් ඔහොම ඇඳගෙන යන්නේ බස් එකක නැත්තම් සයිකලයක. එහෙම යද්දි පාරෙ ඉන්න කොල්ලෙ කුරුට්ටෝ විතරක් නෙවි නාකි මිනිස්සුත් හැරිල බලනව. (කියවන ඔයාලත් දැකල විඳල ඇති)

ඔහොම බලද්දි මේ ගැහැණු ලමයි ඔරවල යනවා. මොනවා හරි කිව්වොත් අඩුගානේ ලස්සනයි කිව්වත් මුලින් අත සෙරෙප්පුවට ඊට පස්සෙ කෙලින්ම කණට සෙරෙප්පුවත් එක්කම. වටපිටාවේ හිටිඑව්න් බනින්නෙත් කොලුවට. ‍යකෝ විලිවහගන්ට තියෙන වස්තරේ fashion කොරනව කියල අර්ධ නිරුවස්තරේ යන්නේ වටපිටාවේ එව්වන්ට බලන්ට මිසක් මොන කෙංගෙඩියකටද? පිටරට සංස්කෘතියට ඇඳ පැලඳගෙන ලංකාවේ සංස්කෘතියට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන්ට හදනවා. මේක හරියන වැඩක්ද කියල ගැහැණු පිරිමි දෙගොල්ලම හොඳට හිතල බලන්න.

මම මේ කියන්නේ මමත් මේ වගේ ගැහුණු ලමයි දැකල තියෙන නිසා. හැබැයි ඉතින් මේ වගේ නොගැලපෙන වැඩ කරන කෙනෙක් දැක්කොත් විහිලුවක් විදිහට හරි ඒක කියන එක නම් මම කරනව.

මේක තනි ගැහැනු ලමයගෙ විතරක් වරද නෙවි ඒදේ කරන්න දෙන දෙමාපියනුත් ටිකක් හිතන්න ඕන දෙයක්. හරි විදිහට අඳින හැටි පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන දේවල්. මම දන්න තැන් තියෙනව පොඩි ලමයින්ට නොගැලපෙන ඇඳුම් අඳින්ට දෙන ඒ දෙමාපියෝ හොයන්නේ සල්ලි හොයන ක්‍රම විතරයි. ලමයෙක් ගෙදරින් එලියට යනකොට ඇඳගෙන යන්නේ මොකක්ද කියල හොයන එක දෙමාපියන්ගේ වගකීමක්නේ..!

මොකුත් නැත්තේ ඇයි....!

මේ දවස් වල අලුත් දෙයක් ලියන්න බෑග මොකද දන්නවද??? මම දැන් university එකේ. Rag Season නිසා computer පාවිච්චි කරන්න දෙන්නේ නෑත ඒ නිසා sorry මම ටික දවසකින් ඔයාලට අලුත් ලිපි ටිකක් දෙන්නම්. මගේ අත්දැකීම් වලින්. එතකන් wait

Computer වල බයම massage එක

      ලංකාවේ බොහොමයක් දෙනා බයම message එක තමයි "Virus has been detected"

      Computer එකට virus ගියත් ප්‍රශ්ණයක් නෑ. ඒත් virus තියෙනවා කියල message එකක් ආවොත් ඉවරයි....! එහෙම උනොත් virus message එක දුන්න device එකයි, ඒක ගෙනාපු එකයි, ඒක ගෙනාපු එකාගේ computer එකයි තුනම බැනුම් අහනව. ඒක තමයි බහුතර ලාංකිකයන්ගෙ ක්‍රමය.

     ඒත් ඇයි නොහිතන්නේ සතුටු නොවන්නේ තමන්ගේ machine එකේ virus guard එක ගැන. ඒකෙන් virus detect කරන එක ගැන. අනික තමා machine එකට virus ගියාම බයවෙලා machine එක format කරනවා. ඒත් ඒක හොඳම විසඳුමද කියල පොඩ්ඩක් හිතල බලන්න. virus එකක් නිසා පුංචි අකුරු පේලි ටිකක් නිසා තමන් කාලයක් කරපු දේවල්, තමන් කාලයක් එකතු කල දේවල් නිකම්ම විනාස වෙන්න දෙනවද? හොඳට හිතන්න.

    සමහර අය බය කරනව machine එකේ තියෙන කිසිදෙයක් ගන්න බෑ කියල. ඒත් අහන්න අපිට virus ගිහින් අපි ලෙඩ කරාම අපේ ඇ‍ඟේ සියලු දේ විසි කරනවද කියල. සමහර වෙලාවට virus එකට බයේ අපි විනාස කරන්නේ කවදාවත් ආයෙ ගන්න බැරි දේවල්. තමන්ගේ ‍ජීවිතේ විවිධ අවස්ථා වල ගත්තු පින්තූර ආයෙ ගන්න පුලුවන්ද?? Computer එක format කරන්නේ නැතුව ඒ දේවල් බේර ගන්න උත්සහ කරල බලන්න. පොඩ්ඩක් වෙලා යන වැඩක් වුනත් ඒක කරන්න පුලුවන් කියල මට නම් ෂුවර්. බැරි වුනොත් කලාතුරකින් තමා.

    දැන් සමහරෙක් අහයි, අපි format කරන්න දන්නේ නෑ shop එකකින් තමා කරගන්නේ එතකොට කොහොමද ඒක කරගන්නේ කියල. ඒ වෙලාවට ඒ shop එක කරන කෙනාට කියන්න තමන්ගේ දත්ත බේරල දෙන්න කියල ඒක කරන්න දන්නේ නැතිනම් ඒ shop එකෙන් ඇති වැඩේ මොකක්ද? හැබැයි ඉතින් වැඩි මුදලක් ගනීවි. මොකද වැඩේට යන කාලය නිසා. ඒත් කාලය හා මුදල් තියේ නම් එහෙම කරන්න මොකද දත්ත වටින නිසා. සමාන්‍යයෙන් Windows XP දාන්න යන්නේ විනාඩි 40 යි. අනිත් වෙලාව දාන software වලට. ඒත් දත්ත බේරන්න නම් ඊට වඩා වෙලා යාවි.

මමත් කාලයක් virus වලට බයවුනා...!!!!! ඒත් මගේ අයියට පින්සිද්ධ වෙන්න මම දැන් නම් බය නෑ.. ඔයාලටත් එසේම වේවා....!!!!!!

ගොඩක්ම ප්‍රසිද්ධ වයිරස තමයි mahasona.exe, new folder.exe, combokill.exe, trojanhorse

මෙන්න Genuine හොරු....!!!

මේක වෙච්චි දින වකවානු නම් මෑතදි. වෙච්චි තැනයි කෙනයි කියන්න නම් බෑ ඒ නිසා මෙහෙම කියල පටන් ගන්නම් "මෙහි එන සියලු නම් ගම් මන:කල්පිතය."

දවසක් computer shop එකකට ආවා customer කෙනෙක්. (shop වලට කොහොමත් එන්නේ customers ල නේ) මෙයා ආවේ Dongle එකක Problem එකක් නිරාකරණය කර ගන්න. මෑන්ස් ගේ වැ‍ඩේට වෙලා යන නිසා පස්සේ එන්නම් කරල තියන්න කියල මෑන්ස් ගියා. ඊට පස්සේ ආවා තව මෑන්ස් කෙනෙක් දෙවනි මෑන්ස් ගේ computer එකේ windows load වෙන්නේ නෑලු. ඕක හදන අතරේ මෑන්ස් workshop එක ඇතුලට ඇවිත් ටිකක් බලන් ඉඳල පැයකින් විතර එන්නම් හදල තියන්න කියල ගියා. මෑන්ස් ගිය හැටි ටිකක් ඇල්ලුවේ නෑ. වැඩ නිසා ඒ ගැන හිතන්න වෙලා තිබුනේ නෑ.

මේ අතරෙ කලින් ආපු කස්ටගේ machine එක හදන්න බලන කොට machine එක උඩ තිබුණ dongle එක නෑ. වටේම හෙව්වා. කොහෙවත් නෑ. කල්පනා කරද්දි දෙවනියට ආපු කස්ටා ගැන සැක හිතුනා. දෙවනි මෑන්ස් ට shop එකෙන් සෑහෙන්න උදව් කරල තියෙන එකෙක්. මෑන්ස් මුනගැහිල ඇහුව මෙහෙම දෙයක් වෙලා තියෙනව ඔයා ගත්තද කියල. මෑන්ස් සාක්කුත් ඇදල පෙන්නපි මම ගත්තේ නෑ කියල.  කරන්න දෙයක් නෑ මෑන්ස් ගත්ත කියල ඔප්පු කරන්න විදිහක් නැනේ. ආවා ආයෙ shop එකට ගැහුව පොඩි ප්ලෑන් එකක්. බලන් හිටිය මෑන්ස් එනකන් machine එක ගන්න.

මෑන්ස් ආපු ගමන් ප්ලෑන ක්‍රියාත්මක කලා. මෑන්ස් දෙන උත්තර වලදි මට මතක් උනේ "පුහුල් හොරා කරෙන් දැනේ" කියන කියමන. මෑන්ස් ඒකට නිකන්ම අහු වුනා. දැන් මෑන්ස් ඉන්නව රා බීපු උගුඩුව වගේ. ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන. ඒත් මෑන්ස් කිව්වේ නෑ ගත්ත කියල. මූණ දැක්කම sure මෑන්ස් ගත්ත කියල. මෑන්ස් මෑන්ස්ගේ machine එක අරන් යන්න ගියා. යන්න ඉස්සර shop එකෙන් කිව්වා ඔයා ගත්තානම් shop එක වහන්න කලින් කියන්න නැත්තම පොලීසියත් එක්ක බේරගන්න වෙයි කියල. මෑන්ස් shop එකේ නම්බර් එක ඉල්ලන් කිව්වා වැරදිලා මගේ බෑග් එකට ගිහින්ද දන්නේ නෑ තිබුණොත් මම කියන්නම් කියල. මෑන්ස් ගියා.

මුලින් ආපු කස්ට ආයෙ ආව එයාගේ machine එක ගෙනියන්න. මුලින් ආපු කස්ට ට විස්තරේ කියල ඊලඟ දවසේ උදේ වෙනකම් කල් ඉල්ල ගත්තා.

පැය බාගයකට පස්සේ මේන එනව කෝල් එකක් අයියේ ඔයාලගෙ dongle  එක shop එකේ පඩිපෙළ උඩ ඇති කියල............

මෙතකින් එහාට කතාව කියන්න යන්නේ නෑ. ඉතුරු ටික හිතාගන්න. හොරු අල්ලන්න පොලීසියවත් වෙන මහන්සියක්වත් වෙන්න දෙයක් නෑ. මොලේ පොඩ්ඩක් පාවිච්චි කරානම් බඩුත් එකකම හොරු අල්ලන්න පුලුවන්. අනික තමා කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්.

මොනා වුනත් මෑන්ස් අහුවුනාම බඩු ගෙනල්ල දුන් හොරෙක්නේ ඒ කියන්නේ Genuine හොරෙක්.