රන්න ශ්‍රී විජේසිංහයන් යනු අපූර්ව කළකරුවෙකි. ඔහු අතින් ලියැවුනු අපූර්ව ගීත අපතුල අදත් වින්දනයක් ඇති කරවන්නට මෙන්ම මතක සටහන් ඇති කරවන්නටද සමත් වන්නේය. නිර්මාණකරුවකු දක්‍ෂයෙකු වන්නට නම් ඔහුගේ නිර්මාණ කා අතරත් කතා බහට ලක්විය යුතුය. විදිය හැකි විය යුතුය. එලෙස ලියැවෙන කන්තාවක් හා ඇයගේ දුක් කනස්සල්ල පිළිබද ලැයැවෙන මේ ගීය සදහා වස්තූ බීජය වන්නට ඇත්තේ කුමක්දැයි මා නොදනිමි. නමුත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ බොහෝමයක ඔහුගේ අත්දැකීම් තුලම වූ වස්තු බීජයක් තිබේ.
ගීතයේ සංගීතයද අපූර්වය. එය ගීතයේ අරුත අපූර්වට මවන්නට සලස්වනවා පමණක් නොව ගීතයේ සියුම් තැන තුල අප ජීවත් කරවන්නට පවා සමත්වනවා. කාන්තාවගේ දුක කනස්සල්ල හොදින් දැනනෙන ආකාරයෙන් නිර්මිත තනුව සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගෙනි. නිරෝෂා විරාජිනී ගායනා කරන මෙම ගීතය මෙසේ යැයි මා සිතමි.
ගීතයේ කතාව ආරම්භවන්නේ හේන් ගොවිතැනෙන් ජීිතය රැකගන්නා ස්වාමියෙකු හා භාර්යාවකගෙනි. ගීතය තුල කතා නායිකාව වන්නේ ස්වාමියා පැල් රකින්නට ගිය පසු කාන්තාවගේ ඇතිවන සිතිවිලි හා බද්ධ වූ කනස්සල්ල මුසු වූ හැගීම් වලිනි.එහි ආරම්භය මෙසේය.
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
කලුවර හේන එලිය කරන්න පුන්සද ඇවිත් ඉරිගු කරල් වලට ඒ හද එලිය වැටිල.. මේ සද එළිය ඒ ඉරිගු කරල් සිඹිනවද කියල බලන්න යන සිතිවිල්ලක් ස්වාමියා තුල ඇති කරවන්න හදනවා. ඒ හද එළිය ඉරිග කරල් ඉඹින හැටි දැකලවත් ඔහු තුල ආදර සිතිවිලි පහල වෙලා ගෙදර දුවගෙන එයි කියල හිතල. නමුත් මම මේ මේ රෑ දවාලේ හීන දැක දැක ඉදල මොකටද කියල ඇය හිත හදාගන්නවා. ඒ කරල ඇය ඇගේ කාන්සිය හංගගෙන ස්වාමියාගෙන් අහනවා මගේ රන්කද තාම පැල් රකිනවද කියල. තාක්‍ෂණික දේ නැති නිසා ඇයගේ සිතිවිල වල විතරයි මේ සියල්ල තියෙන්නේ. ස්වාමියා මොනව කරනවද දන්නේ නෑ. ඔහු පැල් රකින්න ගිහින් තනියට ඉද්දී ඔහුට මාව මතක් වෙනවද දන්නේ නෑ. දවල් කාලයට තිබෙන කලබලයත් එක්ක ඔහු හා ආදරයෙන් වෙලෙන්න විදිහක් නැහැ. රාත්‍රියට ඔහු පැල් රකින්න හේනට යනවා. මේ සියල්ල නිසා ඔහු නැති සොවින් පෙලෙන මේ කාන්තාවගේ සිතිවිලි හැම රැයකම ඔහු හා ඉන්න හීන දකිනවා.
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
හොදින් තරු පායපු අහසක් තියෙන නිසා අපේ පිලේම ඇලවෙලා ඉන්න හිතෙනවා. ඒ තරම් රාත්‍රිය ආදරණීයයි. මී කන්න ගිරවුනි එන්න එපා කියන එකේ අර්ථය පිළිබද විවිධ මත තියෙනවා වුනත් මෙතැනදී නම් ඔවුන්ගේ නිවසේ තාමත් දෙවැනි උත්සව අවස්ථාවක් නැති නිසා නෑදෑයන්ට තෑගි අරන් එන්න ඕන නෑ කියලා තමා කියන්නේ. මොකද විවාහක අපිට තාමත් දරුවන් නැති නිසා. නමුත් මේ දරුවන් නොමැති වෙලා තියෙන්නේ කිසිම හේතුවක් නිසා නොවෙයි. ඔහු හැමදාමත් පැල් රකින්න යන නිසා. අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා වුනත් තාම දරුවන් හදන්න වුනේ නෑ. කියලයි ඇයගේ සිතිවිලි කියන්නේ.
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
ස්වාමියා දවල් කාලයේ ඇවිත් නිදයනවා. ඒ නිදා ඉන්න විට ඇයට ඔහු හා නිදන්න ගැමි සංස්කෘතික පරිසරයෙන් ඉඩක් නැහැ. ඒ නිසා අපිට එක යහනක ආදරයෙන් නිදාගන්න එක හීනයක් විතරයි. නමුත් මේ සියල්ල වෙනස් කරන්න නම් අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න ඕන. ඇයට දරුවෙකු නැති අඩුව තියෙනවා. ඒ හිටියා නම් තමන්ගේ කාන්සිය ඒ තුලිනි නැති වෙන බව ඇය දන්නවා. නමුත් දුවෙකුට තමන්ගේ යහනේ ඉඩ මදි වගේ කියන ඇය කනස්සල්ලට පත්වෙනවා. ඇය දන්නවා ඔහුගේ ආදරය මන්ට ලැබෙනවා වුනත් දරුවෙකු හදන්න තරම් පිනක් තමන්ට ලැබිල නැති බව. ඔහුගේ හිතේ මේ පිළිබද සිතිවිල පහල වේවා කියන ප්‍රර්ථනාවක් ඇය කරනවා.
ජීවිතයේ තනිවුන ගැමි කාන්තාවක් විදින තනිකම හා කාන්සිය හොදින් ගීතය ුල ගැබ් වෙලා තියෙනවා. ඇයගේ සංස්කෘතික වටපිටාව හා ඇය තම ම්වාමියාට දක්වන භක්තිය මොනතරම්ද කියන එක රන්ත ශ්‍රී ඇයගේ සිතිවිල චිත්‍රවත් කිරීම සදහා භාවිතා කල වචන වල තියෙනවා.
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
පුන්සඳ රෑට...//
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
පුන්සද රෑට...//
ගායනය : නිරෝෂා විරාජිනි
සංගීතය : ඔස්ටින් මුණසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
Superb sula brother.ada thamayi theruma therune����
ReplyDeletewelcome
Delete