මීට අවුරුදු 4කට කලින් මම අම්පාරට ආවේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. ඒ එද්දී අඳුනන කියල කිසි කෙනෙක් හිටියේ නෑ. ගෙදරින් කලින් දවසේ රෑ බස් එකේ ඇවිත් පාන්දර 2ට අම්පාරේ. බස් නැවතුමේ නිදාගෙන උදේම කැම්පස් එකට ගියේ තාත්තයි අම්මයි එක්ක. පිස්සු විකාරයි. ඒ ආපු ගමනේ ඉඳන් අද වෙද්දී ගොඩක් දේ වෙනස් වෙලා.
මුලින්ම ඇවිත් බස්වල යද්දී නම් එපා වුනා. දාඩිය ගඳ හා සෙනඟ අස්සේ හිරවෙලා යන ගමනයි තිබුණු කාශ්ඨක අව්වයි එක්ක විශ්ව විද්‍යාලය ගාවින් බහිද්දිම එපා වෙලා තිබුනේ. එතන ඉඳන් කිලෝමීටර 1.5ක් විතර ඇවිදන් ගියේ අව්වේමයි. හපෝ එවෙලේම දාල එන්න හිතුවේ. පස්සේ අම්ම තාත්ත කිව්ව නිසයි වෙනස් පරිසරයක වෙනස් සමාජයක් දකින්න පුළුවන් වෙන නිසයි මම නැවතුනා විශ්ව විද්‍යාලයය ඇතුලේ. මම හිතන්නේ ඒ හිතපු දේ නම් මම අද කරගෙන තියෙනවා.
සම්මාන්තුරේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වැඩ පටන් අරගෙන මාස තුනක් විතර යද්දී මහ වැසි පටන් ගත්තා. කැම්පස් රැග් එකයි වැස්සයි අස්සේම අපේ අධ්‍යයන කටයුතුත් සිද්ධ වුනා. එතකොට තමා මහ වැසි නිසා සේනානායක සමුද්‍රය උතුරලා ගියේ. ඇතිවුන ගං වතුර නිසා කැම්පස් එක වැහුවා. මමත් ඇවිදින්න තියෙන ආසාව නිසාම ගංවතුර අස්සේ වැව් වල පිටාර යෑම බලන්න ගියා. (අපේ පැත්තේ වැව් නෑනේ) එතැනින් පස්සේ යාළුවෙක්ගේ නෑදැ කෙනෙකුගේ මළ ගෙදරක් වුනා. එතැනින් තමා පටන් ගත්තේ අම්පාරේ මිනිස්සු අාශ්‍රය කරන්න.
ඒ වුනත් කැම්පස් හොස්ටල් ඉඳන් අම්පාරට එන්න යන්නත් අමාරුයි වගේම සම්මාන්තුරේ සංහල අය හිටියෙත් නෑ. ඒ අයගේ භාෂාව දන්නේ නැති නිසා එතැන ඉඳල වැඩකුත් නෑ. කොහෙම හරි අමාරුවෙන් පළවෙනි මාස 6 ඉඳල ගෙනිච්චා බයිසිකලය. එතැන ඉඳන් පුළුවන් වෙලාවට අම්පාරට ආව. ඒත් මදි. පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ආව අම්පාරේ බොඩිමක් හොයාගෙන. ඔන්න පටන් ගත්තා රජ ගමන. =D
පළවෙනි බෝඩිම තිබුනේ අම්පාරෙ ගැමුණුපුර. ගොඩක් උදව් කලා විතරක් නෙවේ ගෙදර වගේ ඉන්න පුළුවන් වුනා. ගමේ අය ටික ටික සෙට් වෙද්දී රස්තියාදුවත් ටිකක් වැඩි වුනා. හැබැයි ඉතින් කොණ්ඩේ වවාපු රස්තියාදුකාරයා කැම්පස් කියල දැනගත්තාම හිටි එවුන්ට පිස්සු නොහැදුනා විතරයි. අධ්‍යාපනෙත් කරගෙන එහෙන් මෙහෙන් ගමන් බිමන් යන්නත් පටන් ගත්තා. ගමන් බිමන් ලිපි පෙලේ අම්පාරේ ඇවිදපු බාගයක් විතරම ගියේ මෙතන ඉඳන් නිසා ගොඩක් මතක තැනක්. පුරා ඇවිදින ගමන් බෝඩිමේ අයගේ නෑදෑ වෙන කෙනෙක් හමුබුනා. ඒ ගැරේජ් එකක් කරන අයිය කෙනෙක්. එයා යෝජනා කලා නිවාඩු වෙලාවට ඇවිත් වැඩ පුරුදු වෙන්න කියල. මම අම්පාරේදි හමුවුන හොඳම කාලේ පටන් ගත්තේ නිඩාඩු වෙලාවට එතැනට යන්න පටන් ගැනීමත් එක්ක. එතැනින් හමුවුන තවත් සගයෙක් එක්ක තාරකා විද්‍යා සංගමයක් පටන් අරන් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු තියන්න පටන් ගත්තා. පාසල් වල තියපු කඳවුරු වලින් දැනුම හා පිරිස් අඳුන ගත්තා වගේම සංගමයේ ලේකම් ධූරය එක්ක ටිකක් විතර වැඩ අධික වුනා.
කාලයකට පස්සේ පරිඝණක අළුත් වැඩියා කරන ස්ථානයක වැඩ පටන් ගත්තා. ඒකත් එක්ක බෝඩිමත් මාරු වුනා. අපූරු තැනක් වුන එතනත් මගේම තැනක වගේ තමයි සැලකුවේ සලකන්නේ. ඒ අතරේම ගල්ඔය වේදිකාව කියන සංගමයක් හරහා කලාකරුවන් වෙනුවෙන් තෝතැන්නක් හදන්න මූලික වෙන්න අවස්ථාව ලැබුනා. ඒ හරහා අන්දරේලා වේදිකා නාට්‍ය අම්පාරට ගේන්න කටයුතු කලා. ඒකත් අපූරු අද්දැකීමක් වුනා වගේම ඒ දේවල් කොහොමද වෙන්නේ කියල දැනගත්තා. මාව ඒකට සම්බන්ධ කල අයට පින්දෙන්න වටිනවා ඒ වැඩේට නම්.
ඒ අතරේ අම්පාරේදී විශාල පිරිසක් හඳුන ගත්තා වගේම හැමදාම ජීවත් වුන අම්බලන්ගොඩ තරම්ම මේ අවුරුදු 4ට මට අම්පාර පුරුදු වුනා. නොයෙක් විදිහට උදව් කල අය අපමණයි. දැන් කැම්පස් ඉවර නිසා යන්න යන්නේ. කැම්පස් එකේ පිස්සු නැටුවා, අම්පාර වටේම ඇවිද්දා විතරක් නෙවෙයි අපූරු යාලු මිතුයන් පිරිසක් එකතු කර ගත්තා. එදා ඉඳන් අද වෙනකම් මාත් එක්ක හිටි අය, ඉඳල ගිය අය ගැන බැලුවාම නම් මතක සටහන් අපමණයි. යන්න යද්දී කියන්න බැරි වුන අය නම් අපමණ ඇති. ඒ අයගෙන් සමාව භජනය කරනවා. උදව් කල අයට ගොඩක් පින්.... යන්න යන්නේ ආයෙත් එන්න බලාගෙන. මොකද මට හමුවුන අපූරු පුද්ගලයන් රැසක් ඉන්නවා. ඒ අය දකින්න කතා කරන්න නිඩාඩු තියෙන වෙලාවට අනිවාර්යයෙන් එනවා. මේ කියවන ඔයත් ඒ අයගෙන් කෙනෙක් කියල මට විශ්වාසය්. එහෙනම් ආයුබෝවන් අම්පාරේ අය හැමෝටම.....
No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!