ලංකාවේ අපි ගොඩාක් හිතන්න ඕන දෙයක් තමා මේ කියන්න
හදන්නේ. කාටවත් තේරුම් කරන්නේ නැතුව, මට බනින්නෙත් නැතුව තනියෙන්ම හිතලා බලන්න. මේ
තියෙන්නේ ලංකාවේ කතාබහට ලක්වෙන මාතෘකාවක්. විවිධ පැති වලින් ආවත් අවසානයේ මෙතැනට
එන තරම් මේ මාතෘකාව ප්‍රභලයි. ඒ තමා ලංකාවේ ඉන්න පුංචි ලමයි මොනාද කරන්නේ කියන එක.
අදකාලේ ඉන්න ගොඩාක් පුංචි ලමයි මොනා කරන්නේ
කියන්නේ කියන එක නම් දන්නේ නැහැ විතරක් නෙවෙයි එයාලට එයාලගේ අනාගතය ගැන විශ්වාසය
පවා නැතිවෙලා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේකට තියෙන සාධාරණම විදිහේ කෙටි පිළිතුර
තමා “තරඟකාරීත්වය” කියන එක. මෙන්න පැහැදිලි කිරීමක්.
මුලින්ම ලමයෙක් උපදිද්දීම අම්මල තාත්තල හිතන්නේ
දොස්තර නැත්තම් ඉංජිනේරුවෙක් කරන්න. ඒත් ඒ ළමයාගේ සිතිවිලි තියා ඒ ලමයා ගැහැණුද
පිරිමිද කියලවත් දන්නේ නැහැ. ඊට අනිත් අයට කලින් දැනුම දෙන්න අකුරු කියවල දානව මොන්ටිසෝරියට.
නියමිත වයස එද්දිම බලන්නේ රංඩු වෙලා හරි ජනප්‍රිය පාසලකට දාන හැටි. ඊට පස්සේ ළමයට
කියල පොත් මිටි ගොඩ ගස්සවගෙන පාඩම් කරනවා. අමතර පන්ති යවනවා. නිදහස කියන දේ ගැන
අංශු මාත්‍රයක්වත් නොදැන ලමයි ඉස්කොලේ යනවා. එතැනින් බලාපොරොත්තු වෙන්නේ අම්මල
තාත්තල කියන විදිහට වැඩි ලකුණු අරන් ශිෂ්‍යත්වය පාස් වෙන්න. ඒ වෙනුවෙන් ලමයින්ට “කප්පම්”
දෙන්නත් දෙමවිපියෝ පොරොන්දු වෙනවා.
එතැනින් පටන් ගන්නේ සාමාන්‍ය පෙළ කියන වචනේ.
කොහොම හරි විශිෂ්ඨ සාමාර්ථ බලාපොරොත්තු වෙනවා. ඉතින් ලමයි පොත් මිටි කරපින්ගෙන
ඉස්කෝලේ යනවා, අමතර පන්ති යනවා. ළමයි දන්න එකම දේ මෙච්චරයි. ඒ අතරේ විනෝදය ලෙස
ඇහෙන ඕනම දෙයක් භාරගන්න ළමයි සූදානම්. මොකද සංස්කෘතිය, සදාචාරය කියන වචනය වත් ළමයි
අඳුනන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි කවුරු කියන දේ අහන්නද කියලවත්. ඒකෙන් පස්සේ උසස්
පෙළ. මේ වචන ළමයින්ට ඇහෙද්දී ඒ කඩයිම් වලට යන ළමයි මරන්න ගෙනියන හරක් වගේ තමා
හැසිරෙන්නේ. මේ සියල්ල ඉගෙනගෙන අවසන් වෙද්දී ළමා කාලය අවසන්. දැන් තරුණ කාලය
ගෙවන්නෙක්.
හිතල බලන්න දැන් ඉන්න ලමයි මම මේ කියන දේවල්
දන්නවද කියල. අඩුම ගානේ විඩිහිටියන් වත් දන්නේ නැහැ. ඒ තරම් අපේ දේවල් අපෙන්
ඈත්වෙලා. බටතුවක්කුවක්, පොල්පිති හරකෙක්, පොල්කොල නයෙක්, රෑම්පෙත්තක් වගේ දෙයක්
ගැන අහලවත් තියෙනවාද? නැහැනේ. ඒ විතරක් නොවෙයි අපේ වීරයෙක් ගැන ඇහුවොත් කියන්නේ
ජාතික වීරයෙක් වෙනුවට මොකක් හරි චිත්‍රකතා වීරයෙක් ගැන. අපි දැනන් හිටි
ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, සූර සරදියෙල් විතරක් නොවෙයි හැමෝටම සිනහ
උපද්දවපු චරිත වුන අන්දරේ ගැනවත් දන්නේ නැහැ. සීහලේ අවසන් රජු ගැන... මොනවා ඉගෙන
ගත්තත් මේ අපේ උරුමය, අපේ දේවල් ගැන නොදන්න තරම් ළමයි විනාශ වෙලා. සාක්‍ෂරතාව කියන
මිනුමේ ඉහලට යන්න උත්සාහ කරනවා මිස ඒක කරන්න අපි උගැනගන්නේ මොනාද කියල බලන්නේ
නැහැ. දැන් ඉන්න ලමයින්ගෙන් නිර්මාණශිලීත්වය විතරක් නොවෙයි ගුණ ධර්ම පවා විනාශ කරල
තියෙන්නේ වැඩිහිටියෝ විසින්මයි. ඇයි මේ දේ කලේ කියලයි මට අහන්න තියෙන්නේ. ඇයි ඔයාල
වින්ඳ නිදහස එයාලගේ ළමයින්ට නොදෙන්නේ?
මේ සියල්ල අපි විසින්ම විනාශ කරගෙන අවසානයේ ඒ
ළමයින්ම ලොකුවෙලා තමන්ට සලකන්නේ නැති කොට අහනවා “සමාජයට මොකද
වෙලා තියෙන්නේ” කියල. අපි ඒ දේ අහන්න ඕන මෙහෙමයි “සමාජයට
අපි මොනාද කලේ” කියල. වෙලක දුවල පැනල, සරුංගලයක් හදාගෙන දුවන්න,
නිදහසේ හිතන්න ආස මොනතරම් අය ඉන්නවද? ඒත් ඇයි මේ දේවල් වලට ඉඩ නොදෙන්නේ?
මම පුංචි යෝජනාවක් කරන්නම්. ළමයින්ගේ මනසට වදදෙන
එක නවත්තන්න. පුංචි ලඹයින්ට එයාලගේ විදිහට නිදහසේ හිතන්න දෙන්න. පුංචි කාලෙදි
දෙමාපියන් හෙවත් දෙගුරුන් උගන්වන්න සාමාජයේ ජීවත්වෙන්න, වැඩිහිටියන්ට ගරු කරන්න,
සාරධර්ම කියන දේවල්. එහෙම නැතුව දැන් තියෙන තරඟයට දුවන හැටි නෙවෙයි. ළමා මනස
තෝරගනීවි එයාට ඕන, ආස කරන පැත්ත. ඒ පැත්තට යන්න දෙන්න. ආසාව හා දක්‍ෂතාවය ඉඩ
දෙන්න. එතැන් තීරණය කරාවි විශිෂ්ඨයෙක්. මම දකින විදිහට නම් දැනුම කියන්නේ පොත
පතින් උගත්දේ, ගත්ත උපාධි ගණන නම් නෙවෙයි. අපි ජීවිතයේ එකතු කරගත්ත අත්දැකීම්
සමුදායත් ඒකට වැදගත් වෙනවා. හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ දේ අදම ක්‍රියාත්මක
කරන්න. ආදර්ශය දෙන්න එතැනින්.
හිතලා බලන්න මේ දේවල් ඇත්ත නේද කියල. දාන්න
ඔයාලගෙ අදහස කොමෙන්ටුවක් විදිහට. ආසයි ඒ දේවල් මගේ දැනුමට එකතු කරගන්න.
No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!