Ragging (නවකවදය)

විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරන සියලු පලමු වසර උපාධි අපේක්ෂකයන්ට ලැබෙන අත්දැකීම තමා rag හෙවත් නවකවදය කියල කියන්නේ. නවක වදයට දෙයාකාරයකින් ලක්වෙන්ට පුලුවන්. එකක් ශාරීරිකව ලැබෙන දේ අනික මානසිකව ලැබෙන දේ. මේ දෙකෙන් පිටතට නොපෙනෙන මානසික නවකවදය තමා වඩා භයානක වෙන්නේ. මානසික නවකවදය නිසා පිස්සු හැදුනු ශිෂ්‍යයොත් ඉන්නවා. හැබැයි කලින් පිස්සු තිබුන නම් නවකවදයෙන් හැදුන කියන්නත් බැහැ. කොහොම වුනත් නවකවදය අපට එපා කියල තමා කියන්න ඕන.

ඒත් හැමෝම අහන ප්‍රශ්ණය "නවකවදය අපට ඕනද?" හැමෝම දෙන උත්තරේ තමා "එපා" කියන එක. ඒත් නවකවදය වගේම පෙනෙන තව දෙයක් තියෙනවා. ඒක තමා නව්‍යතාවයට හුරු කිරීම කියන්නේ. දැන් මෙහෙම හිතන්න. යම් තැනකට අලුතින් ගියාම එතැන පරිසරයට හුරු වෙන්ට යම් කාලයක් ගතවෙනවා. ඒත් එතැන ඉන්න පුරුදු වෙච්ච අය අපට උදව් කරනවානම් අපට කෙටි කාලයකින්ම එතැනට පුරුදු වෙන්ට අවස්ථාව ලැබෙනව නේද? ඒ උදව් අපි භාරගන්නවද නැත්තම ඒව එපා කියල පැත්තකට වෙනවද? (අල වෙනවද?) ඔය කරන පුරුදු කිරීම තමා නව්‍යතාවයට හුරු කිරීම කියලා කියන්නේ.

මේක සමහර නෙවි ගොඩක් විහ්ව විද්‍යාල වල සිදුවෙනවා. පලමු වසර සිසුන්ට දෙවන වසර සිසුන් එම විශ්ව විද්‍යාලයේ වැඩ සිදුවන ආකාරය කියා ‍දෙනවා. ඒක මානසික හෝ ශාරීරික වදයක් නෙවි නම් ඒකට නවකවදය කියන්න පුලුවන්ද? නමුත් දෙවන වසර සිසුන් ඒ දේ කියල දෙන මුවාවෙන් නවකවදය දෙන අවස්ථාත් තියෙනවා. ඒකනම් වැරදි වැඩක්. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයත් මේ නවකවදයට අනුබල දෙන අවස්ථාත් තියෙනවා. සමහර පුද්ගලයන් මේ නවකවදය විශ්ව විදයාල පද්ධතියට අවශ්‍යයයි කියල හිතන නිසා මේ නවකවදය නවත්වන්න බැහැ.

තව දෙයක්. මේ නවකවදය හරහා විවිධාකාර පලිගැනීම් සිදුවෙන්නත් පුලුවන්. ඒක වෙන්නේ තමා ජීවත් වුන නගරයේ හෝ ගමේ විශේෂ තැනක් නොලැබුණු, පාසලේදී අන් අයගේ කටයුතු වලින් මානසික පසුබෑම් වලට ලක්වුන පිරිස් විශ්ව විද්‍යාල වලට පැමිණි විට ඒ අයටත් නවක වදය ලැබෙනවා. මේ පිරිස එතැනදි හිතනවා තමන්ගේ සියලු පසුබෑම් වලට හේතුව අනිත් අය කියලා. ඉතින් ඇතිවෙනවා පලි ගැනීමේ චේතනාව. මේ සිතිවිලි හිරකරන් හිටපු අයට දෙවනි වසරට ගියාම එන නවක සිසුන් පෙනෙන්නේ "රෝස් කරපු කුකුල්ලු" වගේ. එහෙම වුනොත් පලමු වසරට දෙයියන්ගේ පිහිට තමා. හොඳට හිතන්න ඊලඟ පරම්පරාවේත් තමා වගේම පසුබෑම් ඇතිවුන අය ඉඳීවි. එතකොට මොකක් වෙයිද? තමන්ට ඇතිවුන දේ එයාලටත් ඇති විය යුතුද? දෙවනි අවුරුද්දට තමන්ගේම සහෝදරයෙක් ආවොත් මොකද කරන්නේ. එදාට නවකවදය නොදී ඉන්නවද? මේක සිදුවිය නොහැක්කක් නෙවේ. සමහර විට සිදුවෙලත් ඇති. නැත්තම් සිදුවෙයි. එදාට කරන දේ වෙන දේ අදම හිතල බලන්න.

නවකවදයේ උදාහරණ පසුවට බලාලපාරොත්තු වන්න.

විලාසිතාව

රෙදි අඩි දෙකක් ඇති ඔබගේ ඇඳුමට
මිනි ගවුමක් කියලා අඳිනව නේද?
තිබුණ කියල වැඩකුත් නැති මේ ඇඳුම
නැතුව ගියානම් මුදලත් ඉතිරියි නේද?

ඇඳුම් කියන්නේ මොනවද දන්නවද?
නොදනී නම් බලන්න මම හරිනේද?
විලි වහගන්ට අඳිනා මේ ඇඳුම් ටික
නොවසන්න නම් කුමකට ගන්නවද?

ලස්සන වෙන්න නිරුවත පෙන්විය යුතුද?
ඔබ සැම කැතයි කවුරුන් හරි කීවාද?
නිරුවත ඔබල හැමදෙනටම එක නේද?
හිතල බලල හොඳ ඇඳුමක් අරගන්න

මම මේ කියන දේ ගැන ඔබේ සිත
කියනව ඇති මේ කියන්නෙ අපි ගැනද?
ඇත්ත ඉතින් හැමදා තිත්තයි නේද?
බැනල යනවනම් හිතන්න ඔබ ගැනම

නම්‍යතාවය

වකයන්ට
දෙන්පොරෙන්
ලාට
රදක්බව
න්නවාද
හලුවනි...!(යකෝ තොප)

පාරිභෝගික දැක්ම

කලින් මම කස්ටො කරන වැරදි කිව්වනේ.. දැන් මම dealersලාගේ සහ sellersලාගේ වැරදි ටිකකුත් කියන්නම්. මේවා කාට කාට වදීද දන්නේ නැහැ. කාට වැදුනත් දැනට මේවා ඇත්ත. මම මේ ලියන්නේ එක වර්ගයක business ගැන විතරයි. ඒත් හැම එකක්ම මේ වගේ තමා කියලනම් sure. මෙන්න ටිකක්. තව ඇති හිතල බලන්න.

මම ලියන්නේ computer field එක ගැන. මුල්ම ගැටලුව තමා hardware parts වල මලකඩ බැ‍ඳෙන එක. මේ ලංකාවේ මුහුද කිට්ටුව ඉන්න අයට ලොකු ගැටලුවක්. ඒත් මොනා කරන්නද? මුහුදු හුලඟ නවත්තන්ට බැහැනේ..! කාමර seal කරන එක තමා කරන්න පුලුවන්. ඒකත් හැමෝටම කරන්න බැහැ. මොකද වියදම දරන්න අමාරැයිනේ. අනික seal කරල සමක ආසන්න රටක ඉන්නේ කොහොමද?  රට ඇතුලෙ ඉන්නවානම් ටිකක් අවස්ථාව තියෙනවා. දුහුවිලි පිහදල හොඳ පිරිසිදුවට පාවිච්චි කරනවානම් මේ මලකඩ කන එක අඩු කරන්න පුලුවන්. දුවිලි තිබුනොත් නම් එක වැස්සක් ඇති දුවිලි වලට වතුර අල්ලන්ට. එතකොට මල බැ‍ඳෙනවා. ඒ වාගේම පරිපථ පිලිස්සෙන්ට පුලුවන්. එහෙම කලත් කාලයක් යද්දි මල බැ‍ඳෙනවා ඒක කොහොම නවත්තන්නද? මේවාට shop වලින් warranty දෙන්නේ නැහැ. (Company වලින් නොදෙන නිසා) ඒක එයාල බේරෙන්ට කරන දෙයක් කියලයි මම හිනන්නේ. තුන්වන පන්තියේ රටක හැම කෙනාගෙම කාමර AC කරන්න බැහැනේ.

මෙන්න තව දෙයක්. හැම seller කෙනෙක්ම try කරන්නේ තමන්ගේ product එක හොඳම කියන්න. ඒත් මතක තියාගන්න ඒක එහෙම නොවන විත්තිය. හැම product එකකම තියෙනවා විශේෂිත පැත්තක් හැම එකකම හොඳ වාගේම නරක issues තියෙනවා. අපි product එක තෝරාගන්ට ඕන අපේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට හා වියදම් කල හැකි මුදලට සරිලන්ට. Brand name එකවත් trade mark වත් වැදගත් නැහැ. මෙන්න උදාහරණ P3 machine එකකට kaspersky 2011 වයිරස් guard එක දාන්ට පුලුවන්ද? හොඳට හිතන්න. 64MB VGA card එකක් තියාගෙන Need for speed carbon edition සෙල්ලම් කරන්ට පුලුවන්ද? හිතන්ට.

තව දෙයක් තේරුම් ගන්ට මෙන්න උදාහරණ. Intel මව්පුවරුව ගැන මොකද හිතන්නේ. මිල ටිකක් වැඩී ඒත් හොඳ brand name එක. කවුරුත් කියනවා හොඳයි කියල. ඒත් warranty දෙන එක කරන්ට ලංකාවේ බැහැ. බොහෝ වෙලාවට ඒක පිටරට ගෙන්වපු company එකට යවල තමා check කරන්නේ. ඉතින් ගත්තු කස්ට ඒක දෙන්න පුලුවන්ද බැරිද කියනකන් මාස 3ක් විතර බලන් ඉන්න ඕන. එහෙම උනාම ඒ කස්ටා‍ පාවිච්චි නොකර මාස 3ට warranty හම්බවෙන්නෙත් නෑ. ඕන්න ලංකාවේ company මොනා කොරන්ටද? මේක තමා පාරිභෝගිකයන්ගේ තත්වය.

University ජීවිතේ මුල් සතිය ......

මමත් university එකකට select වෙලා. ඒ අග්නිදිග විශ්ව විද්‍යාලයය. ඒක තියෙන්නේ ඔලුවිල් වල. හැබැයි මම තේරුණ Physical Science Faculty තියෙන්නේ සමන්තුරේ. නොදන්න අයට ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ.

ගොඩක් මිනිස්සු ගොවිතැන් තමා කරන්නේ. ගොඩක් පහසුකම් නම් නෑ ඒත් විසිරිච්ච නගරේ මූලික දේවල් නම් ගන්න තැන් තියෙනව. මේ දවස් වල අපිට මූලික ඉංග්‍රීසි පාඨමාලාව කරගෙන යනව. ඊට අමතරව තොරතුරු තාක්ෂණය විෂය පටන් අරන්.

දැන් හැමෝම අහයි නවක වදේ නැද්ද කියල. ඒ ගැන නම් කතා කරන එක හරිද මන්ද. ඒත් ඇත්තම කිව්වොත් නවක වදයක් නෑ. අපිට නම් දැනට. ඉස්සරහටත් නැතිවෙයි කියල මම හිතනව. හැබැයි යම් යම් දේවල් තියෙනව අපේ ජේෂ්ඨ අයියල අක්කල අපිට University එක ගැන ඒකේ ඉන්න ඕන කොහොමද කියල කියල දෙන්න කරන. කව්රු හරි කියනවනම් ඒක නවක වදය කියල ඒක වැරදියි. ඒක අපිව ඊලඟ වසර තුන සඳහා කරන සූදානම් කිරීම. මේ දවස් නම් ගත කරන්නේ ඊලඟට මොකද වෙන්නේ කියල හිතාගන්න බැරුව.

මම මේ විශ්ව විද්‍යාල‍යය ආපු එක ගැන සතුටු වෙනවා මොකද ඒකෙන් මට දෙමළයි ඉංශ්‍රීසියි ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙන නිසා. ඒ වගෙම ඒකේ අනිත් විශ්ව විද්‍යාල වල වගේ උද්ගෝෂණවත් දේශපාලනයවත් නෑ ඒ ගැන මම සතුටු වෙනවා. මොකද අනිත් විශ්ව විද්‍යාල හැමදාම වහලනේ. අන්තරේ වත් මේක ඇතුලේ නෑ ඒක ගේන්න දෙන්නත් එපා කියල මම ප්‍රාර්ථනා කරනව. ඉගෙන ගන්න යන එවුන් රංඩු වෙවී ඉන්න ඕන නෑ කියල මම හිතනව. 

මගේ යාලුවො ඒ කියන්නේ මගේ බැචෝ ටික රටේ විවිධ තැන් වලින් ආපු අය. ඒනිසා රටේ විවිධ පැති වල සංස්කෘතිය මට ඉගෙන ගන්න හම්බ වේවි. දැනටම මට දෙමළයි සිංහලයි මුස්ලිම් යාලුවොයි ගොඩක් අඳුන ගන්න හම්බ වුනා. තවත් අඳුනගන්න හම්බ වේවි කියල මම හිතනවා.